අදින් පසුව ඔබ පොල් වතුර ඉවත දමන එකක් නැහැ

0
6257

පොල් කියන්නේ දෛනිකව නිවසේ ආහාර වේල් පිළියෙල කිරිමේදී භාවිතාවන දෙයක්. පොල් ගෙඩිය බිඳීමේදී වැඩිදෙනෙක් පොල් වතුර වීසි කර දමනවා. නමුත් එම පොල් වතුරවල අඩංගු ඖෂධීය වටිනාකම ඔබ දන්නවානම් නැවත ඒ වරද කරන එකක්නම් නෑ.

මෙම ලිපියෙන් කියවෙන්නේ පොල් වතුරවල අඩංගු ඖෂධීය ගුණයන් පිළිබඳවයි.

  • පොල් වතුර රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කරයි.
  • පොල් වතුර වකුගඩු වල ගල් ඇති වීමේ රෝගය සඳහා සුවය ගෙන දෙනවා.
  • පොල් වතුර මඟින් හිසකෙස් පෝෂණය කරනවා.
  • පොල් වතුර ආහාර ජීර්ණය සඳහා තියෙන හොඳම පිළියමක් වෙනවා.
  • පොල් වතුර ඉතා ඉහල ශක්තිජනක පානයක්.
  • පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. දිනකට පොල් වතුර වීදුරු දෙකක් පානය කිරීමෙන් සම්පුර්ණයෙන්ම මුත්‍රා ආසාදන සුව කිරීමේ හැකියාව තියෙනවා.
  • පොල් වතුරේ Lauric අම්ලය අඩංගු වන අතර එමගින් ආහාර වල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කරයි.
  • පොල් වතුර පානය මඟින් සම ගැඹුරට ගොස් පෝෂණය කරන අතර සම වියළි ස්වභාවය අවම කරවනවා.
  • රාත්‍රී නින්දට පෙර පොල් වතුර ස්වල්පයක් ගෙන මුහුණේ ඇති ලප කැළැල් වල අලේප කර උදෑසන සෝදා ඉවත් කරන්න.
  • පොල් වතුර පානය වියළි ස්වභාවයෙන් යුතු හිසකෙස් වලට හොඳ ඖෂධයක්.
  • පොල් වතුර පානය මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වාගෙන යන්න පුළුවන්.
  • ශරීරයට අවශ්‍ය මැග්නීසියම්, යකඩ, කැල්සියම්, සින්ක් හා මැන්ගනීස් ඇතුළු පෝෂණ කොටස් රාශියක් පොල් වතුර වල අඩංගුයි. ඒ වගේම කැලරි සහ විටමින් බී වලිනුත් එය පොහොසත්.
  • මස්පිඬු ශක්තිමත් කිරීමටත් අස්ථි වල සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීම සඳහාත් පොල් වතුර උපකාර කරයි.
  • සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරනවා.