ලිංගිකව එක්වීම යනු අප්‍රසන්න කාර්යයක් ලෙස සලකා සැමියා ප්‍රතික්ෂේප කල බිරිඳ.

විවාහ ජීවිතය තුළ ලිංගික සම්බන්ධතා මනාව පවත්වා ගැනීමෙන් ඔබට විවාහය රසවත්ව සහ ආදරණීයව ගත කරන්න පහසු වෙනවා. ලිංගිකත්වය කියන්නේ අප්‍රසන්න දෙයක් හෝ නරක දෙයක් නොවෙයි.ලෝකයේ පැවැත්ම උදෙසා ජීවින් බිහිකරන්නට පවා අපි ලිංගිකව හැසිරිය යුතුයි. ඒ නිසා විවාහක යුවලක් අතර හොද ලිංගික සබඳතාවක් පවත්වාගෙන යාමට දෙදෙනාගෙන් කවරෙක්වත් ලැජ්ජා ශීලී විය යුතු නෑ.

නමුත් ලිංගිකත්වය දැඩිව ප්‍රතික්ෂේප කරන  කාන්තාවන්, එය මවක් වූ පසු නුසුදුසු දෙයක් ලෙස සිතන කාන්තාවන් ආසියානු රටවල් වල සුලබයි. ඇත්තටම එහෙම අය ඉන්න පුලුවන්ද? කියල ඔබට සිතෙනත් පුලුවන්  . එසේනම් මේ කතාව තුලින්  අද ඔබ හමු වෙන්නේ එවැන්නියක්.

නිලූපා මව්පිය ඇසුරේම හැදී වැඩුණු යුවතියක්.ඇය පාසල් අධ්‍යාපනයෙන් පසු උසස් අධ්‍යාපනයට හෝ රැකියාවකට යොමු කරන්නට මව්පියන් අදහස් කරන්නේ නැහැ.හේතුව ඔවුන් හොඳ වත්කම් සහිත මිනිසුන්.තාත්තාගේ කාරයෙන් බාලිකා පාසලකට ආගිය නිලූපා පෙම්වතෙකු ගැන කිසිදා සිතා තිබුණේත් නෑ.ඔවුන්ගේ පවුල මෙන්ම වත්කම් ඇති ව්‍යාපාරික පවුලක සාගරව නිලූපාට විවාහ කරවන්න දෙමාපියන් තීරණය කරන්නෙ ඇයට අවුරුදු විසි දෙකක් වූ පසුයි. නිලූපා ඒ යෝජනාව බාරගෙන සාගර සමඟ විවාහ වන්නේ උත්කර්ෂවත් විවාහ මංගල්ලයකින්.

අනිත් යුවතියන්ට පැන නගින නැන්දම්මා ගැටලු නිලූපාට නෑ.මීට පෙර ආදර සම්බන්ධතා තිබුණත් ඒවා නතර වී ගිය නිසා සාගරත් තමන්ගේ බිරිඳට ඉතා ආදරයෙන් සලකනවා.ඔහු නිලූපා රැක බලා ගන්නේත් ඇයට අවශ්‍ය දේ ලබා දෙන්නේත් ආදරයෙන්.ඔවුන්ටම කියා ලැබුණු සුවිසල් නිවසේ නිලූපාට රැජිනක සේ කල් ගෙවන්න හැකියාව තියෙනවා.

නමුත් ඇය ඉන්නේ අසතුටින්.

රත්නා පුෂ්පකුමාරි මහත්මිය වෙත ඈ රැගෙන එන සාගර පවසන අන්දමට ඇය සාගරව ඉතා තදින් පිළිකුල් කරනවා.

“මං සෙක්ස් කරන්න ආස නෑ..”

නිලූපාගේ සෘජු පිළිතුර එයයි.ලිංගිකත්වය ප්‍රතික්ෂේප කරන සමහර යුවතියන් මෙන් ඇය සමලිංගික හෝ කුඩා කල අපයෝජනය වූ ගැහැනු දරුවෙක් ද නෙවෙයි.එහෙත් නිලූපාට ජීවිතය ගැන කිසිම අත්දැකීමක් නැති නිසා ඇය ලිංගිකත්වය ගැන සිතන්නේ ඉතා අප්පිරියාසහගත කාර්යයක් හැටියට.

“අපිට බබෙක් උවමනා නම් එකතු වෙමු කියලා නිලූපා කියන්න ගත්තා.මං ඒ නිසා බබෙක් හදන්න අවශ්‍ය බව කිව්වා.නිලූපා දැන් එයාගේ සරු දවස් මාක් කරගෙන එතනින් හොඳම දවස් දෙක තුනක එකතු වෙමු කියනවා..එච්චරයි..”

සාගර එසේ පවසනවා.ඔහු ඇය පොළඹව ගන්නට සිතා ඇයට ලිංගික කාර්යයන් සහිත චිත්‍රපටි ආදිය පෙන්වූවත් ඇය ඒවා බලා වමනය දමන්නට පවා පෙළඹවී තිබෙනවා.

“මින්ස්සු සෙක්ස් කරන්න ඕන බබාලා හදන්න.සරු දවසක් බලල සෙක්ස් කරාම බබෙක් එයිනෙ.හැමදාම මොකක්ද මේ විකාරේ?”

නිලූපා සිටියේ එවැනි තද තීරණයක.

උපදේශන වාර ගණනාවකට පසු ලිංගිකත්වය කියන්නේ අසභ්‍ය යමකට නොවන බවත් එය ජීවයේ පැවැත්ම උදෙසා පමණක්ම තිබෙන්නක් නොවන බවත් පවුල් ජීවිතය තුළ ආදරය සහ බැඳීම වර්ධනයට ලැබෙන සොඳුරු ආශිර්වාදයක් බවත් නිලූපා තේරුම් ගත්තා.

මෙහිදී රත්නා මහත්මිය සාගරව දැඩි සේ අගය කරනවා.නිලූපාගේ මානසික මට්ටම තේරුම් ගත් ඔහු වෙනත් සම්බන්ධතා ගොඩ නගා ගන්නට හෝ දික්කසාද වන්නට ඉක්මන් නොවී වහා ප්‍රතිකාර ගත් නිසා දැන් ඔහු සුන්දර පවුලක් හිමි තැනැත්තෙක්.

දියණියන් සිටින මව්වරුන්ටත් දෙන්නට උපදේශයක් මේ කතාවේ තිබෙනවා. ලෝකයෙන් සඟවා එක්‍ටැම් ගෙයි කුමාරියන් ලෙස දියණියන් හදන්නට එපා.ලෝකය ගැන දැන ගන්නට ඔවුන්ට ඉඩ තබන්න.ලිංගිකත්වය කුණුසරුප බව ඔවුන්ට පැවසීම වෙනුවට අතවර වලින් ආරක්ෂා වීම ගැන පහදන්න.

යෞවනියනි, ඔබත් දැඩි ආරක්ෂාකාරී ලෝකයක ඇතිදැඩි වුවානම් විවාහයට පෙර යම් උපදේශනයක් ලබා ගෙන පවුල් ජීවිතය සහ ලිංගිකත්වය, ගැබ් ගැනීම ආදිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න.

එවිට නිලූපා වැන්නියන් බිහි වන්නේ නෑ.

ඔබට උපදේශනය අවශ්‍ය නම් 071 411 3457 / 0777645921 රත්නා පුෂ්පකුමාරි මහත්මිය සමඟ සම්බන්ධ වෙන්න ඔබට පුලුවන්

Related Articles

Don't Miss


Latest Articles