ඉන්දීය ක්‍රමයට කෑම වේලක් – පූරී සමඟ බාජී

පූරී යනු සාම්ප්‍රදායික ඉන්දීය උදේ කෑම, රාත්‍රී කෑම හෝ සැහැල්ලු භෝජන සංග්‍රහයක් සඳහා පිළියෙළ කරනු ලබන ආහාරයකි. පූරී පමණක් ආහාරයට නොගැනෙන අතර බාජී (Bahaji) හෝ ඒ හා සමාන කරියක් සමඟ පිළිගන්වනු ලැබේ.

පූරී සකසා ගැනීමට:

අවශ්‍ය ද්‍රව්‍ය:

  • ආටා පිටි කෝප්ප 2
  • ගිතෙල් හෝ දිය කර ගත් බටර් මේස හැඳි 3
  • බේකින් පව්ඩර් තේ හැඳි 1
  • රස අනුව ලුණු

සාදන අයුරු:

පිටි හා ලුණු භාජනයකට දමන්න. වතුර ටික ටික එක්කරමින් පිටි ටික අනාගන්න. ගිතෙල් හෝ දිය කර ගත් බටර් ද මිශ්‍ර කකර හොඳින් අනාගන්න. මෝලියක් බවට පත්වූ පසු විනාඩි 20ක් පමණ රෙදි කැබැල්ලකින් වසා තබන්න. මෙයින් එකම ප්‍රමාණයේ ගුලි 8 ක් හෝ 10ක් කඩා ගන්න. පිටි ඉසින ලද ලෑල්ලක් මත රොටී මෙන් තුනී කරන්න.  දැන් පැතලි ගැඹුරු සාස්පානකට තෙල් දමා රත්වෙන්න තබා බදින්න.  රන්වන් පාට වන තුරු බැදුණඅ පසු තෙල්වලින් ඉවත් කොට තෙල් උණන කඩදාසියකට දමා බාජී කරියත් සමඟ උණුවෙන්ම පිළිගන්වන්න.

බාජී සකසා ගැනීමට:

අවශ්‍ය ද්‍රව්‍ය:

  • තම්බා කුඩාවට කපා ගත් අර්තාපල්  4
  • කුඩාවට කපා ගත් ළූණු ගෙඩි 1
  • කුඩාවට කපා ගත් අමු මිරිස් කරල්  1
  • කුඩාවට කපා ගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්
  • අබ ඇට තේ හැඳි 1
  • කහ තේ හැඳි1/2
  • කරපිංචා ස්වල්පයක්
  • ලෙමන් යුෂ තේ හැඳි 2
  • එළවළු තෙල් තේ හැඳි 2-3
  • කැමති නම් දුරු තේ හැඳි 1
  • රස අනුව ලුණු

සාදන අයුරු:

පෑන් එකකට තෙල් ටික දමා රත්වෙන්නට තබන්න. එයට අබ ඇට සහ කරපිංචා තත්පර 30 ක් පමණ බැදෙන්නට තබන්න. ළූණු ද එක් කර මද ගින්දරේ මිනිත්තු 2ක් පමණ තබන්න. කහ කුඩු සහ අර්තාපල් එකතු කර, හොඳින් මිශ්‍ර කර මිනිත්තු 1 – 2 මද ගින්දරේ තබන්න.  කොත්තමල්ලි කොළ, මිරිස් සහ ලුණු එකතු කරගෙන තවත් මිනිත්තු 1 ක් පමණ පිසගෙන ලෙමන් යුෂ එක් කර ලිපෙන් බාගන්න.

අච්චාරු, යෝගට් ආදිය සමඟ ද මෙය පිළිගැන්විය හැක.සෙුපුරුදු රොටී වර්ග වෙනුවට පූරී සමඟ බාජී ඔබට නැවුම් රසයක් එක් කරනු ඇත.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles