පොඩිත්තන්ට රස කෑම – 2

එකම ආහාර රටාව පොඩි පැටවුන්ගේ ආහාර රුචිකත්වයට කරන්නෙ ඉතාමත්ම නරක බලපෑමක්.ඉතින් අප නිරන්තරයෙන්ම ඔබට ගෙනෙන මේ කෑම එකතුව කෑම කන්නේ නැති පොඩ්ඩන්ව අල්ලගන්න රසවත් මන්තරයක් වේවි.
පාසැලට, පෙර පාසැලට වගේම කෑම නොකන ඕනෑම වෙලාවක අපේ වෙබ් අඩවියට පිවිස මේ කෑම වට්ටෝරුවකින් එකක් අත්හදා බලන්නට ඔබට හැකියාව තියෙනවා.

 එග් මෆින්

 මෙන්න මේ දේවල් ලඟට ගන්න
  • ගසාගත් බිත්තර 4,5ක්
  •  ක්‍රීම් චීස් කෝප්ප බාගයක්
  • කුඩාවට ලියාගත් සොසේජ් කරල් 2,3ක්
  • කුඩාවට ලියාගත් බෙල් පෙපර් පාට තුනකින් මේස හැඳි 3 බැගින්
  • පාන් පිටි මේස හැඳි 1
  • ලුණු ටිකක්
  • ගම්මිරිස් කුඩු ටිකක්
  • කුඩාවට කපාගත් ලොකු ලූනු බාගයක්
 සාදන අයුරු
මෆින් තැටි තබා ගැනීමට අවන් එක විනාඩි දහයකට පමණ පෙර සෙන්ටිග්‍රේඩ් 150 කට රත්කරන්න.මෆින් තැටියට බටර් ටිකක් තවරා සූදානම් කර තබන්න.බිත්තර හොඳින් ගසන්න.එයට චීස් ක්‍රීම් එකතුකර මිශ්‍ර කරන්න.එයට ලුණු ටිකක්, ගම්මිරිස් ටිකක්, ලූනු, සොසේජස්, බෙල් පෙපර්, පාන්පිටි දමා දියට කලවම් කරන්න.මේ මිශ්‍රණ තැටිවල දමා රත්කර ගත් අවන් එකේ සෙන්ටිග්‍රේඩ් 150 උෂ්ණත්වයට විනාඩි 20 ක් බේක් කරගන්න.

 මැන්ගෝ ලේයර් පුඩිම.

 මෙන්න මේ දේවල් ලඟට ගන්න.
  •  හොඳින් ඉදුණු අඹ ගෙඩි 3
  •  සමපෝශ ග්‍රෑම් 250
  • කුඩාවට කපාගත් වියලි මිදි ග්‍රෑම් 100
  •  විප්ඩ් ක්‍රීම් කෝප්ප 1
  •  සීනි මේස හැඳි 3
මෙහෙම හදමු
සමපෝශ වලට සීනි සහ වියලි මිදි එකතු කරන්න. විප්ඩ් ක්‍රීම් බීට් කරගන්න.පොතු හැර කුඩා කැබලිවලට කපාගත් අඹ වතුර නොදමා ක්‍රීම් ආකාරයට බ්ලෙන්ඩ් කරගන්න. එයට විප්ඩ් ක්‍රීම් එකතුකරන්න.වීදුරු හැඩ පුඩින් කප් ගෙන එහි යටට අඹ ක්‍රීම් තට්ටුවක් දමා ඒ මතට සමපෝශ කුඩු තට්ටුවක් දමන්න.මේ ආකාරයට මාරුවෙන් මාරුවට තට්ටු කීපයක් දමන්න.උඩින්ම කුඩාවට කපාගත් පළතුරු ඉසින්න.ශීතකරණයේ දමා දරුවාට දෙන්න. විවිධ පළතුරු රැසක් තනිව හෝ මිශ්‍රණයක් ලෙස මෙයට යොදාගන්නට පුලුවනි.
-ඉරේෂා-

Related Articles

Don't Miss


Latest Articles