සුහදිනි -37

සකීගේ සතුට පිනි බිඳක් පළමු හිරු කිරණ හන්දාම වියැකී යන තරම් වේගයෙන් වියළී යන්නට හේතුවක් ඉපදිණ.තාත්තා සිටියේ දැඩි රෝගාතුරව ය.පැතිරෙමින් ඇති පිළිකාව වෙනුවෙන් හදිසි ප්‍රතිකාර ඇරඹෙමින් තිබිණ.

ඔහු වහා සැත්කමකට බඳුන් කළ යුතු වේ.

“වෙන රටකට ගෙනියන්න වුණත් හිතන්න එපා සකී.අපේ කැම්පස් එකේ කොල්ලො කෙල්ලන්ට ඕක කරන්න ෆේස්බුක් පෝස්ට් දෙකයි යන්නේ.ඔයා බය වෙන්නම එපා.”

නිම්නා ඇය තුරුලට ගත්තේ එසේ කියමිනි.සකී නිම්නාගේ උරහිසෙහි හිස ගසාගෙන තොරක් නැතිව වැළපුණා ය.නිවැරදි ප්‍රතිකර්ම සිදු වන්නේ නම් තාත්තා සුව වන බව වෛද්‍යවරු පවසා තිබේ.එහෙත් සකී තාත්තාගේ සිරුරට එන්නත් කටුවකින් අනිනවාටවත් කැමැත්තක් නැත.තාත්තා රිදවුම් ලැබීම ඉවසා ගන්නට ඇයට අසීරු ය.

බියකරු සිහින දකිමින් රාත්‍රියේ අවදි වූ සකී සැබෑවටම බියකරු සිහිනයක් අතරමැද සිටියා ය.තාත්තා රෝගී වීම සහ ඔහු අන්තරාදායක තැනක පසු වීම කිසිම දියණියකට උසුලා ගන්නට අපහසු කාරණාවකි.සකී මේ ගෙවන්නේ ඒ මොහොත ය. තාත්තා වෙත ගොස් ඔහුට ලෙඩ වන්නට කිසිම අයිතියක් නැතැයි කියන තරමේ වේදනාවකින් සකී පිරී යන්නට විය.හොඳටෝම හඬන්නට ඕනෑ වුවත් අම්මා වේදනාවට පත් නොකර උහුලා ගන්නට සිතමින් ඇය රෝහල් කොරිඩෝවේ එහෙමෙහෙ යන්නට වූවා ය.එහෙත් සකීගේ තාත්තාට විදේශයකට යන්නට උවමනා වූයේ නැත.ඔහුව පෞද්ගලික රෝහලකදී ඉක්මන් සැත්කමට ලක් කරන්නට වෛද්‍ය නිර්දේශය පැමිණියේ ය.

දින කිහිපයක් ඇතුළත විශාල මුදලක් සොයා ගැනීමේ අභියෝගය මවකට සහ දියණියකට දැරිය හැකි නොවේ.සරසවි පවුර වඩාත් තරව බැඳෙමින් තිබිණ.

ජයග්‍රහණයේ සන්තෝසය අත්මිට මොලවාගෙන අහස් මව් බිමට පැමිණියේ ඒ මොහොතේ ය.ඔහුට සකී වහා දැක ගන්නටත් ඇය වැළඳ ගන්නටත් අවශ්‍ය වී තිබිණ.එහෙත් ඇය දුරකථනයට ප්‍රතිචාර නොදක්වයි.ඇගේ ඔරලෝසුවේ කටු කරකැවෙන්නේ තමන්ගේ වෙලාවට ගැළපෙන්නට නොවන බව අහස්ට සිතෙන්නේ මෙවැනි මොහොතක ය.ඇය තවමත් අධ්‍යාපනය හදාරන පොඩි කෙල්ලකි.ඔහු ජයග්‍රහණය සමරන්නට සිතන මොහොතක ඇය අනාගතය ගැන සිතමින් දේශන ශාලාවක විය යුතු ය.

“උඹ හොස්පිටල් එන්නේ කොයි වෙලාවෙද?”

සියුම්ගෙන් ඒ පණිවිඩය ආවේ අහස් නිවසට ළඟා වී මිනිත්තු කිහිපයක් ගෙවෙද්දී ය.අහස් ඒ පණිවිඩය දැක උඩ ගොස් බිම වැටිණ.තාත්තා ඔහු රැගෙන යන්නට පවා පැමිණියේ ය.එසේ නම් රෝහල් ගත වී හිඳින්නේ කවුද?සකීගේ දුරකථනය නාද වුවත් ඇය කිසිම ඇමතුමකට හෝ කෙටි පණිවිඩයකට ප්‍රතිචාර නොදක්වන බව සිහිව අහස්ගේ හිසේ ලේ සිඳී යන්නට විය.ඇය ඔහු අනතුරට ලක් වන සෑම මොහොතක් ගැනම සිහිනයෙන් දකින්නී ය.නමුත් ඔහු එවැන්නක් දුටුවේ නැත.ආත්මීය බැඳීමක් ගැන නන් දෙඩවීම ගැන අහස්ට ලැජ්ජාවක් දැනුණු තරම්!

“කැන්සර් එකක් කියන්නේ ඕනෑම මොහොතක ඕනෑම දෙයක් වෙන්න පුලුවන් මචං.අපි මේ ඉක්මනින් ඔපරේෂන් එකට සල්ලි එකතු කරනවා.පෝස්ට් හදන ගමන් ඉන්නේ.ඉක්මනින් සෝෂල් මීඩියා අප්ලෝඩ් වෙයි.”

සියුම් එසේ කියද්දී අහස් මෝටර් රථයට ද ගොඩ වී හමාර ය.සියුම් පවසන අන්දමට සකීගේ තාත්තා පෞද්ගලික රෝහලට මාරු කර යවන්නට සූදානම් ය.නමුත් සැත්කමට මුදල් සොයා ගත යුතු වේ.

“ඩොක්ටට ලේසි ළඟම දිනේ දා ගන්න.සකීට ඉන්න එකම අයියා උඹ.මේ දැන්ම ඒක කරපං.මම ඇක්සිඩන්ට් වෙන්න අකමැති නිසා විනාඩි පහෙන් එන්නම් කියන්න බෑ.”

අහස් එසේ පැවසී ය.ඔහු කියන අන්දමට ආසන්නම දිනය යොදා ගැනීමට පහසු නොවේ.මූල්‍යමය කාරණා ගැන සිතා බලන්නට උවමනා ය.අහස්ට ජීවිතය ගැන බර දැනෙන්නේ ඉතා අල්පව බව සියුම්ට සිතේ.

“මචං,එහෙම ලේසි නෑ.අපිට සල්ලි ටිකක් හොයා ගන්න වෙනව.”

සියුම් නැවත අහස් ඇමතුවේ එසේ කියන්නට ය.මුදල් ගැන බරක් නැති බව කියන අහස් නැවතත් දුරකථනය විසන්ධි කර දැමී ය.විදෙස් තරගාවලියකදී අහස්ට හිමි වන ලංසු සියුම් සිහි කළේ එනිසා ය.

සැබෑවකි! අහස්ට මෙය එතරම් විස්සෝපයට කාරණාවක් නොවේ!

“ඔයා කාත් කවුරුත් නෑ කියලා හිතාගෙන වැඩ කරන්නේ කොහොමද සකී? සේරම දුක හිතෙන දේවල් තනියම දරා ගන්න ලෑස්ති නම් මං ඔයා එක්ක ඉඳලා මොකටද?”

අහස් එසේ බැන වදිද්දී රන්මිණි මෙතැන නොවීම ගැන නිම්නා දෙවියන්ට ස්තූති වූවා ය.අහස් මෙතරමට සකී ගැන වද වන බව රන්මිණි දැන ගත යුතු නොවේ.ඇය අහස්ගේ කලබලකාරී මුහුණ දෙස බලා සිටියා ය.කෙදිනක හෝ ඔහු හමු වී ආචාරශීලිව අතට අත දෙන්නටත් ඔහු හඳුනා ගන්නටත් නිම්නාට වූ සිහින බිඳ වැටී තිබේ.අහස් කලබලයෙන් සකීගේ දෙවුරින් අල්ලා ගත්තේ ය.

සකී ගලක් වී දරා ගත් වේදනා ප්‍රවාහය බිඳ වැටිණ.ඒ අහස් ඇය වෙත පැමිණි හන්දා ද ඔහු ඇය තදින් අල්ලා ගත් හන්දා ද එසේ නැතිනම් ඔහු බැන වැදුණු හන්දාද පැහැදිලි නැත.එහෙත් සකී ඉකි ගසමින් හඬන්නට පටන් ගත්තා ය.

“ඒ ළමයා කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරුව අවුල් වෙලා ඉන්නකොට යකෙක් වගේ කෑගැහුවම සේරම හරි.උඹව නම් කවදාවත් හදන්න බෑ.”

සියුම් ඊට ඉහළ ස්වරයකින් බැන වදිද්දී අහස් සන්සුන් විය.ඔහු සකී තදින් තුරුළු කරගත්තේ එනිසා ය.තාත්තා ගිලන් යහනට වැටී සිටිය දී තමන් සැනසිය හැකි එකම පිරිමියා මෙතැන රැඳීම සකීට ඉමහත් සහනයකි.එහෙත් සියුම් වහා ඔවුන් දෙදෙනා දෙපසට වෙන් කළේ ය.

“පස්ස කැඩුණු කඩියා ගාණට නටන්න එපා අහස්.මේ දරුව ඉන්නෙ කරදරේක.උඹේ සන් ෆ්ලවර් මල කියලා ලෝකෙට එළි වෙලා ගොසිප් වැදි වැදී ඉන්න මේ කෙල්ලට වෙලාවක් නෑ.උඹ සකී එක්ක ඉන්න ඕන තමයි.ඒත් ඈතින් හිටපං.”

මෙවැනි මොහොතක ඔහු තමන්ගේ අත තදින් අල්ලාගෙන මෙතැන රැඳීම සකීට පහසුවකි.එහෙත් මේ ආදරයට ඉඩ දුන්නේම එවන් දවස් අනාගතයට ඉතුරු කරමින් බව සකීට සිහි විණ.ඇය අකමැත්තෙන් අහස්ගේ තුරුලින් මෑත් වූවා ය.

“තාත්තගෙ ඔපරේෂන් එකට මං වියදම් කරනව.බය වෙන්න එපා මං ගාව සල්ලි තියනව.”

එසේ පැවසූ අහස් සකීගේ හිස මෘදුව පිරිමැද්දේ ය.මේ බලා සිටින්නට තරම් ලස්සන ආදරයක් බව නිම්නාට සිතේ

“ඒත් අපිට ඉස්සරහටත් මේ වගේ කරදර දවස් එන්න පුලුවන් සකී.ඒ දවස් අපි අමාරුවෙන් අල්ලා නොගෙන මෙහෙම සැහැල්ලුවෙන් ඉන්න නම් මම ෆේල් නොවෙන්න ඕන.මං මේ ලෝකෙ බයම ජරා ගොසිප්වලට.මං ගැන මට වඩා දැනගෙන හදන කතාවලට.”

අන්තර්ජාලයේ ඇති කතන්දර හොඳටෝම විශ්වාස කළ අතීත දවස් ගැන ලැජ්ජා සිතුණේ නිම්නා ට ය.ඈ අහස්ගේ කරදර මුහුණ දෙස බැලුවේ වේදනාවෙනි.”බොරු රැඟිල්ල පැත්තකින් තියල වැඩ කරන්නත් ඉගෙන ගත්තනම්” වැනි චෝදනා අහස් වෙත කිරීම ගැන දැන් ඇය සිතන්නට අකමැති ය.වේදනාව ඒවා එක් මොහොතකට හෝ විශ්වාසයට ගනිමින් අහස්ව පීඩාවට පත් කිරීම ය. වෛද්‍යවරයා හමු වන්නට ගොස් සියල්ල ඉක්මනින් ක්‍රියාත්මක කරන්නට පිළිණ දී අහස් සියුම් ද කැටුව පිටව ගියේ ය.නිම්නා සකීගේ අතකින් අල්ලා ගත්තා ය.

“අපේ රටේ උන් කතන්දර කිව්වට අහස් අයිපීඑල් එකේදී ගිය ගණන් මතකනෙ.එයාට මේක තනියම කරගන්න පුලුවන්.ඒ වගේ බෑනෙක් ලැබුණෙ අංකල්ගෙ වාසනාවට.”

සකී කිසිවක්ම නොපැවසුවා ය.මාසයක්වත් ගෙවී නොගිය ප්‍රේමයක් හන්දා ඔහු තමන් ඉපැයූ ධනයෙන් සැලකිය යුතු කොටසක් වියදම් කරන්නට සැරසේ.ඔහු එතරමට තමන් විශ්වාසයට ගැනීම ගැන සකීට වේදනාවක් නොදැනෙනවා ද නොවේ.

නමුත් මේ ආදරය මාසයක ආයුෂ ඇත්තක් නොවේ.සංසාරයක ආයුෂ ඇත්තකි.

(සුහදිනී අවසාන වෙමින් තිබේදැයි ඇසූ ඔබට,මේ කතාව එක්තරා සංකල්පයක් ඔස්සේ ටිකක් දීර්ඝව ලියැවෙන්නක්.දැන්ම අවසන් වන්නේ නෑ.අදත් ඔබේ ප්‍රතිචාරය ස්මාර්ට්ලේඩි ෆේස්බුක් පිටුවේ ලින්ක් එකට පහළින් තබා යන්න)

අනෙක් කොටස්

More Stories

Don't Miss

Latest Articles