Tag: සුළි සුළඟක සුසුමක්
බෙහෙත් බීමෙන් පස්සේ මට හොඳට ම නින්ද ගියේ ය. මා පිබිදෙන විට දවල් දෙක ද පසු වී තිබිණි. ලූනා යහන පාමුල වැතිර සිට මා අවදි වූ බව දැනී නැගිට අත් දෙක ඇඳ මතින් තබා ගෙන මට කතා කරන්නට වූවා ය.
"සුදු මණිකට බඩගිනිද පැටියො...ඇයි නීලා කන්න දුන්නෙ නැද්ද...අපි යංකො කිචන්...
අම්මා රැගත් රිය නික්ම ගියේ පැය කාලකට පමණ පස්සේ ය. ඒ වන තුරු මිදුලේ කුරුමානම් අල්ලමින් සිටි මම තන්බර්ජියා මල් වැට දෙසට ගියෙමි. නිල් පාට රවුම් පෙති සහිත ලොකු මල් කිනිති, මල් වැටුණ තිර රෙදි සේ පහළට එල්ලී තිබුණේ ය. මල් අතරේ මී මැස්සෝ ද බඹරු ද රොන් සොයා...
කිරි එක බී හිසේ සිට පොරවා ගෙන යළිත් මම ඇඳේ ගුලි ගැසුණෙමි. පිටත සිරි පොද වැස්සක හඬ ඇසුණේ ය. මම පොරෝනාව මෑත් කොට යහනේ සිට ම කවුළුව දෙස බැලුවෙමි. වීදුරුවෙන් නිල් කඳු යායේ චිත්රය පෙනේ. මම සිතින් ඒ පොද වැස්ස යටට වී කඳු යාය දෙස බලා සිටියෙමි.ඈත නිල්වන් නිම්න...
පිටත සුළං ගතියක් තිබිණ. වැරැන්ඩාවේ මා එල්ලූ සුළං සීනුව දිගට ම නද දෙමින් තිබිණ. ඒ සුළං සීනුව මා ගෙන ආවේ කොළඹ ගෙදර මගේ කාමරයේ ජනේලය ඉස්මත්තේ එල්ලා තිබී ගලවා ගෙන ය. බොහෝ පාළු දැනෙන වෙලාවන් හිදී මම ඒ සිහින් හඬ තුළ ආත්මයෙන් ම නතර වී ගෙන හිඳිමි.
"සංකල්ප අයිය ඊයේ...
සංකල්ප මා කැටිව ගියේ කුඩා දිය ඇල්ලක් සහිත ස්ථානයක් වෙතට ය. දිය ඇල්ල සමීප ව දකින්නට ගල් තලාවක් මතින් මඳක් ඉහළට නැග යා යුතු විය. ඒ අවට වන තෙත් බර හරිත පරිසරය නෙත නිවා සනසන සුළු විය. කූඩැල්ලන් ඇත් ද යන බිය හැරෙන්නට වෙන දෙගිඩියාවක් මවෙත වූයේ නැත. දීප්තිමත්...
මම මගේ සිනහව වෙනස් නො කර ම සංකල්ප දෙස බලා සිටියෙමි. ඔහු ඉඩ කඩ ඇති තණ නිල්ලක් අයිනට කොට රිය නතර කළේ ය.
"ඇයි ඔය බය වෙලා වගේ..."
මා එසේ ඇසුවේත් සිනහවෙන් ම ය.
"එතකොට ඇත්තද අර නීලා ඇන්ටි කියන කතාව..."
"මොනාද නීලම්ම කියන්නෙ..."
"ඔයාගෙ අම්ම බයෙං ඉන්නෙ කියල...ඔයා පැවිදි වෙයි කියල..."
"අයියෝ..."
මම හිසෙහි අතක්...
කිසිවක් නො සිතා සන්සුන් ව නිදන්නට මට අවැසි වී තිබිණි. නමුත් රතු රිබන් පටිය ද ළදරු හා තුරුණු සංකල්ප ගේ මුහුණුවරයන් ද මගේ මනසේ හොල්මන් කරන්නට වූයේ ය. නින්ද යන්නේ නැති තැන මම නැගිට යූ ටියුබ් එකෙන් කසුන් කල්හාර ගේ ගීතයක් දමා ගතිමි. හැන්දෑවේ සාදයේ දී සංකල්ප එය ගැයුවේ...
ළදරු සංකල්ප ගේ ඡායාරූපය දැකීමෙන් පස්සේ, කාලයේ වැලි තලාව අස්සේ හැංගී තිබුණ යම් සිදුවීම්, සිහිනයක දුටු සේයා සේ මගේ මනස තුළ එහෙ මෙහෙ වන්නට වූයේ ය. පාසල් සේවා වෑන් රථයෙහි දී, කුඩා පිරිමි ළමයෙක් මගේ කොණ්ඩයෙන් ඇද ඉවත බලා ගනු යන්තමින් මට සිහ් විය. මම හැරී බලා රවමින් ඔහු...
"දුක්බරම කවියක් ලියාඑහි පද පෙලක් අඩුවෙන් තියාඅරුත පසිදින්නට කියාඅවසානයට පෙර ඈ ගියා"
සීතල තවරා ගනිමින් උන් පිනි බර ලා අඳුරේ සංකල්ප ගේ බරැති හඬ මගේ හදවත් බිත්ති මත හැපී මා කම්පිත කරවූයේ ය. ඔහු අලුත් යමක් කීවා නොවේ. මා හොඳට ම දැන උන් වචන, මා ඉඳුරා දැන උන් තනුවක් ප්රතිරාව...
"එදා ඉඳල අවුරුදු විස්සක්...මං තාමත් ඒ තනි කමත් එක්ක පොර බදනව...විඳවනව..."
ඒ තරං දුක් බර කතාවක්, සංකල්ප කීවේ සිහින් කර ගත් දෑස් මත වන මඳ සිනහවකිනි. සිනහවෙන් දුකත් විඳ ගන්නා මිනිස්සු සිටිති!
"මට හිතා ගන්න පුළුවන්. අප්පච්චි නැති වෙච්ච එක්ක දරා ගන්න විදිහක් තේරෙන්නෙ නැතුව තමයි මං හැම දේම අත් ඇරල...