පහසුවෙන්ම සම රැකගන්න මෙන්න හොඳම ක්‍රමය

ඡවි කල්‍යාණය යනු පංච කල්‍යාණයන්ගෙන් එකකි. හොඳ පැහැපත් පිරිසිදු සමක්‌ තිබීම නිරෝගී බවේ සංකේතයකි. ඒ වගේම සම (skin) ඔබ ශරීරයේ විශාලතම හා වඩා වැදගත්ම ග්‍රන්ථීයක් වන බැවින් සම රැකගැනීම ඔබගේ රුව වඩවනවා මෙන්ම ඔබට ආරක්‌ෂාකාරී ලෙස රැක ගැනීම ද අවශයි.

නමුත් බොහෝ දෙනාට සහ රැක ගැනීම පිළබඳව එතරම් අවබෝධයක් නැහැ. සම පැහැපත් කර ගැනීමට ඇති උනන්දුව සම රැකගන්නට යොදන්නේ නැත. බොහෝ විට වන දුම්, දූවිලි, හිරු රශ්මිය, කලබලකාරී ජීවන රටාව ආදී බාහිර පරිසර සාධක සමෙහි ආරක්ෂාව කෙරෙහි සෘජුවම බලපායි. අප ගන්නා ජලය, ආහාර, ආශ්වාස කරන වාතය ආදියෙහි ද නොයෙකුත් විෂ ද්‍රව්‍ය අඩංගුවෙයි. සමට හිතකර සහ ආරක්‌ෂාකාරී ලෙස නිෂ්පාදන ඉතා හොඳින් රැකබලා ගැනීමට එදිනෙදා ජීවන පිළිවෙල (Life Style) ආදිය පිළිබඳ විශේෂ සැලකිල්ලක්‌ යොමුකළ යුතුය.

මුහුණ පමණක් නොව සමස්ත ශරීරයේම සම රැකගන්නටට විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. දිනපතා ජලය වැඩිපුර ප්‍රමාණයක්‌ බීමට පුරුදු වන්න. නිසි ආහාර රටාවක් පුරුදු කර ගන්න. සමේ තෙතමනය රැකදෙන සහ යොදා ගන්න.

මුහුණ නිතිපතා සුදුසු ෆේස්‌වොෂ් එකකින් සෝදා ගැනීමට වගේම සෑම විටම සමට ගැළපෙන මොයිචර්රයිසින් ලෝෂන් එකක්‌ භාවිතාකර සමේ තෙතමනය මනාව රැක ගන්න. සතියකට දෙවරක්‌ ස්‌ක්‍රබ් කිරීම මගින් සමේ තදින් ගැඹුරට කා වැදී ඇති කුණු දුහුවිලි හා අනවශ්‍ය තෙල් ඉවත්කර සමේ සිදුරු ප්‍රකෘතිමත් කරයි. මෙම සත්කාර සිදුකිරීමේ දී ස්‌වභාවික ශාකසාර අඩංගු රූපලාවන්‍ය නිෂ්පාදන මගින් ඉතා හොඳ ප්‍රතිඵල ලබාගත හැකිය. ඔබේ සම පැහැපත් සම පැහැපත්කර ගැනීම සඳහා මෙන්ම සම රැකගන්නටත් දේශීය ද්‍රව්‍ය එක් කර ගන්න වග බලාගන්න.

නිරෝගී ඉතා හොඳ තත්ත්වයේ සමක්‌ ඇත්තේ සීමිත පිරිසකට පමණි. නමුත් මෙවැනි සරළ පුරුදු මගින් පහසුවෙන්ම සම රැකගන්න පුළුවන්. සමට රූපලාවන්‍ය ප්‍රතිකාර කිරීමේදී ඉතා ප්‍රවේශමෙන් හා අවබෝධයෙන් කළ යුතු බවත් අමතක කරන්න එපා.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles