Tag: මා හද මට නැති විට
"කොහොමත් උඹලගෙ ඔෆිස් එකට යන එන වෙලාවට මටනම් තේරුණු දෙයක් තියනව. අනුත්තරා ඉන්නෙ උඹ ගැන කැමැත්තෙන්. උඹ එකපාරටම එයාගෙ යාලුවගෙ ගෙදර ගාව පදිංචියට ගිහින් ඒ ළමයා ගැන උනන්දු වෙනවට අනුත්තරා කැමති නෑ."
පසන්ගේ ඒ කතාව ගැන තේජට ආවේ අමනාපයකි. ඔහු කාර්යාලයේ ළඟින්ම ඇසුරු කරන ගැහැනු ළමයා අනුත්තරා ය. අනුත්තරාට ගැහැනු...
"මං ලීව් එකක් දැම්මා තේජ. මේ ඩොකියුමන්ට්ස් බලලා තියන්න."
අනුත්තරා තේජ වෙත ආවේ එසේ කියාගෙන ය. තේජ බැලුවේ අනුත්තරාගේ මුහුණ දෙස ය. ඇය කලබලයෙන් නොවේ. නමුත් හදිසි ගමනක් යන්නට ඕනෑ හැඩයකි.
"ගමේ යන්නද?"
කොළඹ සිට කෑගල්ලට යන්නට තරමක වෙලා ගත වන හන්දා දැනටමත් රෑ බෝ වැඩිදැයි සිතමින් තේජ පැවසී ය. නමුත් අනුත්තරාට...
ලාවන්‍යාගේ දික්කසාද තීන්දුව ලැබිණ. වන්දි මුදල ද නිවස ද ලැබී නිදහසේ තීන්දුව අසන්නට ලැබිණ ද ඇය සිටියේ වෙනත් ලොවක ය. සතුටු විය යුතු ද දුක් විය යුතු ද නොදන්නා මොහොත තනිකරම හිස් මොහොතක් බව ඇයට දැනෙමින් තිබිණ. මීට වසර තුනකට ඉහත දවසක පෝරුවට නගිද්දී පවා සිටියේ එවැනිම මොහොතක් පසු...
ලාවන්‍යා නිවසට එද්දී මිතුරියන් සිටියේ ඇගේ නිවස බදු ගෙන ය. පාරමී හොඳ ළමයෙකි. ඇය අම්මාට උයන්නට උදව් දෙමින් සිටියා ය. සෙනුරිට ප්‍රේමවන්තයා සමඟ දුරකථන සංවාදයක යෙදී කතා කරන්නට දේ තිබේ. අනුත්තරා සිටියේ මුළුතැන්ගෙයි පුටුවක හරිබරි ගැසී කියවමිනි
"පොඩි අක්කා නම් කියනව නඩුව ඉවර වෙච්ච ගමන්ම චූටිව එහෙ එවන්න කියලා පුතේ....
"ඒ මොකක්ද ඒ වුණේ?"
පාරමී අහන්නේ පුදුමයෙනි. උදව්වට ආ "ඉස්සරහ ගෙදර දේව දූතයා" ගැන ලාවන්‍යා පැවසුවේ ඊයේ ය. අද අනුත්තරා ඔහුගේ වාහනයෙන් පැමිණේ.
"යාලුවන්ගෙ ලව් කඩලා විනාස කරන ජරා පුරුදු මට නෑ කියලා දන්නවනෙ. මං කොල්ලෙක් අල්ලා ගන්නෙ ඌ තනිකඩනම්."
අනුත්තරාට දේවල් පැහැදිලි කරන්නට හදිසියක් නොමැත. ඇය ඒ වෙනුවට සෙනුරිට කඩා පනින්නට...
"එයාගේ වොයිස් එකනම් මාර ලස්සනයි"
තේජ කියන්නේ අවංක හඬකිනි. පැහැදිලි හඬ සහ හැඟීම් ප්රකාශනය ගුවන් විදුලි නිවේදිකාවකට අත්‍යවශ්‍ය බව ඔහුට සිතේ. ෆේස්බුක් විහිළු පිටුවකින් හොයා ගන්නා ග්‍රාම්‍ය විහිළුවක් කරමින් ලතෝනි සිනා නඟන නිවේදිකාවන් හන්දා ඔහු ලංකාවේ ගුවන් විදුලි නාලිකා අහන්නේම නැත.
"ලාවි ටීවී ප්‍රෝග්‍රෑම් කීපෙකුත් කරනවා. එකක් කාන්තා වැඩසටහනක්. අනික සාහිත්‍ය...
තේජ කාර්යාලයේ ගෙවා දැමුවේ නොසන්සුන් හෝරා කිහිපයකි. රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස පවත්වාගෙන යන ආයතනයේ ඔහු වගකිය යුතු නිලයක් හෙබවී ය. ඔහුට තිබූ රාජකාරි හන්දාම මේ දවස් බාගයක නිවාඩුව පවා සැබෑ පාඩුවකි. නමුත් ඔහුට වැඩ කරන්නට ද සිතක් නැත.
"මිනිස්සුන්ට කෙලින් කතා කරන්න ඕන කියන උඹද මේ වටින් ගොඩින් ඒ කෙල්ලගෙ...
දෛවය ඇතැම් දේ සිදු කරන්නේ සිතා මතා ය. සමහර දේ ඉතා අහම්බයන් ය. ලාවන්‍යා ඇඳ පැළඳගෙන පිටතට එද්දී තේජගේ රිය ගේට්ටුවෙන් පිටතට පැමිණියේ ය. ලාවන්‍යා මිතුරියට ඔහුව පෙන්වූයේ දෑසිනි. සෙනුරි වඩාත් උනන්දුවකින් බලා සිටියා ය. කොලුවෙකු දෙස බැලීම පහසු ය. ඔහුට සර්වසම්පූර්ණ ලෙස මතක තබාගෙන පාරමීටත් අනුත්තරාටත් විස්තර කිරීම...
සෙනුරි බෙල්ල දිගු කරමින් සොයන්නේ මොනවාදැයි ලාවණ්‍යා හොඳින් දනියි. ඇය පිටුපසින් විත් සෙනුරිට තට්ටුවක් දැමූයේ ඒ හන්දා ය.
"මොනවද මැඩම් හොයන්නේ?"
සෙනුරි උස් හඬින් හිනැහේ. මේ සිනාවට ඉන්ද්‍රා ආන්ටි පවා තාප්පයෙන් එබෙන්නට ඉඩ ඇතැයි ලාවණ්‍යා සිතී ය. ඉන්ද්‍රා ආන්ටි කියන්නේ මව්වත් ගුණ පිරුණු අසල්වැසි ගැහැනියක බව ඇත්තකි. නමුත් ඇය අතීතය හෝදමින්...
"අනෝජාගේ භාරකාරයෝ කවුද?"
කඩා බිඳගෙන නැගිටගත් ලාවණ්‍යාට සහයට මෙන් ඉන්ද්‍රා ද නැගිට ගත්තා ය. තේජනම් බලා සිටියේ ගැහෙන හදකිනි. මේ හොඳ ආරංචි ඇහෙන කාලයක් නොවේ.
"මං එයාගේ දුව"
ලාවණ්යාගේ හඬ අසීරු මොහොතක පවා මිහිරි බව තේජට හදිසියේ සිතිණ. අම්මාට කොහොමදැයි ඇය ඇසුවේ ගැහෙමිනි. එහෙත් ඇගේ හඬ ගැඹුරු මිහිරක් ඇති හඬක් බව ඔහුගේ...