Tag: Life Stories

පහලොස්වන දිගහැරුම , පුහුණු කාලය තුළදී අප ඉගෙන ගත් තවත් එක් ප්‍රධාන දෙයක් විය .එනම් passenger is always right යන්නයි.ගුවන් සේවිකාවකට කිසිවිටෙක ගුවන් මගියෙකු සමඟ තර්ක කළ නොහැකි අතර ඉතා ඉවසීමෙන් සහ සංයමයකින් යුතුව ඔවුන් සමඟ ගනුදෙනු කළ යුතුය . ඉන්පසුව ඔවුන් අපට උගන්වන්නේ අප අඳින පළඳින ආකාරය සහ මේකප් කරන...
දාහතරවන දිගහැරුම , ගුවන් සේවිකාවක වීමේ සිහිනය සැබෑ කර ගැනීම සඳහා මම සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණෙමි . එහිදී අප ඇවිදින විලාසය පවා නිරීක්ෂණයට ලක් කෙරෙන අතර ඔවුන් අසන සියලු ප්‍රශ්න වලට උත්තර දුන් මට ජපානයේ සිරිත් පරිදි හිස නමමින් උත්තර දීමද නිරායාසයෙන්ම සිදුවිය. මාගේ අයදුම්පතෙහි මා ජපානයේ කලක් අධ්‍යාපනය ලැබූ...
"හායි කොහොමද මෙහෙ හොඳයිද?" අලුත් ඔෆිස් එකට ඇවිල්ලා පැය ගානක් යනකොටම අනිත් අය මාත් එක්ක හිතවත් වෙන්න පටන් ගත්තා.මම හිනාවකින් එයාලට හිතවත් වෙන්න උත්සාහ කළා. කැම්පස් අවුට් වෙලා, ට්‍රේනින් පීරියඩ්ස් පහු කරලා ආපු පළවෙනි රස්සාව.ඉතින් හැමෝම එක්ක හොඳට ඉඳගෙන රස්සාව පරිස්සමින් කරන්න ඕනෑ. "නංගි කැන්ඩි කිව්වා නේද? අපෝ එහෙනම් මේ රස්තියාදුකාර...
දහතුන්වන දිගහැරුම , ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටලයකට විවිධ තනතුරු සඳහා නව සේවකයින් බඳවා ගන්නා බවට පුවත්පත් දැන්වීමක් පළ වී තිබුණි . මා බලාපොරොත්තු වූ මොහොතක ම එම දැන්වීම පළවී තිබූ බැවින් මා එසැනින් ක්‍රියාත්මක වී ඒ සඳහා අයදුම්පතක් යොමු කළෙමි. ඉන්පසුව මගේ වාසනාවකට මෙන් එම හෝටලයේහි මාස හයක පුහුණුවීම් කාලයක්...
අමිල නිවසට ආවේ හිස ගිනිගෙන වගේ. සුජීවා ගේ කඳුළු පිරුනු ඇස් අමිලට මතක් නොවෙන මොහොතක් තිබුනේ නෑ. තරුණ වයසේදීම අම්මාගේ ආදරේ අහිමි උනාට පස්සේ ඇත්තෙන්ම අම්මා කෙනෙක් වගේ සියලුමදේ හොයලා බලලා හැම වැඩකදීම තමන්ට ශක්තියක් වූනු සුජීවාව විවාහ කර ගන්න සූදානම් වීම දැන් ගෙදර ලොකුම ප්‍රශ්නය බවට පත්වෙලා. අමිල...
"ලොකු උනාම කවුද වෙන්නේ?" හැම පොඩි දරුවෙක්ම මුහුණ දෙන ප්‍රශ්නය.ඩොක්ට කෙනෙක්, ටීච කෙනෙක්, ලෝයර් කෙනෙක් වගේ විවිධ උත්තර ලැබෙන ප්‍රශ්නය.මම හැමදාමත් ඒ ප්‍රශ්නයට දුන්නේ එකම උත්තරයක්. "මට ඕනෑ නිළියක් වෙන්න." ඒ උත්තරේට ලැබුණු ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නෑ.ඒක ගෑනු ළමයෙක්ට නොගැලපෙන හීනයක්.සමහරු එහෙම කිව්වා.පුංචි කාලේ කියපු කතාව තවදුරටත් නොගැළපෙනවා කියලා මගේ...
දොළොස්වන දිගහැරුම , ඉකෙබානා මල් සැකසීමේ කලාව යනු ජපානයේදී මා ඉගෙන ගත් තවත් සුවීශේශී දෙයකි.ඒ දැනුම අපතේ නොයන දෙයක් බවට පත් කරමින් මා එය ප්‍රයෝජනයට ගන්නේ වර්තමානයේ මගේ නිවස ලස්සනට සැරසීම සඳහා මල් සකස් කරමිනි.එපමණක් නොව මා ඔරිගාමී කලාවද ඉගෙනගත්තේ ඉතාම උනන්දුවකිනි. ඒ වගේම ජපන් ක්‍රමයට පැරණි චාරිත්‍ර පෙරදැරිව සිදුකෙරෙන...
"අපේ අක්කගෙ කොලුවා ඊයේ කෙල්ලක් උස්සන් ආවනෙ" අපේ ගෙදර අත් උදව්වට ඉන්න මල්ලිකා ගෙට ගොඩ උනේ එහෙම කියාගෙන.නරියෙක් කුකුල් පැටියෙක් උස්සන් ආවා වගේ සරල කතාවක්. අම්මත් මමත් මූණට මූණ බලා ගත්තා. "කෙල්ලගෙ ගෙදරින් හොයයි කියලා අපේ ගෙදරනේ තියාගත්තෙ.මාත් ටිකක් පරක්කු වුනේ ඒකයි නෝනා" ආදරයකට උදව් කරන එක නරක වැඩක් නෙමෙයි.ඒත් මට මතක...
අපේ කැදැල්ල ආදරය උතුරා යමින් තිබූ තැනකි.සතුට බෝ වූ තැනකි.අප සෑම මොහොතක්ම ගෙවූයේ සතුටිනි.ආදරය සහ සතුටට නිදසුනක් ඕනෑ නම් අපේ පවුල එයට ප්‍රමාණවත් විණි. මමත් වරුණත් හඳුනා ගත්තේ සරසවියේ දී ය.සියල්ල සතුටින් අහවර විණි.අප විවාහ වී අපේම නිවසක් ඉදි කළෙමු.කුඩා දියණිය අපේ ලෝකයට සතුට රැගෙන ආවා ය.ඇයට දෑවුරුද්දක් වෙද්දී අක්කා...
එකොළොස්වන දිගහැරුම , මගේ අම්මා ,කුඩා කල සිටම බතික් ඇඳුම් ඇඳීම සඳහා මා හුරු කළ නිසා මා අදටත් බතික් ඇඳුම් ඇඳීම සඳහා අතිශය ප්‍රිය කරමි. මා ජපානයට එන විට අම්මා මට බතික් ඔසරියක් සකස් කර දුන්නාය. මා එම ඔසරිය ඇඳ සිටිනු දැක ජපානයේ නමගිය චිත්‍ර ශිල්පින් කිහිප දෙනෙකු මා අමතා...