පාසල් යන්න අකමැති දරුවන් ඉන්න දෙමාපියන්ට…

දරුවා පාසල් යන්නට දක්වන අකමැත්ත බොහෝ දෙමාපියන් නිතර දකින්නේ දරුවාට ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ සිටදරුවාගේ පැත්තෙන් සිතා ඒ පිළිබඳව සොයා බැලීමට දෙමාපියන් පෙළඹෙන්නේ කලාතුරකින්නමුත් දරුවාගේ අකමැත්ත ඉතාමත් බැරෑරුම්ව ගත යුත්තක් වනවාඒ එය ඔහුගේ සමස්ථ අනාගතයටම බලපාන බැවින්.

පන්ති කාමරයක් තුලදී හිංසන වර්ග කිහිපයක් විය හැකියි!

  • කායිකව පීඩාවට ලක්වීම
  • වාචික හා මානසික පීඩාවට ලක්වීම
  • ලිංගිකව පිඩාවට ලක්වීම

දරුවාගේ හැසිරීම කෙබඳු විය හැකිද?

පිඩාවට ලක්වීම නිසා:

  • කෝපයට පත් වීම
  • ප්‍රචණ්ඩ හැසිරීම් රටාවක් පෙන්වීම
  • තැති ගැනීම
  • විශාදය වැනි රෝගී තත්ත්වයන් පෙන්නුම් කිරීම
  • සිය දිවි හානි කරගැනීමට සිතීම
  • රෝගී තත්වයන්ට ගොදුරු වීම
  • කිසිවෙකු විශ්වාස නොකිරීම
  • එකට එක කිරීමට පෙළඹීම
  • අසරණ බවකින් සිටීම

කළ යුත්තේ මොනවාද?

  • දඬුවම් කිරීමට යාමෙන් වළකින්න.
  • කොන් නොකරන්න
  • මවුපියන් හෝ ගුරුවරුන් සමඟ කතා කරන්න
  • ආදරය කරුණාව දරුවාට දෙන්න
  • දරුවාගේ විශ්වාසය දිනාගන්න
  • ඇහුම්කන් දෙන්න
  • කතා කරන්න
  • අවශ්‍ය නම් මානසික ප්‍රතිකාර වලට නොපැකිළව යොමු කරන්න.
  • දරුවාගේ ගැටලුවට පිළිතුරක් ලබාදෙන්න

– චම්මි –

Related Articles

Don't Miss


Latest Articles