විහඟ පියාපත්

පරිසර නිළධාරියා ලෙස මාපලාන කෘෂිකර්ම පීඨයේ උපාධි ලාභී විදෙස් සමාගමක සිව් වසරක් පරිසර නිළධාරියෙකු ලෙස සේවය කර තිබූ අයෙකු ශයිනි දෙවන සම්මුඛ පරීක්ෂණ වටයෙන් තෝරාගත්තේ එදිනම සවසය.  පත්වීම ස්ථිර කරන්නට මත්තෙන් ඔහුට අවසාන සම්මුඛ පරීක්ෂණ යැයි දන්වා පසුදින හෝටලයට පැමිණෙන්නට ශයිනි දැනුම් දුන්නාය. අර්ධකාලීන රැකියාවක් ලෙස නොව පූර්ණ කාලීනව රැකියාවේ...
පරිසර නිළධාරියා ලෙස මාපලාන කෘෂිකර්ම පීඨයේ උපාධි ලාභී විදෙස් සමාගමක සිව් වසරක් පරිසර නිළධාරියෙකු ලෙස සේවය කර තිබූ අයෙකු ශයිනි දෙවන සම්මුඛ පරීක්ෂණ වටයෙන් තෝරාගත්තේ එදිනම සවසය.  පත්වීම ස්ථිර කරන්නට මත්තෙන් ඔහුට අවසාන සම්මුඛ පරීක්ෂණ යැයි දන්වා පසුදින හෝටලයට පැමිණෙන්නට ශයිනි දැනුම් දුන්නාය. අර්ධකාලීන රැකියාවක් ලෙස නොව පූර්ණ කාලීනව රැකියාවේ...
අකලංක සඳුදා සවස පෙරළා එන්නට සූදානම් වනතුරුම ශයිනි අමයුරු ගේ ගිණුමට පිළිතුරු එවා තිබුනේ නැත. අකලංක ඉන් පසුව ඇයට පණිවිඩ යොමු කලේ නැතිවා වුවද, පැයකට කිහිප වතාවක් වන සේ මැසෙන්ජරය ට එබුණේය. ඇය කුමක් හෝ කලබල තීරණයක සිටිනවාදැයි යන තිගැස්ම විටින් විට අකලංකට වද දුන්නේය.  තමා දන්නා කාරණා සියල්ල පිළිබඳව...
"එහෙමද ? දැන් ඒකටත් මමද වැරදි .. මම පත්තරකාරයාව මේකට ගාවගත්ත එකද වැරදි ? අහ්.. එතකොට අර ගමේ මිනිස්සු මෙතන මැරෙන්න හැදුවේ පත්තරකාරයාව මේකට ගාවගත්ත නිසාද ? .. ඈ ? එහෙමද කියන්නේ ?" ශයිනි උන්නේ අමයුරු දිසානායක මෙයට ඈඳාගෙන චරිත් නටන්නට යන නාඩගම ගැන තවත් කෝපයට පත්වෙමිනි. අමයුරු නන්නාඳුනන්නා වුවද,...
ශයිනි කැඳවාගත්තේ නඩත්තු අංශයේ කිහිප දෙනෙකි. සවස පහද පසුවී ඇත. තිළිණි සහ චරිත් දෙදෙනාම හෝටලය තුල නොවන බව දන්න නිසා ඇය යළි ඔවුන් සම්බන්ධ කරගන්නට උත්සාහ කලේද නැත. ඇය අලුත ඉදි කෙරූ පොරුව සකස් කිරීම සඳහා වන ආකෘතිය ඉවත් කරන මෙන් නඩත්තු අංශයේ කිහිප දෙනාට පැවසූවාය. සාදා නිම කිරීමෙන් වැඩි...
අකලංක ගමේ මිතුරන් හමුවෙන්නට පසුදිනයම වෙන් කලේය. සවස නේත්‍ර පරිශ්ඨාන උත්සවය වෙනුවෙන් පන්සල් යා යුතු බව සිහිපත් කරමි ඇමතුම් ලබාදුන්,  අම්මාගේ නෝක්කාඩු මැද වුවද ඔවුන් මඟ නොහැර මුණ ගැසී එන විට සවස හතරටද කිට්ටුය. ප්‍රබාත් උන්නේ ලිපියක් සංස්කරණය කරමින් නිසා ඔහු අකලංක හා පිටව ගියේ නැත. අකලංක පැමිණි  පිම්මේම,...
අමයුරු සමුදීමෙන් පසු, ශයිනි තිළිණිට ඇමතුමක් ගනිද්දී ඕ උන්නේ නින්දේය. ඒ වගක්  ශයිනිට සිහිපත් වූයේ නැත. රාත්‍රී එකොළහ පසුවී තවත් විනාඩි පහලොවක්ම ගෙවී ගොසිනි. තිළිණි ඇමතුමට පිළිතුරු දුන් හඬින්වත් ශයිනිට ඈ සිටින්නේ නින්දේ වග දැනුනේ නැත. එතරමටම උන්මාදනීය හැඟීමක් ඇය වසාගෙනය. "මට බඩගිණි තිල්... රයිස් එකක් ...?" තිළිණි ඇඳේ කෙලින් වී...
අම්මා ට අකලංක දැකීමම නිවන් ගියා හා සම විය. ඕ අකලංක මාතලේ පහු කලයැයි කී මොහොතේ පටන් වූයේ දොරකඩටවීගෙනය. "මේක හරි කෝලමක්නේ... දවස් හතේම පුලුල් තිරයේ බලනවා. මේ මඟ බලන්නේ ගාසා තීරේ ඉඳන් එන සෝල්ජර් කෙනෙක් පිළිගන්න ගානටනේ...." අකලංක ගේ මල්ලී තාත්තා සමඟ එක්ව අම්මාට ඇණුම්පද කොයමින් උන්නේය. එහෙත් ඇය ඒ...
අකලංක ශයිනිගේ පිළිතුර පිළිබඳව ඉතා උනන්දුවෙන් බලා උන්නේය. ප්‍රබාත් නිහඬවම මෝටර් රිය ධාවනය කරන්නේය.  "මේ නගරය මා ඔබ මුණ ගැසුණ නගරයයි............." වාදනය වන ගීතය අකලංක ගේ මුවඟට මදහසක් ගෙන ආවේය. ඇය තවම කිසිත් පවසන්නේ නැත. "එතකොට ? කවදාවත් මම දැනගන්නේ  නැද්ද ?" පිළිතුරු ආවේය. අකලංක එය නැවත කියෙව්වේය.  සැබැවින්ම ඇය එය දැනගන්නෙවෙ නැතිද...
ප්‍රබාත් සමඟ ඇමතුම නිමවී අකලංක අම්මාටද කතා කලේය. ගමේ විත් යන්නයැයි අම්මා පවසන්නේ පන්සලේ නේත්‍ර පරිශ්ඨාන පිංකමට තමාද කැටුව යන ආශාවෙන් බව අකලංක දනී. ඒ නිසා එළැඹෙන සති අන්තයත් සඳුදා දිනයත් විවේක වන සේ වෙන් කරවා ගත යුතුය.  සෙනසුරාදා උදේ ගාල්ලේ සිට නවාතැනට ගොස් අම්මල වෙනුවෙන් මින් පෙර වරින් වර...