Tag: නිලැසි

Nilasi novel by Nibandhika Wanninayake
ප්‍රේමයට සීමාවක් නැතැයි එය සීමා කර ගත යුතු හැඟීමක් නොවේයැයි නිලැසිට පැවසූයේ ද එරන්ද ය.ඔහු බොහෝ තරුණියන් හා ප්‍රේමයෙන් වෙළෙන වගට ඇයට දිනක් තිසරු ඉතා ආදරයෙන් පැහැදිලි කර දුන්නේ ය.නමුත් ඔහුගේ පරම පිවිතුරු ආදරය තමන්ට ම පමණක් බව සිතන්නට පුරුදු වී හුන් නිලැසි එරන්ද ගැන මඳක්වත් සැක නොකළා ය.ඒ...
Nilasi novel by Nibandhika Wanninayake
දික්කසාද නඩුව අවසන් විය.නිලැසිට අවසන් තීන්දුව ලැබුණු මොහොතේ දැනුණේ තමන් විශාල සටනක් පරාජය වූ වගකි.තිසරුගෙන් අවසන් මොහොතේ හෝ සමාව ඉල්ලන්නට පැකිළුන ද නිලැසි සිටියේ පසුතැවෙමින් ය. නමුත් ඒ ආදරණීය සැමියෙකු අහිමි වීමේ ශෝකය නොවේ.තිසරු මොරගොඩ ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු බවට පත්වෙමින් හුන් තරුණයෙකි.ඔහු සතු ධනස්කන්ධය ද ඒ සියලු ව්‍යාපාර වල...
Nilasi novel by Nibandhika Wanninayake
"මම ඔයාගෙන් මෙහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ ලොකු…" නිලැසිගේ දික්කසාද නඩුව සම්බන්ධයෙන් දැන ගත් දා රාජේන්ද්‍ර ඇයට ඇමතූයේ සැර පරුෂ හඬකින් ය.ආදරය සම්බන්ධයෙන් බොහෝ නිදහස් අදහස් ඇති බව සිතා හුන් තාත්තා ඉතා සාම්ප්‍රදායික මිනිසකු ලෙස තමන් ඇමතීම ගැන නිලැසි පුදුමයෙන් නෙත් අයා ගත්තා ය. "මම ඒ මනුස්සයා එක්ක ඉන්න කැමති නෑ." හිතුවක්කාර...
Nilasi novel by Nibandhika Wanninayake
"ඩිවෝස් නඩුව යකාට ගියාවේ..ඔයා ඔයාගෙ වැඩ පටන් ගන්න.." නිලැසිගේ මානසිකත්වය බිංදුවටම වැටෙද්දී මානවී ඇයට සිහි කළා ය.නමුත් නිලැසි සිටියේ අනාගතය ගැන නිශ්චිත අරමුණකින් තොරව ය.කළ හැකි දේ සිතමින් දෑස් නිතරම තෙතට හරවා ගනිමිනි. "තිසරු අයියගෙ අනුකම්පාව නම් බලාපොරොත්තු වෙන්න එපා අක්කේ.." දිගැසි එසේ පැවසුවේ නිලැසි දෙස තවදුරටත් ළතෙත්ව බලන්නට අපොහොසත්ව ය.තිසරුගේ යම්...
Nilasi novel by Nibandhika Wanninayake
"මම පරදින්නෙ නෑ.." නිලැසි කෝපයෙන් එසේ සිතන්නට වූවා ය.තිසරුගේ අනුකම්පාව ලබා ගැනීම දැන් සිහිනයකි.ඔහු දික්කසාදය ලබා නොදී හිඳින්නේ නැත.නමුත් එරන්ද එසේ අත්හැර ගැනීම ගැනීම ඇයට කිසිසේත්ම කළ හැකි නොවේ. "ඔයා යථාර්ථය පිළිගන්න වෙනවා ලොකු බබා.එයා කැමති මැරි නොකර ඉන්න නම් ඔයා ඒකට එකඟ වෙන්න.." මානවී ඇගේ ජීවිතය ඇසුරෙන් නිලැසිට ආදර්ශ ලබා දුන්නා...
Nilasi novel by Nibandhika Wanninayake
"ඇයි ඔයා ඩිවෝස් එකට අකමැති?" කිසිත් නොකියා යහනේ පෙරළී හුන් අක්කාගෙන් දිගැසි ඇසුවේ ඉවසිලිවන්ත ස්වරයකිනි.රශ්මිට පුතෙකු ලැබුණේ පෙරදා රාත්‍රියේ ය.රසාදරී රෝහලට වී රශ්මි අසලම හිඳින්නේ දරුවන් වෙනුවෙන් උපන්නාටත් වැඩි ආදරයක් මුණුබුරන් වෙනුවෙන් උපදින බව හදවතේ ගැඹුරුම තැනකින් ඇයට රහස් මිමිණෙන නිසා ය.මිතුරියන්ගේ නිවෙස් ද එරන්දගේ නිවසේ ද කල් ගත කරමින්...
Nilasi novel by Nibandhika Wanninayake
විශාල කටයුත්තක් ගැන කාර්යබහුල වී සිටි තිසරු විස්මයට පත් වුනේ අවසර ගැනීමකින් තොරව තම කාර්යාල කාමරයට කඩාපාත් වූ නිලැසි නිසා ය.කිසිම චකිතයකින් තොරව මිතුරෙකු ට වඩා වැඩි පුද්ගලයකු ලෙස සමාජයට පෙනෙන ලෙස එරන්ද සමඟ සමඟ ඡායාරූප සමාජජාලාවල උඩුගත කිරීමට පෙලඹී සිටින නිලැසි නිසා තිසරුගේ සේවකයන් ඇය ගැන විවිධ ඕපාදූප...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයා දැන් ගෙදර යන්න බබී.අපි බලමුකො කරන්න දෙයක්.." නිලැසි රතිඤ්ඤා කරල් පිපිරෙන වේගයෙන් තිසරුට බැන වදිමින් සිටියදී එරන්ද ප්‍රවේසම් හඬකින් පැවසුවා ය.නිලැසි ඔහු දෙස බැලුවේ විමසුම් දෑසකිනි. "කොහෙ යන්නද?" ඈ අසන්නේ කුතුහලයෙනි.සිතට ආ සැකය ක්‍රියාත්මක වන්නට එන වග දැනී තිසරු කලබල වූයේ ය.ඔහු එළිමහන් ආලින්දයේ ඒ මේ අත ඇවිදිමින් හිස් අහස දෙස...
Nilasi novel by Nibandhika Wanninayake
"ඔයාට පුලුවන් මේ ගෙදර තියන ඔයාගේ බඩුත් අරන් පිට වෙන්න.." එක්තරා උදෑසනක නිවසින් පිටත් වීමට පෙර තිසරු පැවසුවේ ඔහුට සුපුරුදු ඉවසිලිවන්ත හඬිනි.නිලැසි තිගැස්සී ගියේ ඒ නිශ්චල හඬ නිසා ය.ඇය ඔහු දෙස බැලුවේ විමසිලිමත් දෙනෙතිනි.ටයි පටිය පළඳමින් සිටි තිසරු කිසිදු හැඟීමක් නැති දෑසකින් නිලැසි දෙස බලා සිටියේ ය. "මං තීරණය කළා ඩිවෝස්...
Nilasi novel by Nibandhika Wanninayake
නිලැසි තමන්ම පිසූ අහර රැගෙන එරන්දත් මානවීත් මුණ ගැසෙන්නට යද්දී තිසරුට ද යන්නට ගමනක් තිබිණ.ඔහු දිගැසි මුණ ගැසෙන්නට ගියේ අවන්හලක් වෙත ය.නිවසේ දී මුණ ගැසීම වෙනුවට පිටත තැනක් යෝජනා කළේ තිසරු ය.දිගැසි ඒ යෝජනාව පිළි ගත්තේ ද සරදමක් කරමිනි. "රාජේන්ද්‍රගේ පොඩි දූටයි ලොකු බෑනටයි කතාවක් නැහැදුණොත් ඇති.." වැරදිකරුවන් හිඳියදී නිවැරදි කරුවන්ට...