Tag: නිලැසි

Nilasi novel by Nibandhika Wanninayake
"කවුද අර ඔය එක්ක ෆේස්බුක් ලයිව් ආපු ගෑනු ළමයා.." නිලැසි එරන්දගෙන් විමසුවේ පසුදා උදෑසන ය.මධ්‍යම රාත්‍රියේ ඔහු ඒ නොදන්නා තරුණිය සමඟ බොහෝ වෙලාවක් ගී ගැයුවේ ය.නිලැසි ද එය දුටුවේ අහම්බයකිනි. "යාළුවෙක්..අපි මියුසික් ප්‍රැක්ටිස් කරා." නමුත් නිලැසිට ඒ වචන පිළිගන්නා සිතක් නොතිබිණ.ඇය සැකයෙන් පීඩිත වූවා ය. "ඒ රෑ..කට්ටිය කමෙන්ට් කරේ ඒ ඔයාගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්...
Nilasi novel by Nibandhika Wanninayake
ආකාස පියස්ස මතට සඳ එළිය ඇද හැලෙමින් තිබිණ.නිලැසි ඒ මත හිඳගෙන සඳ එළිය උරා බොමින් සිටියා ය.අම්මාගේ පොකුණේ කුමුදු මල් සඳ එළියේ නැහැවෙමිනි.ඒ ප්‍රේමණීය සුයාමයන් ඇයට එරන්දගේ කෙළවරක් නැති හාදු සුහි කරන තරම් ය.එරන්දට අමතන්නට මෙතැන හොඳම තැන බව ඈ සිතුවා ය.විදෙස් සංගීත ප්‍රසංගයකට සහභාගී වන්නට ගිය තාත්තා නැති...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි හැඟීම් වර්ණවල තවරමින් සිතුවම් ඇන්දා ය.තමන්ගේ සහෝදරයා එරන්දව පාවිච්චි කරන්නට උත්සාහ කළ බව සිතමින් ඈ කිපෙන්නට ගත්තා ය.සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට බලා හිඳින එහෙත් මාවත විවර නොවූ තරුණයෙකුට උදව් කරන්නට ගොස් අසා ගත් කතාව නිසා නිම්න සිටියේ ද කෝපයෙනි. "අක්කා මල විකාර හිතුවට කමක් නෑ.මං ඒ කොල්ලට කතා කරනවා.." ඔහු රශ්මි...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාට අපේ නංගි එක්ක ඩුවට් එකක් කරන්න කතා කරන්න යන්නෙ.." නිම්නගෙන් ලද ආරංචිය පවසන්නට නිලැසි වහා එරන්දව ඇමතුවා ය.සතුටු වීම හෝ ස්තූති කිරීම වෙනුවට දුරකථනයෙන් ඇසුණේ උස් සිනා හඬකි. "විහිළු නෙවෙයි මෝඩයෝ..ඇත්තටම.ඔයා ගැන අපේ නිම්න හරියට පැහැදිලා ඉන්නේ.ලස්සන හඬක් තියන ලස්සන කොල්ලෙක් කියලා.." නිලැසි වඩා සුරතල් හඬකින් පවසන විට පවා සිනාව ගලා...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි දින කිහිපයකට අවශ්‍ය බඩු බාහිරාදිය රැගෙන මහ ගෙදරට කඩා පාත් වූවා ය.ඒ බත ඉදෙන මට්ටමේ ගැටළුවක් හන්දා විය යුතු බව සිතූ රසාදරී මහත්මිය ඈ විමසන්නට නොගියා ය.දිගැසි ද නිම්න සහ රශ්මි යුවල ද නිවසේ නැත.කොහොමටත් ඉතා සහෝදර බැම්මකින් බැඳී සිටින ඔවුන් ද මෙවැනි මොහොතක නිලැසි පාරවන්නේ නැති බව...
Nilasi novel by Nibandhika Wanninayake
"මේ කොල්ලා හොඳ ටැලන්ට් එකක් තියන කොල්ලෙක් නේද?" නිම්න එසේ විමසුවේ ඔහුගේ කටයුතු වලට බාධා නොකර ඔහු වෙත සිසිල් බීමක් රැගෙන ආ රශ්මිගෙනි.නිම්න සමහර කාරණා ඔහුගේම ක්‍රමයකට ගැටුම් රහිතව විසඳන බව දන්නා රශ්ම් කැළඹී ගියා ය. එහි හුන්නේ එරන්ද ය! "මේ අර යූ ටියුබ් එකේ ෆේමස් බෝයි නේද? ඔයා අදද දැක්කේ?" ඇය...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි රශ්මිගේ ඇමතුම අවසන් වූ පසු හුන් තැනම ගුලි වී කල්පනාවට වැටුණා ය.දැන් ඉතා ඉක්මනින් පිටත් වී කොළඹ යා යුතු බව ඇගේ බුද්ධිය ඇයට තර්ජනාත්මක ස්වරයකින් පැවසී ය.නමුත් හදවත පවසන්නේ වෙනම කතාන්දරයකි. "ඇයි ඔයා මේ බයේ දුවන්නේ?මොකටද ඔයා කාටවත් බය වෙන්නේ?" හදවතට ඉඩ දෙන්නට සිතන මොහොතේම දුරකථනය නාද විය.ඒ තිසරු ය.අතිශය...
Nilasi novel by Nibandhika Wanninayake
"අක්කි,ඔයා ඉන්නේ කොහෙද?" රශ්මි නැවතත් අසයි.ඇගේ පැටලෙන හඬ ද කලබලකාරී ස්වරය ද නිලැසිව සොලවන්නට සමත් විය.අම්මා ප්‍රකෝප වී රස්තියාදුකාර ලොකු කෙල්ලට ලේලිය සමඟ බැන වදිනවා විය හැකි බව නිලැසිට සිතිණ.රශ්මි ලේලියකගේ වෙස් ගෙන ඒ කතාවලට හූමිටි නොතබන්නේ නම් යහපත් ය.නමුත් ඈ එසේ නොවේ.නිම්නගේ බිරිඳ වන්නට පෙර සිට රශ්මිට රසාදරීගේ සිත...
Nilasi novel by Nibandhika Wanninayake
වැසි ඇද හැලෙයි.සීතල කඳුකරය මත හිම වැටී ඇතිදැයි සැක හිතෙන තරමේ සීතලකින් වැසි ඇද හැලෙයි.නිලැසි නිල් නෙතු විහිදා කඳුකරය දෙස බොහෝ වෙලා බලා හුන්නා ය.මේ මහ වැස්සේ කොළඹ ඉන්නට සිදු වූවානම් සිතෙද්දී පවා ඇගේ සිත අපුලකින් පිරී යයි.ජරාජීර්ණ කාණු උතුරමින් වැසි ජලය ගලා යන අන්දම සිහි වෙද්දී ඈ ගත...