Tag: සුහදිනි

සුහදිනි
"මට කියන්න පුලුවන්ද කවුද ඔයාගේ සන් ෆ්ලවර් කියල" අහස් ඒ වචන ඉවසීමෙන් අසා සිටියේ ය.අතිශය ඉවසිය යුතු වේ.මෙය අසන්නේ සාරණ්‍යා වීම ම සියල්ල දරා ගන්නට හේතුවකි.අහස් ඉවසීමෙන් අසා සිටියේ ය. "ග්‍රවුන්ඩ් එකට කෑගහල කියන්න තරම් බර අත්තක් අල්ලා ගත්ත නේද? මට හිතුණා සීනියර් ඉලංගසිංහ හිරිකඩුව ඇමති එක්ක බිස්නස් ඩීල් ගහනකොට" සාරණ්‍යා සිතන...
සුහදිනි
දිගු දවස් ගෙවී යමින් තිබිණ.සකී සියල්ල දරා ගන්නට වූවා ය.තාත්තා දැඩිව රෝගී මොහොතක අම්මා ශක්තිමත් වන්නට නම් දියණිය සියල්ලම දරා ගත යුතු බව අහස් ලියා එවා තිබිණ. "මම ඉන්නෙත් මේ කොළඹම තමා.ඔයා ගාවට විනාඩි පහ දහයෙන් එන්න පුලුවන් දුර.එකම දේ එහෙම ඇවිල්ලා ප්‍රශ්න ඇති කරන්න මං ආස නෑ." අහස් එසේ කියයි.නමුත්...
සුහදිනි
සකීගේ සතුට පිනි බිඳක් පළමු හිරු කිරණ හන්දාම වියැකී යන තරම් වේගයෙන් වියළී යන්නට හේතුවක් ඉපදිණ.තාත්තා සිටියේ දැඩි රෝගාතුරව ය.පැතිරෙමින් ඇති පිළිකාව වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ඇරඹෙමින් තිබිණ. ඔහු වහා සැත්කමකට බඳුන් කළ යුතු වේ. "වෙන රටකට ගෙනියන්න වුණත් හිතන්න එපා සකී.අපේ කැම්පස් එකේ කොල්ලො කෙල්ලන්ට ඕක කරන්න ෆේස්බුක් පෝස්ට් දෙකයි යන්නේ.ඔයා...
සුහදිනි
"අපි කවුරුහරි හින්දා දුකින් වේදනාවෙන් ඉන්නකොට ඒක ගැන හැමෝම එක්ක කතා කරනවා.හැමෝටම ඒ ගැන කියනවා.ඒත් අපි සතුටින් ඉන්නකොට කාටවත්ම ඒ ගැන කියන්නේ නෑනෙ." අහස් අසන දේ සත්‍යය නොවේදැයි සකී සිතුවා ය.ඇගේ සමහර මිතුරියන් ආදරය හන්දා උනන කදුළු ගැන එළිවෙනතුරුම වේදනාවෙන් කතා කර තිබේ.නමුත් ඔවුන් ප්‍රේමවන්තයාගේ යහපත ගැන එසේ කියන්නේ නැත. "අපිට...
සුහදිනි
"සකී,මට ඒක ගැන පුංචි සැකයක් ඇති වෙලා තිබ්බේ.ලොකුවට නොවුණත් මම හිතුවා.ඒත් එහෙම වෙන්නෙ කොහොමද කියලා ආයේ ආයෙම හිතුවා." නිම්නා එසේ කියන අතර කාමරයට එබී බැලුවා ය.රන්මිණි නාන කාමරයේ ය.ඇය ක්‍රිකට් ගීයක් මහා හයියෙන් ගයමින් එතුළ වේ.නිම්නාගේ තොල් මත සිනාවක් පිපී ආවේ රන්මිණි වෙනුවෙන් යැයි සකී සිතුවා ය. "ඔයා අද හුඟක් අවුල්...
සුහදිනි
"අපේ කොල්ල අතින් ළකුණු හතලිහක් විතර දුන්නු හින්දා ඔසී උන් හිතන්න ඇති හරි තමා වැඩේ කියල." නිම්නා සකීගේ අතකින් ඇද මහත් සන්තෝසයකින් ඇයට දුරකථන තිරය පෙන්වූවා ය.පෙනෙන්නේ ප්‍රේක්ෂකාගාරය ය. ඕස්ට්‍රේලියානුවන් මහත් විස්සෝපයෙනි.සකී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව දෙස බැලුවා ය.තවත් හඹා යා යුතු ළකුණු තිස් ගණනක් පමණි. "අහස් නෙළනවා නෙළිල්ලක්.ෆින්ච්ට ඇඬිලා...
සුහදිනි
"අද ෆයිනල් මැච් එක.අර මෝඩ යස්සයා මැච් එක කෑවොත්නම් ඔයාවත් බෝඩින් එකෙන් පන්නනවා." සකී රන්මිණිගේ ඒ කතාවට තිගැස්සුණා ය.අහස් ගැන එසේ කියන්නට නම් ඇයට මොනවා හෝ ඉව වැටිය යුතුම වේ. "හරි කෝලමක්නෙ.ඒ අපි කාගෙත් ෆේවරිට් ක්‍රිකටර් කෙනෙක් මිසක් අපේ කවුරුත් නෙවේනෙ" කරන්නට අප්‍රමාණ වැඩ ද ඇති හෙයින් ක්‍රිකට් තරග නරඹන්නට වෙලාවක් නැති...
සුහදිනි
පසුගිය පැය කිහිපය තුළ ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් දුටුවාදැයි අහස් ඇසී ය.එවැන්නක් සකී නුදුටුවා ය.ඔහු පුහුණුවීම් කරමින් මව් රටෙහි රැඳී සිටිද්දී ක්‍රිකට් තරග බැලීමේ උවමනාවක් සකීට සැබෑවටම ඇති නොවී ය.සුගිය දිනවල සිදුවූ සිදුවීමෙන් පසු ඇය වැඩි දුරට සමාජ ජාලා පරිශීලනය කරන්නට නොගියා ය.ඕනෑම මොහොතක ඇය  හා අහස් සිටින ඡායාරූපය කොතැනක...
සුහදිනි
සකී,සිහිනය අතර කිමිදෙමින් හුන්නා ය.ඇය සිටියේ සූරිය වර්ණයෙන් බබළන සූරියකාන්ත මල් යායේ කෙළවරක ය.රූස්ස ගස්වලින් ගහන ඝන කැලයට අහස් ඇය අතැර පිවිසෙමින් සිටියේ ය.ඔහු අර අනන්තය නොපෙනෙන සැඟවුණු උගුල වෙත ළඟා වෙමින් හිඳියි.සකී පුරුදු පරිදිම වෙර යොදා කෑගැසුවා ය.වෙනදා ඇය කෑගසද්දී හඬ නොපිටවේ.ඔහුට ඇගේ වචනයක්වත් නොඇසේ.නමුත් අද ඔහු හැරී...
සුහදිනි
"මේ වෙලාවේ උඹට ලව් එකක් ඕන නෑ." සියුම් එසේ පැවසුවේ අහස්ගේ ආදර කතාව ගැන අසා සිටීමෙන් අනතුරුව ය.දැන් එය ආරම්භ වී අවසන් ය.නමුත් කරදර සහ හිරිහැර ආරම්භ වන්නට පටන් ගන්නේ තව නොබෝ දිනකින් වග ඔහුට සිතෙන්නට විය.එහෙත් ඒ ගැන ඕනෑවට වඩා කතා කරන්නට ද සියුම්ට අපහසු ය. "මට ලව් එකක් ඕන...