පුංචි පැටියා එක්ක දුර ගමනක් යද්දී මෙන්න මේ ගැනත් සැළකිලිමත් වන්න

පුංචි පැටවු එක්ක දුර ගමනක් යනවා කියන්නේ කිසිසේත්ම ලෙහෙසි පහසු කටයුත්තක් නෙවෙයිඑහෙත් එහෙම කියලා ගෙදරට වෙලා ඉන්න බැහැනේ .එදිනෙදා ජිවිතයේ ඒකාකාරී බවෙන් මිදෙන්න පොඩ්ඩක් සුපුරුදු පරිසරයෙන් බැහැරට යන්න අපි ආසයිඉතින් පුංචි පැටික්කන් එක්ක එවන් ගමනකට සැරසෙන ඔබට මේ කරුණු කාරණා පිලිබඳ සැළකිලිමත් වීම හරිම වැදගත්. ඔබේ දරුවාගේ වයස අනුව මේ කරුණු වෙනස් විය හැක.

ඔබ ගමනා ගමනය කරණු ලබන්නේ පොදු ප්‍රවාහන  සේවයක නම්  අවශ්‍යම බඩු බාහිරාදිය පමණක් රැගෙන යන්න. පහත දක්වා ඇති කරුනු පිළිබද අවධානය යොමු කිරීම මගින් ඔබට රැගෙන යා යුතු අවශ්‍යම දෑ තෝරා ගැනීමට හැකි වේවී..

ඔබ ගමන් කරන්නේ පොදු ප්‍රවාහන සේවයක නිසා බෑග් කිහිපයක් ඔසවා ගෙන දරුවන් සමග ගමන් කිරීම අපහසු බැවින් දරුවාගේ ආහාර, වතුර, බෙහෙත් හා කුඩා සෙල්ලම් බඩුවක් වැනි දේ ඔබ ලගින්ම තබා ගත හැකි කුඩා බෑගයක රැගෙන යාමටත් අනෙක් බඩු බාහිරාදිය සියල්ල එකවර අසුරාගෙන යා හැකි බෑගයකත් රැගෙන යන්න අමතක නොකරන්න.

ඔබ ගමන් කරන්නේ කාර් රථයක නම් ඔබේ දරුවා car seat  තුල නිවැරදිව  අසුන්ගන්වා ආරක්ෂිතව රැගෙන යන්න.

එමෙන්ම දරුවන් සමග ඔබේ ගමන සැලසුම් කිරීමේදී පහත කරුණු පිළිබදව සැලකිලිමත් වීම ඔබට පහසුවක්  වේවී

