Tag: සඳක් කළ සක්මන්
"මං කියන්න ගියේ හතළිහ පැන්නට පස්සෙ ගෑනු ජීවිත හරියට මුහුදෙ ගැඹුරුම තැනක් වගේ කියල..ගැඹුරු වැඩිම තැන් හරි නිශ්චලයි. සන්සුන්. හතළිහක් වෙනකොට ගෑනු අපිටත් වෙන්න තියන ඔක්කොම දේවල් වෙලා ඉවරයි. ආදරේ කරල…ප්‍රතික්ශේප වෙලා…රිදිල…අඬල…තුවාල කැළැල් එක්ක වෙන ජීවිත ගත කරල..බැඳල..ළමයි හම්බ වෙලා…ළමයි වෙනුවෙන් ජීවත් වෙලා…මැරේජ් ලයිෆ් එක ගැන කලකිරිල..ඩිවෝස් වෙලා…ළමයි ලොකු...
ගැහැනු ළමයෙකු ට යන්නට වන දිගු ම දුර ගමන, පියා ගේ ගෙදර සිට සැමියා ගේ ගෙදරට ය. ඒ ගමන මා හිතා හිටියාටත් වඩා දුර එකක් බව මට වැටහුණේ යන්නට සූදානම් වෙත්දී ය. විවාහය ලියාපදිංචි කිරීමෙන් පසු අපේ ගෙදර තේ මේසයක් සූදානම් කොට තිබිණි. මගේ හිත තිබුණේ බර වී ය.
"ලස්සනයි"
තේ...
නංගී දියණියක බිහි කළා ය. දරුවා පුතෙකු විණි නම් හොඳ යයි මගේ හිත කියමින් තිබිණි. එතකොට නංගී සේ විපතට පත් නොවී ඔහු රැක ගන්නට ඇය ට පුළුවන් වනු ඇත. නමුත් ඉරණම හැම විට ම අපට අප කැමති දේ ම ලබා දෙන්නේ නැත.
ඒ බිළිඳිය රෝස පාට නිරෝගී දැරියක වූවා ය....
මම නංගී ගේ මුහුණ වඩාත් ළඟින් දුටිමි. අප දෙදෙනා නිදන්නේ ද එක ම යහනක වී ද, ඇය ගැබ් ගත බව දැන ගත් සහ ඊට වග කිව යුතු ආකාශ් යයි ඇය කී දින සිට මා ඇගේ මුහුණ හොඳින් නො බලා ඇති බව මට වැටහුණේ මේ මොහොතේ ය. නංගී ගේ සියලු...
ජීවිතය කවදත් මට රෝස මල් යහනක් වූයේ නැත. නමුත් මේ තරම් කටුක වියරු බවක් ද මින් පෙර මට එහි දැනී නො තිබිණි. මගේ බලාපොරොත්තු, ආශා හා පැතුම් සියල්ල අවසාන වශයෙන් මා වෙත පැමිණි ආකාරය මේ ද?
කේෂාන්තයේ සිට පාදාන්තය තෙක් ම ගිනි ගන්නවා බඳු දැවීමක් මට දැනෙමින් තිබිණ. නමුත් මේ...
නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට යමක් එහි නැත. නමුත් එසේ වූයේ නැතියෙන් මට සැනසුමක් දැනිණ. නො පෙන්වා සිටියා ට අම්මා ට හා තාත්තා ට ද එසේ වන්නට ඇත.
ඇය ගැබ් ගෙන...
මගේ උසස් පෙළ විභාගය වෙනුවෙන් මේ වතාවේ මටත් වඩා උනන්දු වූයේ ආකාශ් ය. මමත් මට හැකි උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළෙමි. ඇතැම් දවසක රෑ බෝ වන තුරු ම අපි ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීමේ යෙදුණෙමු. නෙරංජලා ගුරුගේ නිදි මරමින් තේ කෝපි තනමින් අපට වතාවත් කළා ය. මගේ පාඩම් කටයුතු...
දවස් ගෙවී ගියේ ඉක්මනට ය. ගලින් ගල උස් වී අපේ කුඩා නිවසෙහි බිත්ති ඉහළ යන හැටි මම සතුටෙන් බලා සිටියෙමි. තාත්තා මාසේ අන්තිමට ගෙදර ආවේ ය. ඔහු පැමිණියේ අතින් කටින් බඩු මලු එල්ලා ගෙන ය. ළමා වියේ දී අපට අත්හැරී ගිය කිසියම් දෙයක්, සතුටක්, අප වෙත නැවත සපැමිණෙමින් තිබෙන...
පවුල පිටින් ම කතරගම යනු වෙනුවට මුලින් තාත්තා පමණක් යන්නට තීරණය විය. තාත්තා ඒ පරිසරයට හා රැකියාවට හුරු පුරුදු වීමෙන් පස්සේ අම්මා එහි යන්නට කතා කර ගත්තේ මා හා නංගී දෙදෙනා ම විභාග වලට සූදානම් වෙමින් සිටි නිසා ය. මගේ විභාගය නිම වූ පසු සුදුසු තැනක් බලා බෝඩින් විය...
මම නංගී ව පන්ති වලට දැම්මෙමි. මීට පෙර ඇගේ ජීවිතයේ එවන් අංගයක් වූයේ නැත. පාසල් යනවා නම් ගොස් ගෙදර ඇවිත් පොත් ටික පසෙකට දමා යළි ඊළඟට පාසල් යන දිනයේ දී ඒවා ගෙන ගියා පමණි. පන්තියක් කියා දෙයකට ඇය ගියේ මගේ පෙරැත්තයට අම්මා දැමූ ශිෂ්‍යත්ව පන්තියට පමණකි.
පන්ති යාම ප්‍රමාණවත් යයි...