Tag: අහිමි සිහින
දෛවය අපේ ඉරණම කොයි ආකාරයට විසඳාවිදැයි නොදැන සිටියත් මම සුධාරක වෙනුවෙන් ඒ කාලයේ නිරන්තරයෙන්ම කැප වුණා.කතා කරන්නට නොහැකි වුණත්,මගේ අතින් වතුර උගුරක් හෝ බොන්නට නොහැකි වුණත් මා එතැන හිඳින බව ඔහුට හැඟෙන බව මට සිතුණා.
"මම රටට ලොකු වීරයෙක්.මහා වගකීමක් තියෙන රස්සාවක් කරන මිනිහෙක්.මට මහා ආරක්ෂාවක් දැනෙන්නේ ඔයා මගේ ළඟ...
මම මේ කතාව තුළ සහමුලින්ම විවෘතව ඔබට පෙන්වන්නේ මගේ චරිතය පමණයි.සුධාරක සම්බන්ධයෙන් ද ඔහුගේ පෞද්ගලිකත්වය සුරකිමින් බොහෝ දේ මම ඔබට කියනවා.නමුත් මම අනෙක් අය ගැන කතා කළේ ඉතාමත් අඩුවෙන්.ඒ මගේ පාර්ශවයෙන් වගේම ඔවුන්ගේ පාර්ශවයෙන් ද කතාවක් තිබිය හැකි නිසා.නමුත්, ඔබේ සමහර ප්‍රතිචාර කියවාගෙන යද්දී මට එක් දෙයක් වැටහෙනවා.මා විනිශ්චයට...
දරුවෙකු අසනීප වීම මවකට ලෝකයේ ඇති දරුණුතම වේදනාව වන බව කවුරුත් දන්නා දෙයක්.නමුත් මේ අසීරු මොහොතේ පවා සුදාරකගේ අම්මා සිටියේ ඉතා සාමාන්‍ය ලෙසටයි.බට ගසා යන්ත්‍රවලට සම්බන්ධ කර තිබූ පුතු දුටු මොහොතේ වත් ඇගේ ඇසින් කඳුළු බිංදුවක් වත් වැටුණේ නැහැ.මම අවසාන පිහිට යදිමින් රුවන්වැලි සෑය වටා සක්මන් කරද්දී ඇය එක්...
සියල්ල එසේ සිදුවෙමින් පවතිද්දී මට එක් දෙයක් උවමනා වුණා .ඒ සුදාරක වෙනුවෙන් රුවන්වැලි මහා සෑ රදුන්ට බාරයක් වීමට.උදෑසනම අවදි වී නිරාහාර ව ම මම ඒ වෙනුවෙන් ගියේ සුදාරක වෙනුවෙන් සත්‍ය ක්‍රියා කර ඔහුගේ සුවය පැතීමටයි.මා වෙනුවෙන් ඒ ගමනට සුදාරකගේ අම්මා සහ නංගි ද එක් වුණා.
"පහේ කාසියක් ගන්න.ඒ කාසිය දෙහි...
සුධාරකගේ තත්වය යහපත් වන තුරුම කල් බලන්නටත් ඔහුට සම්බන්ධ කර ඇති යන්ත්‍ර නොගලවන්නටත් මට වෛද්‍ය කණ්ඩායම අවසානයේ දී පොරොන්දු වුණා .
"මේ රට ජාතිය වෙනුවෙන් බොහෝම විශාල මෙහෙවරක් කරපු විශිෂ්ට රණවිරුවෙක් බව අපි දන්නව.ඔහුගේ එඩිතරකම ගැනත් රට වෙනුවෙන් කරපු දේවල් ගැන අපි අහල තියෙනවා.මේ විදියෙන් හෝ හදවත ක්‍රියා කරන තුරුම...
එසේම මට තිබූ විශාල ම බියක් වූයේ සුධාරකව සම්බන්ධ කර තිබූ යන්ත්‍ර ගලවා දැමීම කිනම් මොහොතකදී සිදුවේදැයි යන්නයි. බේරාගත නොහැකි බව වෛද්‍ය කණ්ඩායම් වලට වැටහුණහොත් අවස්ථාව වෙනත් අයකුට ලබාදීම සඳහා යන්ත්‍ර ගලවා දමන බව මා දැන සිටියා.නමුත් යන්ත්‍රයකින් හෝ සුදාරක ජීවත් විය යුතු බව මම තරයේ ම සිතමින් සිටියා
"ඩොක්ට,සුධාරකගේ...
සුධාරක දකින්න අනුරාධපුරය රෝහලට ගියේ මමත් ඔහුගේ නැගනියත් , මස්සිනාත් බව මම පැවසූ හැටි ඔබට මතක ඇති.අපි එදා හවස් වන තුරුම රෝහලේ රැඳී සිටියා.එතැන සිටි සෑම කෙනෙකුම,වෛද්‍ය කාර්යමණ්ඩලයේ හැමකෙනෙක්ම මාව හඳුනා ගත්තේ ඔහුගේ බිරිඳ ලෙසට.ඒවා නිවැරදි කරමින් සැබෑ තත්වය පැවසීමේ උවමනාවක් හෝ හැකියාවක් ඒ මොහොතේ මට තිබුණේ ද නැහැ....
සුධාරක මන්නාරම් රෝහලට ගෙන ගිය මොහොතේ ඒ වෙනුවෙන්ම ඇප කැපවුණු ඔහුගේ කාර්ය මණ්ඩලය සිහිපත් කළ යුතු ම බව මට සිතුණා.කෙනෙකුගේ ජීවිතය අවසන් වෙමින් පවතින මොහොතක දී කලබල නොවී එහෙත් ඉක්මන්ව කළ කළ යුතු දේ කරන්නට හැම කෙනෙකුටම බැහැ.රැකියාවෙන් ලද පරිචය නිසා ඒ තරුණයන්ට එවැනි මොහොතක ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වන්නට...
මට ඔබට කියන්නට මඟ හැරුණු කාරණාවක් තිබෙනවා.ඒ සුධාරක දකින්නට අපි ගියේ අනුරාධපුර රෝහලට බවයි.ඒ කාරණාව ගැන විශේෂයෙන් ලියන්නට අමතක වූ නිසා මම අද එය මුලින්ම ඔබට සිහිපත් කරන්නට සිතුවා.ඔහු මන්නාරම රෝහලින් අනුරාධපුර වෙත මාරු කර එවා තිබූ අතර අපට කොළඹ සිට යා යුතුව තිබුණේ අනුරාධපුරයටයි.නමුත් උදෑසන තේ බී හීන්...
මම එදා උදෑසනම සුධාරකගේ මහ ගෙදරට ගියේ ඔහුව ඉක්මනින් දකින්නට යන්නට සිතමින්.ජීවිතේ දිගුම රෑ ගෙවා දැමූ මම උදෑසනම එහි ගියේ වහාම සුදාරක දකින්නට යන්නට සිතමින්.නමුත් ඔවුන්ට එසේ ඉක්මනින් ඔහු වෙත යන්නට උවමනාවක් තිබුණේ නෑ.සුදාරකගේ සමීපතමයන් මට කතා කරමින් ඔහුගේ තත්ත්වය මට දන්වමින් සිටියා.
නමුත් රෝහල් කාර්ය මණ්ඩලය සහ එතැන රැඳී...