Tag: හිමගිරි අරණ
"මට ගෙදරින් ප්‍රපෝසල්ස් හොයනව."
පාරමී එක් දිනයක හිමාෂාට පැවසුවේ දැඩි කෝපයකින් මුව සරසා ගනිමිනි.හිමාෂා මිතුරිය දෙස බැලුවේ කාරුණික දෑසිනි.ඈ හිඳින්නේ කෝපයෙන් ද දුකකින් ද යන්න හිමාෂාට තෝරා ගන්නට අසීරු තරම් ය.එනිසාම ඇය මිතුරියගේ අත සෙමින් පිරිමදින්නට වූවා ය.
"දැන් ඔයා කසාද බඳින වයසට ඇවිල්ලනේ.අම්මලාට එහෙම හිතෙන එක සාධාරණයි නේද? ඔයාට කසාදෙකට...
"පාරමී මොකක්ද?"
හිමාෂා එසේ ඇසුවේ නැගණියගේ කතාව ඇත්තක් නොවන වග තහවුරු කරන්නට ය.නමුත් මව්කුස බෙදාගෙන මේ ලෝකයට පැමිණ ඉනික්බිති එක නිවසේ එකට බැඳී ජීවත් වූ නැගණියට යමක් සැඟවීම පහසු නොවන බව ඇය ඉන් අනතුරුව වටහා ගත්තා ය.
"පාරමී අක්කා ඔය ගැන දැන ගත්තම රියැක්ට් කරන විදිය ගැන ඔයා බයයි නේද?"
ඒකපාර්ශවික ප්‍රේමයෙන්...
"ඒක කොච්චර හොඳයිද අක්කේ"
අමායාගේ කටහඬෙහි තැවරී තිබුණේ සන්තෝෂයකි.අක්කා නැවතත් සැනසීමෙන් ජීවත් වෙන මාර්ගය තෝරා ගැනීමම ඇයට සතුටක් විය.නමුත් හිමාෂාගේ දෑසේ සැබෑ සතුටක් වූයේ නැත.ඇය කුමක් හෝ සඟවා ගෙන සිටින බව අමායාට වැටහිණි.
"මම එයාට ආදරේ උනාට එයා ඒ ගැන දන්නේ නෑ"
හිමාෂාගේ කට හඬෙහි වූයේ පසුතැවීමකි.කියන්නට දෙයක් සොයා ගන්නට නොහැකිව අමායා ...
කාලය ගලන්නේ රිදුණු බිඳුණු තැන් පිළිසකර කරවමිනි.සහන්ට සමු දෙන්නට හිත හදා ගත්ත ද ඔහු වෙනත් ප්‍රේමයක හිඳීම ගැන හිත රිද්දා ගත් හිමාෂා හිත හදා ගත්තේ ඔහුගේ නව දිවිය ගැන සිතීමෙනි.ඔහු දැන් තාත්තා කෙනෙකු වන්නට සූදානමින් හිඳියි.
"අනිත් හැම ආදරයක් ම වගේ තමයි.දරුවකුට අම්මට තාත්තට තියන ආදරේ වත් ගත්තා කෙනකුට දරුවෙක්ව...
"දූ නිදාගන්නෙ පවා අර බෝනික්කා ළඟින් තියාගෙන.ඔයා ඒක අරන් එනකොට තිබුණු ලස්සන නම් දැන් නැහැ.මොකද අපේ බබා බෝනික්කාට කෑම කවනවා.වෙලාවකට නාන්නත් එක්ක යනවා.ඒ බෝනික්කට නොදෙන වදයක් නෑ."
දිවා ආහාරය වෙලාවේ හිමාෂා රවිඳු සමඟ පැවසුවේ සිනාමුසුව ය.එදායින් පසු ඔහු සමඟ ඇති මිත්‍රත්වය වැඩිදියුණු වී ඇත්තාක් මෙන් ඇයට දැනේ.රවිඳු විශ්වාස කළ හැකි...
"ඔයා අර පොඩි බබාට ළං වුණා වැඩියි අනේ"
පාරමී එසේ පැවසුවේ උපන්දින සාදයට පසු මුණ ගැසුණු පළමු සඳුදාවේ ය.රවිඳු නොකැමති දෑසින් ඇය දෙස බැලුවේ ය.නොලැබෙන සිහිනයක් පසුපස නොනවත්වාම ගමන් කරන ඇය රිදවාගන්නේ ඇයට පමණක් නොවන බව රවිඳු දැන සිටියේ ය.ඔහුට ද ඇගේ මේ බලාපොරොත්තුව නිසා රිදවා ගැනීමට සිදුවන බව සහතික...
දිනාරා මේ හදිසියේ හඳුනා ගත් ආගන්තුකයාගේ ගෙල බදා බොහෝ වෙලාවක් හුන්නා ය.ඇයට ඉනික්බිතිව කේක් කපන්නට පවා ඔහු ඕනෑ විය.
"චූටි දූ අම්මා එක්ක කපන්න"
අනවශ්‍ය ඕපාදූපයකට රවිඳු බඳුන් වේදැයි බියෙන් පාරමී හරස් වූවා ය.දියණියගේ උපන්දින ඡායාරූප වල ඇය දෙපසින් රවිඳුත් හිමාෂාත් සිටීම තරම් නොවේයැයි ඇය වහා තීරණය කළා ය.රවිඳු එවැනි ඕපාදූපයකට...
"පුතු,තාත්තිට එන්න වෙන්නේ නෑ හොඳේ"
මහත් උද්‍යෝගයක් සහිතව උපන්දින සාදයට සැරසෙමින් සිටි කුඩා දිනාරා කලබලයට පත් වූයේ අම්මාගේ ඒ වචන වලට ය.තාත්තා කියන්නේ ඉඳහිට දකින චරිතයක් වූව ද අද ඇයට තාත්තා ඕනෑම බව සිතුණු දවසකි.ඇගේ පෙරපාසල් මිතුරු මිතුරියන් උපන් දින කේක් කපන්නේ අම්මාටත් තාත්තාටත් මැදිව ය.ඇයට ද තාත්තා ඕනෑ ඒ...
"ලොකුවට කවුරුත් එන පාටි එකක් නෙවේ රවිඳු.ඔයාලා කීප දෙනෙකුයි නංගිගෙ යාලුවෝ දෙතුන් දෙනෙකුයි සහනුයි එයාගෙ වයිෆුයි විතරයි එන්නේ."
දියණියගේ උපන්දින සාදය ගැන හිමාෂා එසේ පැවසූව ද කුඩා දියණියට හොඳ ත්‍යාගයක් ගන්නට රවිඳුට සිත් විය.අයියාගේ කුඩා පුතුට සෙල්ලම් බඩු මොනතරම් තිබුණත් ඇති වීමක් නැත.ඔහු ප්‍රිය කරන්නේ සෙල්ලම් වාහන වලට ය.එහෙත් මේ...
දිනාරාගේ උපන් දින සාදයට යන්නට සූදානම් වී හිඳියදී මල්මි රෝගී වූවා ය.ඇය නොසිතන මොහොතකදී රෝගී විය හැකි බව සහන් දනියි.කුළුදුල් දරුවා ලැබෙන්නට ඉන්නා මවකට නොයෙකුත් අපහසුතා හිටිහැටියේ හට ගන්නට ඉඩ තිබේ.එනිසා ඒ රෝගී තත්ත්වය සාමාන්‍ය එකක් බව සිතන්නට ඔහු වෙහෙසිණ.ඒ සිතුවිල්ලට වෙනත් සිතුවිල්ලකට මාරු වන්නට ඉඩ නොතබාම සහන් හිමාෂා...