කෑම වේලට පිළිකා කාරක එකතුවෙන හැටි

අද වන විට පිළිකාව කියන්නේ ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටළුවක්ආහාර සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පිළිකාව දිනෙන් දින සිය අඬු පඬු විහිදා ශක්තිමත්ව නැගී සිටිනවා.

  • අපේ සිරුරේ තැන්පත් වී ඇති අධික මේදයඅන්නශ්‍රොතඅග්න්‍යාශයගර්භාෂයවකුගඩු මෙන්ම පියයුරු පිළිකා අවදානමය වැඩි කරනවාඑම නිසා නියමිත බර සහ දේහ මේද මට්ටම නියමිත පරිදි පවත්වා ගැනීම පිළිකාවෙන් වැලකී නිරෝගිමත් දිවියක් ගත කිරීමට ඉවහල් වනු ඇති.
  • හරක් මස් වැනි රතු මස් ආහාරයට ගැනීම මහා බඩවැලේ පිළිකා ඇති වීමට හේතු වන බව සොයාගෙන තිබෙනවාමෙයට හේතු වන්නේ ඒවාගේ අඩංගු හීම් සංයෝගයනයිට්‍රසෝ වැනි පිළිකා කාරක සංයෝග සිරුර තුල නිපදවීමයි.
  • මේස ලුණු සහ සෝඩියම් සංයෝග වැඩිපුර ආහාරයට ගැනීම ආමාශයේ පිළිකා වලට හේතු වන බව සොයාගෙන තිබෙනවා.
  • ආහාර සැකසීමේදී රසය හා වර්ණය පවත්වා ගැනීම සඳහා නයිට්‍රයිට් එකතු කරනවාඒවා ආහාරයේ අඩංගු ප්‍රෝටීන් සංයෝග සමග එකතු වීමෙන් නයිට්‍රසෝ සංයෝග වැනි පිළිකාකාරක සංයෝග සාදයිඑනිසා එවැනි ආහාර ගැනීම සිමා කළ යුතුයිමිලදී ගැනීමේදී නයිට්‍රයිට් ඇති බව ලේබලය බලා දැනගත හැකියි.
  • අධික උෂ්ණත්වයේ බදින ලද මස් ආහාරයට ගැනීමදඅල පෙතිමයියොක්කා පෙති වැනි පිටි බහුල ආහාර ගැනීමද පිළිකා වලට අත වැනීමක්.
  • ප්ලාස්ටික් භාජන වලට උණුසුම් දියර දැමීමත් ඉතාමත්ම හානිකර වන අතර ඒවා පිළිකා කාරක රසයනයන්ගෙන පිරී ඇත.

රසය පහසුව තරමටම සෞඛ්‍යද වැදගත් බැවින් අපට දෙවරක් සිතන්නට වනවා නේද…?

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles