Tag: Emotional Stories
එදා උදේ ඇහැරෙනකොට අද දවසේ මොකක්ම හරි විශේෂත්වයක් ඇති බව මට මතක් වුණා.ඒත් ඒ මොකක්ද කියලා මට මතක නැහැ.අවුරුද්දේ හැම දවසක්ම කාටහරි වැදගත්.ඔය හැමදෙයක්ම මතක තියාගන්නවට වඩා කරන්න අප්‍රමාණ වැඩ තියෙනවා.මම මුළුතැන්ගෙයට ආවේ එහෙම හිතමින්.අම්මා එතැන නෑ.අම්මට නින්ද ගිහින් ඇති.කලබල දවසට හදිසි දවසට අම්මටත් නින්ද යනවනේ!
"සර්වන්ට් කෙනෙක් ගන්න තියෙන්නේ...
ඔසප් දිනවල අපහසුවෙන් ඉදිද්දී "ගර්භාෂයක් නොතිබුණානම් හොඳයි" කියලා ඔබට හිතිලා තියෙනවද?අපහසුතා නිසා ඒ වගේ හදිසි සිතුවිලි ඔබ ඇති කර ගත්තට සැබෑවටම එහෙම කරන්න සිදුවෙන කාන්තාවන් මේ ලෝකයේ ජීවත් වෙනවා.
ලෝකයේ විවිධ රටවල විවිධ දුක් විඳින කාන්තාවන් අතර ඔසප් සමයේ සිදුවන ගැටලු ගැන නිදහසේ කතා කරන්නට ඉඩ නොලැබෙන රටක කාන්තාවන් විදිහට...
සෙව්වන්දි ආපහු සැරයක් මුළුතැන්ගෙයට ගියේ වළං ඇරලා බලන්න.කහ බතක්,අල කිරට,පරිප්පු,කජු මාළුවක් උයලා පොඩ්ඩෝ ආස විදියට මාළු බැදලා තියන හින්දා කුස්සියම පුදුමාකාර සුවඳක්.කට්ලට් එකකුත් බඳින්න සෙව්වන්දිට හිතක් පහළ වුණා.ෆෝන් එක රින්ග් වෙනකන්ම කට්ලට් මිශ්‍රණය සකසපු සෙව්වන්දි ලිපේ ගින්දර දිහා බලාගෙන දුරකථනයට පිළිතුරු දුන්නා.
"මොකද කරන්නේ මැණික?"
චාමරගේ කටහඬ ඇවිල්ලා වදින්නේ කන්වල නෙවෙයි.හදවත...
"අම්මී..මට පිංකි කෙනෙක් ඕන…"
නත්තල් ගහ සරසමින් හිටිය මට මගේ දූ ඇවිත් කියන්නේ හුරතලයෙන්.දැනටමත් එයාගේ නත්තල් තෑගි මොනවද කියලා තීරණය කරලා ඉවර වුණත් රෝස පාට සොෆ්ට් ටෝයි එකක් ගන්න මම හිතා ගත්තා.දූ වැඩියෙන්ම ආස රෝස පාට සොෆ්ට් ටෝයිස්වලට.ඒ හැමෝම පිංකිලා.
"තාත්තිත් ඔයාට පිංකිලා එවලා ඇති මැණික..අම්මි ගෙනත් දෙන්නම්කො.."
මම එහෙම කියනකොට දූ...
ජීවිතය කෙසේ ගෙවමින් පැවතියත් අපේ පවුලේ අපූරු නත්තල් සම්ප්‍රදායක් තිබිණ.ඒ අපේ නිවසේ සුරතල් සුනඛයා වූ "පෙපර්" හට නත්තල් තෑග්ගක් ලබා දීම ය.අපේ සුරතල් පෙපර් ඒ ත්‍යාගය අප ඉදිරියේම විවෘත කරන්නේ ඉතා කැමැත්තෙනි.අප සාමාන්‍යයෙන් ඇයට ලබා දෙන්නේ කඩා බිඳ දැමිය නොහැකි ත්‍යාගයන් ය.ඒවා ආහාරයට ගන්නට බැරි වීම,සපන්නට අසීරු වීම ගැන...
"නත්තල් සීයට ලියුමක් ලියමු.."
ෆේස්බුක් කාන්තා සමූහයක පළ වූ තරගයට ලියූ ලිපිය හිමාලිට තාම මතකයි.ගිය අවුරුද්දේ තිබුණු ඒ තරගයෙන් ජයග්‍රහණය කළේ හිමාලි වුණත් තමන් ඇත්තටම ජයග්‍රහණය නොකළ බව හිමාලි තාමත් හිතනවා.
ආදරණීය නත්තල් සීයේ,
එකම එක වතාවක් ඇවිත් එයා අම්මගේ බව කියලා යන්න ගිය එයා ආයේ එනතුරු අම්මා තාමත් බලන් ඉන්නවා.අම්මා එයාට...
"මෙයා මොකෝ මේ කණ්නාඩිය අයිති කරන් ඉන්නේ.."
කන්නාඩි මේසය ළඟට වෙලා සෑහෙන වෙලාවක් හැඩවෙන සෙනුරි දිහා බලාගෙන හිමසරා එහෙම ඇහුවා.පැත්තකට වෙලා කොන්ඩය පීරන ගමන් හිටිය නෙතාරා මහ හයියෙන් හිනා වෙන්න ගත්තේ ඒ ප්‍රශ්නෙටද තමන්ටද කියලා සෙනුරිට සැකයි.
"මෙයා මේ ලස්සන වෙන්නේ ට්‍රේන් එකේදි අපිත් එක්ක කතා කරන චාමරට පේන්න නේද?"
නෙතාරා එහෙම...
මා මහගෙදරට ගොඩවූයේ මසකට පමණ පසුවය.විශ්‍රාම ගිය තාත්තා ඉස්තෝප්පුවේ වාඩි වී පොතක් හෝ පත්තරයක් කියවමින් සිටින දර්ශනය දැන් අපට අරුමයක් නොවේ.
" නාලක ආවේ නැද්ද මේධා ? "
තාත්තා අසන්නේ සුපුරුදු කරුණාවෙන් ය
" එයා අදත් වැඩ තාත්තේ. හවස් වෙලා එහෙමම එනවා කිවුවා . කෝ අම්මා ?"
" අන්න කුස්සියේ. දුව එනවා කිව්වම...
"ලොකු හාමිනේ,ඔය මදැයි මහන්සි වුණා.ඊටපස්සෙ පුංචි නෝනලා එනකොට කොන්ද අල්ලන් ඉන්න ගත්තම මං තමා බැනුම් අහන්නෙ.."
වීරසේකර ඉස්කෝලේ හාමිනේ පොළොස් ඇඹුල ලිප තියනකොටම මල්ලිකා කිව්වේ මහ සද්දෙට.ගෙදර අත්උදව්කාරි වුණාට මොකෝ මල්ලිකා තමයි දැන් වීරසේකර ජෝඩුවගේ බාරකාරි වෙලා ඉන්නේ.එකම දූ කසාදෙන් පස්සෙ කොළඹ පදිංචියට ගිය නිසා නෙවෙයි වීරසේකර හාමිනේලට මල්ලිකාගේ පිහිට...
"කියන තරම් ලොකු ගාණක් යන එකක් නෑ නාරද වැඩේට…"
ජයනි එහෙම කිව්වේ නිවසේ සැලැස්ම අතේ තියාගෙන.ගෘහ නිර්මාණ ශිල්පියාගේ දාහක් යෝජනා එක්ක එකඟ වෙනවට වඩා ජයනි කළේ එයාගේ අදහස් කියන එක.ඒත් ජයනිට ඕනෑ කරන විදියට ගේ අලුත්වැඩියා කරනවට වඩා අලුත්ම ගෙයක් හදන එක ලාබයි කියලා නාරදටත් නොහිතුණා නෙවෙයි.
"අර මිදුලෙ තියන ලොකු...