ළදරුවෙක්ගේ පළමු උපන්දිනයට ගැලපෙන තෑගි තෝරාගමු

පුංචි දරුවෙකුගේ පළමු උපන්දිනය ඇත්තටම වැදගත් අවස්ථාවක්. එය දෙමාපියන්ට වගේම ඉදිරියට සාර්ථක දිවියක් අරඹන සිඟිත්තාටත් ඉතාම වැදගත් ආරම්භයක් සනිටුහන්කරන අවස්තාවක්. එනිසා එය ඔබේ දරුවාගේ වූවත් ඔබ ඇරයුම් ලැබූ උත්සවයක් වූවත් පළමු උපන්දිනයට තෑග්ගක් පිරිනැමීමේදී තරමක් කල්පනා කලයුතුවෙනවා.

මේ තෑගි වර්ග කිහිපය නම්..

  1. සද්දය එන සෙල්ලම් බඩු (Noisemaker Toys) සහ තල්ලුකරන සෙල්ලම් බඩු (Push Toys)

මේ වයසේ පුංචි දරුවන් ශබ්දවලට ඉතාමත් ප්‍රියකරනවා. එනිසා සංගීතරාව නංවන සෙල්ලම් බඩු, සෙල්ලම් ටෙලි ෆෝනයක් ආදිය හොඳ තෝරාගැනීමක්. මේ කාලයේදී අල්ලාගෙන නැගිටින්න උත්සාහකරන නිසා තල්ලුකරන සෙල්ලම් බඩු ආදියත් ගැලපෙනවා.

  1. බිල්ඩිං බ්ලොක්ස් (Building Blocks)

තමන්ගෙ උසේ තරමට කුළුණු තනා ඒවා තල්ලුකරමින් සතුටුවන සිඟිත්තන් ඔබ දැක ඇති. මෙය සිඟිත්තන් අතර ජනප්‍රිය සෙල්ලම් බඩු වර්ගයක්. කටේ, කනේ හෝ නාසයේ සිරකරගත නොහැකි ප්‍රමාණයේ බිල්ඩිං බ්ලොක්ස් සෙට් එක් තෝරාගන්න මතක තබාගන්න.

  1. පිංතූර පොත්

අලංකාර පිංතුර බලන්න කොයි පොඩ්ඩද අකමැති? අකුරු නැති වෛවර්ණ පිංතූර ඇති baby book එකක් පොඩිත්තා කැමතිම දෙයක් වේවි. ලොකු අය අනුකරණය කරන්න ආස නිසා ඒ අය වගේ පොත ‘කියවන්නත්’ පොඩිත්තාට පුළුවන්.

  1. කෑම කන උපකරණ සහ නානවිට භාවිතාකරන සෙල්ලම් බඩු

මේ වයසේ ළදරුවකුටෙ කවාගන්න එකයි නාවන එකයි පුංචි යුද්ධයක් වගෙයි. ඒ නිසා විසිතුරු කෑම කන උපකරණ සහ නානවිට භාවිතාකරන සෙල්ලම් බඩු ගැලපෙනම තෑගියි.

  1. සුරැකුම්පත්/ කොටස්වෙළඳපළ ආයෝජන

හොඳ ආයෝජනයක් කියන්නෙ කොයි කාලයටත් ගැලපෙන දෙයක්. අනාගතය සඳහා ආයෝජනය කරන්න පටන්ගන්න පළමු උපන්දිනයේදීම හැකි නම් ඉතාමත් හොඳයි. විශේෂයෙන්ම අනාගත අධ්‍යාපන කටයුතු සඳහා ඉතාමත් ප්‍රයෝජනවත්

මෙම වයසේ සිඟිත්තන් තෑග්ග ඔතාතිබුණු කොලය සමඟත් සතුටින් සෙල්ලමේ යෙදෙති. එනිසා තෑග්ග ලස්සනට සරසා ලබා දීමටත් අමතක කරන්න එපා.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles