ස්මාට්ලි ගමනක් යන්න ‘ලයිට් පැකිං’ ටිප්ස් 7ක් !

දවස් දෙක තූනකට එළියට  යන්න වුනාම අපේ බොහෝ කාන්තාවන්ට ඇතිවන ගැටළුවක් තමයි කොහොමද පැක් කරගන්නෙ කියන එක. තවත් ලොකූ චෝදනාවක් තමයි ගමකට සෑහෙන්න බඩු ගෙනියනව කියන එකත්. ඇත්ත! කාන්තාවන්ට අඳින්න තියෙන ප්‍රමාණයත් වැඩියිනෙ.  පුහුණු වීම් වලට හෝ නිතර ව්‍යාපරික සංචාරවල යෙදන කාන්තාවන් ගමන් මල්ලෙ බර වැඩි වුනොත් මුහනුණ දෙන්න වෙන අසීරුතාවයන් පිළිබඳව හොඳින්ම දන්නව. ඒ නිසා තරමක් හරි ‘ලයිට් පැකිං’ එහෙමත්  නැතිනම් ‘සැහැලලු අසුරුම්’ ගැන දැනුවත් වීම වැදගත් වෙන්නෙ. බර අඩු කෙටි ගමන් මල්ලක් සඳහා මේ ස්මාර්ට් ටිප්ස් 7අත්හදා බලන්න.

හොඳ දිගූ කලිසමක් සහ ඩෙනිම් කලිසමක්

දිගූ කලිසමක් ඔබට හොඳ ස්මාර්ට් පෙනුමක  ගෙනදෙනු ඇත. ඩෙනිම් කලිසම සමග නිසි ආභරණ පැළඳීමෙන් වැඩි පෙනුමක් ද ෆ්ලැට්ස් සමග ඇඳීමෙන් කැෂුවල් පෙනුමක්ද ලබාගත හැක. ඔබ කලිසම් අඳින්නට අකමැති නම් ගැලපෙන සාය / සාරි වර්ග දෙකක් යොදා ගන්න.

හොඳ ටොප් එකක් සහ ටීෂර්ට් එකක්

ඕනම තැනකට අඳින්න පුළුවන් අත නවන්න පුළුවන් කමිසයක් සහ සැහැල්ලු ටීෂර්ට් එකක් අනිවාර්යයි.

කළු/ තද පැහැති ගවුමක්

ඔබේ සංචාරය අතරතූරදී රාත්‍රී සාදයක් හෝ උත්වයක් තිබුනොත් මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වේවි. ඔබ ගවුම් අඳින්න අකමැති නම් ඒ වෙනුවට කූර්තා ටොප් එකක් එක්කර ගන්න.

කාර්ඩිගන් එකක් නැත්නම් ෂෝල් එකක්

මෙමඟින් ඔබට වැඩි පෙනුමක් මෙන්ම සීතලෙන ආරක්ෂාවද ලබා දෙනු ඇත.

ආභරණ

බර අඩු අත්‍යාවශ්‍ය ස්මාර්ට් පෙනුමැති ආභරණ කිහිපයක් පමණක් තොරාගන්න.

යට ඇඳුම්

ඔබට අවශ්‍ය ප්‍රමාණයට අමතරව තවත් එක යට ඇඳුම් යගලයක් අසුර ගන්න.

සපත්තූ

දරාගත හැකි උසකින් යුතු සපත්තු කුට්ටමක්, බැලේ ෆ්ලැට්ස් සහ ස්ලිපර්ස් යගලයක් අසුර ගන්නත් අමතක කරන්න එපා.

මේ සියල්ලෙහිම වඩාත් වැදගත්ම දෙය තමයි ඔබ තෝරාගත් බඩුවල බර. ඔබ තනිචම හෝ කුඩා දරුවකූ සමග ගමන් කරනවානම් මේ කරුණ ඉතා වැදගත්.  අද සමාජයේ හැටියට බෑග් එකක් උස්ස ගන්න උදව්වක් ඉල්ලන එකත් භයානක වෙන්න පුළුවන්. ඒනිසා තමන්ට තනිව උසුලාගත හකි බරකින් බඩු අසුරගන්න.

– කල්හාරි –

Related Articles

Don't Miss


Latest Articles