fbpx

සුළි සුළඟක සුසුමක් -13

කිරි එක බී හිසේ සිට පොරවා ගෙන යළිත් මම ඇඳේ ගුලි ගැසුණෙමි. පිටත සිරි පොද වැස්සක හඬ ඇසුණේ ය. මම පොරෝනාව මෑත් කොට යහනේ සිට ම කවුළුව දෙස බැලුවෙමි. වීදුරුවෙන් නිල් කඳු යායේ චිත්‍රය පෙනේ. මම සිතින් ඒ පොද වැස්ස යටට වී කඳු යාය දෙස බලා සිටියෙමි.ඈත නිල්වන් නිම්න හා තැනිතලා භූමියේ වන සිහිලැල් සුවය හිතෙන් මවා ගෙන මම යළිත් නෙතු පියවා ගතිමි. ඇත්ත ම ඇත්ත නම් ඇස් විවර කරගෙන හෝ ඉන්නට මට හැකි නොවීම ය. ගලක් පැටවූවා බඳු බර ගතියක් හිසෙහි විය. මම කණ්ණාඩි මේසය ට අත දිගු කොට ඕඩිකොලෝන් බෝතලය ගෙන අහුරක් හිස් මුදුනේ හා නළලේ හලා ගතිමි.

යළිත් ඇස් අරින්නට වූයේ යහන මත වූ ජංගම දුරකතනය හැඬවෙන හඬට ය.

“අම්..ම..”

මම වෙනසක් නො හඟවන්නට තැත් කළෙමි. නමුත් නීලා අම්මා ට කේළම කියා තිබුණා ය.

“මොකද දරුවො ඔයාට උණ කියල කියන්නෙ…”

“අයියෝ…එහෙම ලොකු උණක් නෑ අම්ම. ටිකක් හිස රදේ.මේ දවස් වල මෙහෙ වැස්සයි සීතලයි ටිකක් වැඩි නිසා වෙන්න ඇති”

“කෝකටත් ගිහිං බෙහෙත් ටිකක් ගන්න”

“බෙහෙත් ඕන්නෑ අම්මා”

“හිතුවක්කාර වෙන්න එපා උත්තරා. මං දැං මෙහෙං පිටත් වුණත් එන්න වෙලා යනවනෙ. ඔයා නීලා එක්ක ගිහිං බෙහෙත් ටිකක් අරං එන්නකො”

“හරි හරි මං ගන්නං”

මා එසේ කීවේ ස්ථිර වශයෙන් ම බෙහෙත් ගන්නට යන අදහසක් ඇති ව නොව, නැතහොත් අම්මා තව දෙපැයක් යන්නට පෙර රත්නපුරයට සැපත් වන බව දන්නා නිසා ය. උන් හිටි ගමන් උණක් හිස රදයක් ආවේ සීතල නිසා යයි සිතන්නට මටත් ඕනා විය. කෙසේ වෙතත් හිස කෙළින් කර ගත නො හැකි තරමට හිසරදය උත්සන්න විය.

“ඊයෙ දවල් කාපු ගමං තාම හිස් බඩ. දැන්නං මොනා හරි කාල ඉන්නම ඕනෙ සුදු බබා. කාල බෙහෙත් පෙති දෙකක් බොමු. ලොකු නෝනා කිව්ව සුදු බබාට ගෑස් තියන නිසා හිස් බඩ පෙති දෙන්න එපා කියල”

නීලා නැවතත් කාමරයට ආවා ය. අම්මා කියා තිබෙන්නේ ඇත්ත ය. නමුත් කෑම රුචියක් කියා දෙයක් මා අසලකවත් වූයේ නැත. 

“කන්න බැරිනං මං සුදු බබාට රතු හාල් බතෙං ලුණු කැඳ ටිකක් හදන්නං”

පොඩි උණ ගතියකට ඇය කලබල වී වැඩි බවක් මට දැනිණ. නමුත් එසේ කියන්නට හෝ හැකියාවක් වූයේ නැත. මම යළිත් යහනේ වැතිරුණෙමි. 

ලූනා කෙඳිරි ගාමින් මා ළඟට වී සිටියා ය. නින්ද නො ගියත් මා සිටියේ පියවි තත්වයක ද නොවේ. නොයෙකුත් පුද්ගලයන් හා සිදුවීම් විකාරරූපී ආකාරයෙන් මගේ මනසේ පෙරළි කළෝ ය. අප්පච්චි, අම්මා, එෆ් එම් නාල්කාවේ හිතවතුන් සේ ම සංකල්ප හා මල්ෂා ද ඒ අතරේ වූ බව මට මතක ය.කොහේදෝ ඈතක සිට මට ඇහෙන්නට සංකල්ප සිය ගැඹුරු මුණිවර හඬින් ගයනවා මට දැනුණේ ය.

“ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න…කොළ පාට හැළුණ ඈත නිම්නයේ..මීදුම් දුමාරයේ…සීත හැන්දෑ යාමේ..සිහින ඇන්ද සානුවේ…”

 යළි මා අවදි වූයේ නීලා කැඳ එකක් ගෙන විත් බලයෙන් ම මගේ හිස ඇගේ උකුල මතට ගෙන එය පොවන්නට තැත් කරත්දී ය.

“අනේ සුදු බබා බබාට හුඟක් අසනීපයිනෙ. අපි ගිහිං බෙහෙත් ටිකක් අරං එමු. මං අර සංකල්ප ළමයට කතා කරන්නං වාහනේ අපිව එක්කං යන්න කියල”

“එපා එපා”

හිසරදය අතරේ ත් මගේ අහංකාර කම වඩා ප්‍රබල වූයේ ය.

“පේන් කිලර්ස් ගත්තම හරියයි”

කැඳ ස්වල්පයක් සමග මම පෙති දෙක ගිල දැමුවෙමි. ඊට පස්සේ කිසිවක් මට මතක නැත. කොයි තරම් වෙලාවක් නිදා ගත්තා ද කියා නම් නිනව්වක් ඇත්තේ ම නැත. යළිත් මා අවදි වෙත්දී කිසියම් සැහැල්ලුවක් මට දැනෙමින් තිබුණේ ය. මේ මොහොතේ වෙලාව කීයට පමණ ඇත්ද කියා දැන ගන්නට සිතක් මා තුළ උපන. මම ඇඳෙන් බැස්සෙමි. හිසෙහි සුළු වේදනාවක් තිබුණත් උදේ වාගේ අමාරුවක් නැති බව මට දැනිණ.

ලූනා පේන්නට හිටියේ නැත. මම කාමරයෙන් නික්ම ආලින්දය වෙත ආවෙමි. බරාඳය පැත්තෙන් නීලා ගේ හඬ ඇසිණ.

“ලොකු නෝනත් දැං කීප සැරේ කෝල් කළා. ලොකු නෝනාට කැන්සල් කරන්න බැරි මීටින් වගයක් කිව්ව. ඔය ළමයට පොඩ්ඩක් කතා කරගෙන සුදු බබාව දොස්තර ළඟට එක්කං යන්න කියල තමයි කිව්වෙ”

“දැං අපි නැගිට්ටවලවත් ඩොක්ට ළඟට එක්ක යමුද නීලා නැන්දෙ…”

මම බරාඳයට කර පෙව්වෙමි. සංකල්ප ගේ ඇස් මගේ ඇස් හා එක ම රේඛාවක යා වන්නට ගත වූයේ තත්පරයෙන් සීයෙන් එකක් තරම් කුඩා කාලයකි. නමුත් සිව් නෙත් එක තැනක නතර වී තත්පර ගණනාවක් පා වීමක සංවේදනයක් විඳ ගන්නට ඇත.

“උත්තරා…දැන් කොහොමද ඔයාට…”

කියා අසා ගෙන ඊළඟට ඔහු පුටුවෙන් නැගිට මවෙත ආවේ ය. මේ වගේ වෙලාවක හිත පිරිමැදිය හැකි කෙනෙකු ගේ වාරුවක් තිබෙනවා නම් ඊට වඩා සැනසිල්ලක් නැත. නමුත් එක මොහොතක දී, ඔහු ගෙන් එවන් සැනසිල්ලක් නො සෙවිය යුතු යයි මම තීරණයකට ආවෙමි. 

“සුදු බබා…යමු යමු දොස්තර ළඟට. ලෑස්ති වෙලා එන්න. මේ සංකල්ප පුතා දැං කී සැරයක් ආවද…කෝ සුදු බබා දිග නින්දකනෙ හිටියෙ”

“මට දැං හොඳයි නීලම්මා”

මම මට පුරුදු කෙළවර පුටුවේ ගුලි ගැහුණෙමි. ඔළුවේ බර ගතිය අඩු වූවාට ගතෙහි සීතලක් විය. සංකල්ප මවෙත විත් කිසි බයක් සැකක් නැති ව මගේ නළලෙහි පිටි අත්ල තබා බැලුවේ ය.

“හොඳ කොහෙද…තාම උණ තියෙනව. ලෑස්ති වෙලා එන්න”

එය විධානයක් සේ ය. හිතේ එක පැත්තක් ඒ විධානය කෙරේ ලොබ බඳින්නට හදත්දී අනිත් පැත්ත ඊට එරෙහි ව කැරලි ගැසුවේ ය.

“මට බෑ”

“අනේ එහෙම කියන්න එපා සුදු බබා. මේ ළමය අද දවසම සුදු බබා නිසා රස්තියාදු වුණ එකනෙ කළේ”

“ඉතිං මං කිව්වද මං නිසා රස්තියාදු වෙන්න කියල…මේක මාර වැඩක්නෙ”

හිතේ නොවන කේන්තියක් මුහුණේ ද වචන වල ද තවරා මම ගසා දැමුවෙමි. සංකල්ප බෝ ඉවසීමෙන් මදෙස බලා ඉන්නා බවක් පෙනිණ. 

“ලොකු නෝනයි කිව්වෙ ඒ ළමයගෙං උදව්වක් ගන්න කියල…”

“අනේ මට වද නොදී ඉන්නකො නීලම්ම”

මම හිස අත් බදා ගෙන කීවෙමි. කිසිදු හේතුවක් නැතත් බිම වැටී ඉකි බිඳ බිඳ හැඬීමේ අවශ්‍යතාවයක් මා වසා ගන්නවා සේ මට දැනිණ.

“ඇත්තටම දැං මට ගොඩක් හොඳයි සංකල්ප”

මා ඔහු දෙස බලා කීවේ, සංකල්පට අකෘතඥ වීමේ සීමාව මවිසින් ඉක්මවනු ලබමින් සිටින බව දැනී ය.

“නීලම්ම මට තේ එකක් හදල දෙන්න”

ඒ ගමන් ම මම නීලා ගෙන් ඉල්ලීමක් කළෙමි. කෑම රුචියක් නැතත් මඳ කුසගිනි ගතියක් දැනෙමින් තිබිණ. 

“මං සුරුස් ගාල හදං එන්නං. සංකල්ප පුතාටත් එක්කම”

සංකල්ප මගේ  පුටුව වෙතට යාබදව වූ පුටුවක් ඇද හිඳ ගත්තේ මවෙතින් නො ගත් දෑස් ඇතිව ය. 

“කන්න බැරි නං මං කඩෙං මොනා හරි ගෙනත් දෙන්නද..ම්…”

සංකල්ප මගේ හිස් මුදුන පිරිමදිමින් ඇසුවේ ය.ඉකි ගසා හැඬිමේ අවශ්‍යතාවය තවත් දැඩි වෙනවා දැනිණ. ඇස් වලින් උණු කඳුළක් ගිලිහුණේ ය. සංකල්ප සිය මහපට ඇඟිල්ලෙන් එය පිස දා හළේ ය.

“ඔහොම ඉඳං මීදුම් දුමාරයේ කියන්න…”

මම ඇස් පියා ගනිමින් කීවෙමි. ඔහු ඉතා මත් ම සුවදායී හඬකින් මට ඇසෙන සේ එය ගැයුවේ ය. මගේ දිගු නින්ද පුරා ම හිස පිරිමදිමින් ඔහු ගී ගයමින් සිටි බවක් මම නො කියා සිටියෙමි.

අප තේ බොත්දී නීලා මගේ ජංගම දුරකතනය ගෙන පැමිණියේ ඇමතුමකු බව කියමිනි. නමුත් එතැනට එත්දීම එහි හැඬවුම නතර විය. නීලා පුටු අත මතින් තබා ගිය දුරකතනය සංකල්ප සියතට ගත්තේ ය.

“මගෙ නම්බර් එක සේව් කළා. උවමනාවක් වුණොත් කතා කරන්න හරිද…රෑට හරි…”

එකෙනෙහි ඔහු සිය ජංගමයේ මගේ අංකය ගබඩා කර ගන්නවා ද මම දුටිමි.

“මට දැං හොඳයි”

මම කොඳුළෙමි. සිනහවක් නැති වතින් ඇස් කුඩා කොට මදෙස බලා හිඳ සංකල්ප නික්ම ගියේ ය. යළි ඔහු ආවේ රෑ වී ගෙන එත්දී සුප් එකක් අරගෙන ය. පස්සෙ බොන්නං කියමින් මම එය මග හරින්නට හැදුවෙමි. නමුත් ඔහු වදෙන් පොරෙන් බල කොට වාගේ මට එය පෙව්වේ ය.

“සංකල්ප පුතා ඕක තියල ගියානං මට කීයටවත් පොවා ගන්න බැරි වෙනව”

නීලා ආඩම්බරකාර හඬකින් කීවා ය. ඇගේ අහිංසක ලෝකයේ දැනටමත් සංකල්ප වීරයෙකු වී ඇතැයි මට සිතිණ. 

ඔහු යන්නට වැරැන්ඩාවේ පඩියත් බැස්ස පසු මම සංකල්ප කියා කතා කළෙමි. ඔහු නැවතී හැරී බැලුවේ ය. මම තරමක් සමීපයට ගියෙමි.

“කිචන් එකේ මල්ලිට කියන්න සුප් එක රහයි කියල”

ඔහු තත්පර කිහිපයක් එක එල්ලේ මදෙස බලා සිටියේ ය. ‘මොකද’ කියා ඔහු ට සැර කරන්න ට තරම් ඇඟ පතෙහි පණක් මට නො විණ.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“මමයි හැදුවෙ”

එසේ කියා ඔහු ගල් පතුරු ඇල්ලූ පාර දිගේ නික්ම ගියේ ය. මම මහත් පාළු සංකා හැඟීමකින් බලා සිටියෙමි.  ඒ සංකාවට හේතුව කුමක් ද කියා මට තේරුණේ ම නැත.

රාත්‍රියේ අම්මා ආවා ය. තකහනියේ වැඩ දමා එසේ පැමිණීම ගැන මගේ කැමැත්තක් වූයේ නැත.

“මට ලොකු අසනීපයක් නෑනෙ”

“ඒ වුණාට පුතේ. ඔයගොල්ලන්ට හෙම්බිරිස්සාවක් හැදුණත් ඒ කාලෙ ඉඳලම මං කලබල වෙනව. ඒත් අප්පච්චි හිනා වෙනව දරුවන්ට වඩා පොඩි එකෙක් වගේනෙ මං කියල”

මම අම්මා ගේ තුරුළෙහි ගුලි වී සිටියෙමි. ඇය මගේ හිස පිරිමැද්දා ය. සංකල්ප ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ඒ වෙලාවේ ය.

“මුකුත් අමාරුවක් එහෙම නෑ නේද…ඩොක්ට ළඟට යන්න ඕනද…”

“නෑ සංකල්ප….අම්ම ආව. ඔයා දැං වොරි වෙන්න එපා”

“ඒත් ඕන වුණොත් කතා කරන්න උත්තරා”

“හ්ම්”

“එහා වත්තෙ මිස්ට ජයවර්ධනගෙ පුතා නේද…”

සංකල්ප සමග දුරකතන සංවාදය නිම වූ ගමන් අම්මා ඇසුවා ය.

“සර්නේම් එකක්නං දන්නෑ. සංකල්ප. ඩොක්ට ළඟට එහෙම යන්න ඕනද ඇහුව”

“නීලා කිව්ව ඒ ළමය ඔයා එක්ක හිතවත් කියල”

“මාත් එක්ක මොන්ටිසෝරි ගිය ළමේක්නෙ අම්ම”

“ඔයාට පාටි එකකටත් ඉන්වයිට් කළාලු නේ…”

“හ්ම්. බර්ත් ඩේ පාටි එකක්. මං හිතන්නෙ එයාගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ගෙ”

මට ඕනෑ වූයේ ඒ කතා බහ එතෙකින් නිමා කරන්නට ය. උදේ සිට ම දැනෙමින් තිබූ තනිකම ගැන හැඟීම, අම්මා තුරුලේ නිදත්දී තුනීව යමින් තිබිණ. වැඩ ඇති බැවින් අම්මා උදෙන් ම කොළඹ යන්නට සූදානම් වූවා ය. ඇය යන රිය පසු පසින් මම වත්ත දෙසට අඩියක් දෙකක් ගියෙමි. හයිලන්ඩ් ගෙස්ට් ඉදිරියේ රිය නවතා ගත් අම්මා ඉන් බැස එහි ඇතුළට යනවා මට පෙනිණ. ඈ එහි යන්නේ කුමට ද? කොළඹ සිට ඉඳ හිට අප මෙහි ආ කිසි ම වතාවක, පරණ හිතවත්කම් අලුත් කර ගනු වස් අම්මා එහි නො ගියා ය. ඉතින් අද ඈ එසේ කරන්නේ කුමන හේතුවක් මත ද? අනියත ගැස්මක් හිත් හි ඇති විය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x