  • කාලය: ගමනට ගතවෙන කාලය කොපමණද කියලා කලින්ම තීරණය කරන්න ඕනෑමයිඒ වගේම ගමන පිටත් වෙන වෙලාව වගේම ආපසු නිවසට පැමිණෙන වෙලාව.
  • ප්‍රදේශය: ප්‍රදේශය මත ගෙන යායුතු ඇදුම් පැළදුම්කෑම බීම තීරණය වන නිසා එයත් කලින්ම තීරණය කරගත් යුතු වනවා.
  • නවතින්නේ කොහේද? සමහරවිට ඔබේ නැවතුම හිතවත් හෝ නෑදෑ හෝ ගෙදරක් වෙන්න පුළුවන්එහෙම නැත්නම් හෝටලයක් වෙන්නත් පුළුවන්ඒ නිසා එයත් කලින්ම තීරණය කර ගැනීම පහසුයිඒ වගේම හෝටලයක් නම් එහි පවතින පහසුකම් පිළිබද සැළකිලිමත් වෙන්නත් සිදු වෙනවා.
  • ගමන සැලැසුම් කරන්න: යන තැනනවතින තැන තීරණය කිරීමෙන් පසුව ඔබ කලයුතු වන්නේ ගමන මනාව සැලසුම් කර ගැනීමයිමේ සදහා වෙනම පොඩි කොපි පොතක් තියා ගැනීම පහසුයිකොළ කැබලි වල ලිව්වොත් ඒවා අස්ථානගත වෙන්න තියෙන ඉඩ වැඩියිඒ නිසා ගෙන යා යුතු ඇදුම් ආහාර කළමනා සියල්ලම පිලිබදව සටහනක් තබා ගන්න.
  • බබාගේ කෑම: බබාගේ කෑමබීම පිළියෙළ කරන උපකරණසහ ආහාර වර්ග සියල්ලම ගෙන යන්නඒ ගැන අවදානමක් ගන්න එපාඒ සියල්ලම වෙනම ප්ලාස්ටික් පෙට්ටියක අසුරා ගන්නඒවා පිරිසුදු කිරීමට අවශ්‍ය උපකරණ ද එහිම ගබඩා කරන්න.
  • ඇදුම් පැළදුම්: ඔබ ගමන සැලසුම් කරන්නේ දින දෙකකට නම් බබාගේ ඇදුම් දින තුනක් පමණ කාලයකට සුදානම් කරගන්නඑම ඇදුම් පැළදුම්ද වෙනම අසුරා ගන්න.
  • බෙහෙත් සහ ප්‍රථමාධාර: අමතක නොකරම මේ අසුරණය කලින්ම සුදානම් කරගන්නහදිසි වමනයකට ,උණ තත්වයකට වගේම තුවලයකදී දමන්නත් අවශ්‍ය බෙහෙත් කළමනා සුදානම් කරගන්නබබාගේ වෛද්‍ය වාර්තා ද එයට ඇතුළත් කරන්න.
  • සෙල්ලම් බඩු: ගමන ඔබට විනෝදමත් වුනත් දරුවා සමහර විට නිතර සංචාර නුපුරුදු නම් කිසියම් අපහසුවකට ලක් වන්නට පුළුවන්ඉතින් එයා ආසාම කරන සෙල්ලම් බඩු කිහිපයක් අමතක නොකරම ගෙනයන්න.
  • ඔබ නවාතැන් ගන්නේ හෝටලයක නම්: හෝටලයේ දින වෙන් කර ගන්නා අවස්ථාවේදීම අවශ්‍ය තොරතුරු ලබා ගන්න..

උදා : සමහර හොටල් කාමර වල දරුවාගේ ආහාර සකසා ගන්නා rice cooker, hot plate භාවිතයට අවසර දෙන අතර සමහර  හෝටල් වල ඒ සදහා අවසර නැත.

  • ඔබ සීත ප්‍රදේශයක නිවාඩුවට යන්නේ නම් හොටල් කාමර තුල හීටර් ක්‍රියාත්මක වන්නේද සොයා බලන්න.

ඉතින් මේ සියල්ලම සැලකිල්ලට ගනිමින් අවශ්‍ය ද්‍රව්‍ය එකින් එක නිවැරදිව අසුරා ගත්තාද කියා ඔබේ සටහන් යෙදු පොතද බලමින් පරීකෂා කරන්නසියල්ලම පිළිවෙලකට අසුරන්නදරුවාගේ කළමණා සහිත බෑග් පහසුවෙන් හදුනා ගැනීමට ඒවාට හැකිනම් ලේබලයක් හෝ හදුනා ගැනීමට හැකි කිසිවක් යොදන්න. එමෙන්ම බෑග් කිහිපයක් රැගෙන යාමේදී එහි අසුරා ඇති දේ කොලයක ලියා උඩින් ඇලවීම මගින් බෑග් සියල්ල විවෘත කරමින් බඩු සෙවීමට ගතවන අනවශ්‍ය කාලය මෙන්ම වෙහෙසද අවම කර ගත හැක.

දැන් ඉතින් සියල්ලම හරිඅමතක වුණේ මොනවද කියා සිතමින් මග දිගට දුක් වෙන්නලතවෙන්න දෙයක් නැහැඉතාමත්ම සතුටින් ඔබේ නිවාඩුව ගත කරන්නට ඔබ දැන් සුදානම්.

– ඉරේෂා –

Related Articles

Don't Miss


Latest Articles