Tag: ප්‍රේමයේ අභිමන්
සසංක එහෙම ම රැහැන් දුරකතනය ඔස්සේ නාලිකා ප්‍රධානියා ට ඇමතුමක් ගත්තේ ය. ඔහු ගේ දෑස් තව දුරටත් නතර ව තිබුණේ ජංගම දුරකතන තිරයේ වන ටෙරාරියම් සැකැස්මෙහි ය. හරිත පෙදෙසක ඉන්නා සිහිල් හැඟීම, එදෙස බලා හිඳියදී දෑස් අත්විඳී.
මොහොතකින් එහා ඉම කතා කළේ ය.
"හෙලොව්..."
" සංජය..මං සසංක"
"ආ ඔව් සසංක..ඇයි මොකක් හරි අවුලක්ද...
දොර ළඟ සිට ගෙන සිටියේ තරුණියන් දෙදෙන ය. අපරාජිතා තිලිණය අතැතිව පිටුපසිනි. දේශිකා ඉදිරියෙනි. කොහොමත් හැමදාමත් එහෙම ය. ඉස්සරහා ට යන්නේ දේශිකා ය. අපරාජිතා පිටුපසිනි.
"මන්න පාරක් හරි ඉස්සරහිං යන මටනෙ. එයා බේරිල"
සමහර වෙලාවට, අපරාජිතා ඇය ව ඉස්සරහට තල්ලු කරන විට දේශිකා ගතු කියයි. ඒ වුණත් ඇය යෙහෙළිය වෙනුවෙන් නො...
අපරාජිතා දනිපනි ගා නැගිට ගත්තා ය. ඒ කලබලයට ඇය වැටෙන්නට පවා ගියේ ය. හිත ඇති ව තිබුණේ ගෙහිමියා ගේ කන හරහා අතුල් පහරක් එල්ල කරන්නට තරම් කේන්තියකි.
"ලැජ්ජ නැද්ද මූට..ගෑනු තනියම ඉන්න ගෙවල් වලට මෙහෙම හොරෙක් වගේ එන්න..මොන ජාතියක මිනිහෙක්ද මේ.."
ඇගේ හිත ඇති වූ සිතිවිල්ල එසේ ය. සිදුහත් කුමාරයා නලඟනන්ගේ...
ඒ වෙලාවේ සසංක ජය පාරෙන් හැරී මඳ දුරක් මහරගම දෙසට ගියා පමණකි. ඔහුට දැනුණ පසුතැවීම කෙතරම් ද යත් හෙතෙම අතුරු පාරකට දමා රිය හරවා ගත්තේ ය. සියල්ලට වඩා ඒ තැවීම දැඩි වූයේ කුළීකාරිය රණ්ඩුවෙහි නො පැටලී සන්සුන් වූ නිසා ය.
ඔහු සිය රිය වත්තට ගන්නේ නැතිව, පාර අයිනේ නවතා ගෙමිදුලට...
ඒ රාත්‍රියේ අපරාජිතා රත්මල්ගොඩ නිදි ලැබුවේ කඩින් කඩ ය. කුමක් හෝ හද දවනා හීන ඡායාවකින් ඇය තිගැස්සී අවදි වූවා ය. බෙඩ් සයිඩ් කබඩ් එක මත තියා ගෙන ඉන්නා කුඩා මැටි බෝතලයෙන් ඇය කිහිප වරක් ම උගුර කට තෙමා ගත්තා ය. තනිකම කියන්නේ කෙතරම් කටුක කටුවක් දැයි වටහා ගන්නට නම්...
අතෙහි වන දුරකතනය වයිබ්‍රේට් වූ බව දැනෙත්දී අපරාජිතා සිය ගමන බාල කරමින් වට්සැප් පණිවිඩය විවර කළා ය.
'යූ ආ මෝස්ට් වෙල්කම් ආන්ටි'
ඇය 'ආන්ටි' යන වදන සිතින් වුව මිමිණුවේ වඩාත් බර කොට ය.
"හහ්..ආන්ටී.."
දිව එළියට දමා එක ඇසක් වසා ගත් කහ පාට ඉමෝජි මුහුණත් සමග ඇය 'පුතා' කියා ලියා සසංක ට සෙන්ඩ්...
"හැබැයි මටනං ආයෙ අඬගහන්න එපා ගෙවල් හොයන්න යන්න හරිද...අපි අනුංගෙ තැනක ඉන්නවනං ටිකක් ෆ්ලෙක්සිබල් වෙන්න ඕන. ඒ මිනිහ දැන් කී මනි වලින් මූණට දමල ගැහුවොත් අද රෑට ඉන්නෙ බස් හෝල්ට් එකකද..."
දේශිකා තදින් විමසුවා ය. ඒ වචන ටික නම් අපරාජිතා ගේ පපුවේ වැදුණේ ය. කැත්තට පොල්ල සේ ඉන්න ගියොත් හිසට...
ඉරිදා දවල් වන තුරු ම සසංක නිදා ගත්තේ ය. සෙනසුරාදා රාත්‍රියේ මිතුරන් පිරිසක් සමග මී විත පිරූ නිසාවෙන් ඒ නින්ද කොහොමටත් අවැසි ව තිබිණ. අපරාජිතා සූදානම් ව පහළට එත්දීත් පහල මහලේ ගෙහිමි දොරවල් වැසී තිබිණ. නමුත් රථ ගාලේ රිය නතර ව තිබි නිසා ඔවුන් පිට ව ගොස් නැති බව...
ඇඳ සවි කොට අනිත් කුඩා බඩු අවශ්‍ය ලෙස තැන්පත් කර ගත් පසු ඒ හිස් අවකාශයෙහි කරන්නට දෙයක් තිබුණේ නැත. අපරාජිතා සිය ඇඳුම් කැඩුම්, ගෙන ආ සූට් කේසයේ ම තියෙන්නට හැරියා ය. නමුත් ඇඳුම් අසුරා තබන්නට කුඩා හෝ අල්මාරියක් ද පොත් තැන්පත් කරන්නට පොත් රාක්කයක් ද කුඩා ශීතකරණයක් ද අත්‍යවශ්‍ය...
ඉන්ධන පිරවුම් හලෙහි රිය නවතා ඉන්ධන පුරවන අතරේ, අපරාජිතා රත්මල්ගොඩ වේගවත් අතැඟිලි වලින් කෙටි පණිවිඩයක් ටයිප් කළා ය.
'මං ඇනෙක්ස් එක ගන්නවා. කී මනී හෙට වුණත් පේ කරන්න පුළුවන්’
ඇය ඒ පණිවිඩය, මීට ටික වෙලාවකට පෙර බලන්නට ගිය මතු මහලේ හිමිකාරයා ගේ වට්සැප් අංකයට යොමු කළා ය. ඒත් එක්ක ම පිටුපසින්...