දියණියගේ ආරක්ෂාව බාර දුන් ඥාති පුත්‍රයා අතින් අපයෝජනය වූ දියණියක්.

පාඩමට කිසිම හිතක් නැති පාඩම් කරන්න කම්මැලි දියණියක් ගැන අම්මා කෙනෙක් හැම වෙලාවෙම හිතන්නේ “කම්මැලිකම, අනාගතය ගැන හිතන්නෙ නැතිකම” කියලා නේද? ඒත් නවයොවුන් දියණියක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබ තවත් හිතන්න ඕනෑ පැති තියනවා.අද මානව හැකියා ප්‍රවර්ධන විශේෂඥවරියක් වන රත්නා පුෂ්පකුමාරි මහත්මිය ඔබට කියන්නේ එවැනි කතාවක්.

සෙනුරි පවුලේ එකම දියණිය.ඇය අම්මා තාත්තාගේ දැඩි හුරතලය මැද හැදෙන දියණියක්.ඇයව අමතර පන්ති ගෙනියන්න ගෙන එන්න අම්මා තාත්තා බාර කරන්නේ ඥාති තරුණයෙක් වූ දර්ශනට.දෙමාපියන් සෑම විටම සෙනුරිට රෝල් මොඩල් එක කරන්නෙත් හොඳින් ඉගෙන ගත්තු දර්ශනව.දර්ශන ගැන යමක් සෙනුරි සඟවන බව රත්නා මහත්මිය තේරුම් අරන් බොහොම ආදරයෙන් සෙනුරිට කතා කරද්දි ඇය සියල්ල නොසඟවා පවසනවා. දර්ශන සෙනුරිට යම් ලිංගික අතවරයක් කරන අතර සෙනුරි ද එයට ඇබ්බැහි වෙනවා.නමුත් ඇගේ හිතේ දර්ශන ගැන ආදරයක් නෑ.ඒත් නෑදෑකම නිසා අතවරය ගැන අම්මලාට කියන්නත් ඇය බිය වෙනවා.

සෙනුරි දර්ශනගෙන් මිදී ප්‍රේම සම්බන්ධතාවයක් පටන් ගන්නවා. ඒ කාලිංග එක්ක.කාලිංග ඇයට බොහෝ ආදරය කරන ආදරය විතරක් දෙන කෙනෙක්.දෙමාපියන්ගේ ආශිර්වාදය පවා මෙයට ලැබෙනවා.ඒත් දැන් සෙනුරි ඉන්නේ ලිංගිකත්වය කෙරෙහි ඇබ්බැහි වීමකින්.ඇය නිතරම නිල් චිත්‍රපට සහ අසභ්‍ය වීඩියෝ බලන්න පටන් ගන්නවා. ක්‍රමයෙන් ඇය ඒවා කාලිංගටත් යවමින් ඔහුත් දුරකථනය හරහා “සෙක්ස් චැට්” කරන්න පොළඹවා ගන්නවා. ඒ වගේම ඇය මොනතරම් මේවට ඇබ්බැහි වෙනවද කීවොත් දවල්ට අමතර පන්තියක ඉගෙන ගනිද්දී පවා ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ බලන්න හිතිලා අතරමැදින් නිවසට එන අවස්ථා තියනවා.

තරුණ පිරිමි දරුවෙක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙන තරමටම ඇය ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ වලට ඇබ්බැහි වෙන්නේ එහෙමයි.ඇය පාඩමට කම්මැලි වෙන්න හේතුව අන්න ඒකයි.

සෙනුරිගේ කතාවෙන් ඔබට ගත හැකි ආදර්ශ ගැන කතා කළොත් ඔබ දරුවන් දැඩිව ආරක්ෂා කරන්න හිතමින් ඔවුන්ව සමීප පිරිමින්ට පවරනවා.එවැනි අවස්ථාවල ඔවුන් අතින් සමාජ අත්දැකීම් නැති දැරියන් ලිංගික අතවරවලට ලක් කරනවා. ඒ නිසා ඔබට තරයේ දිය යුතු උපදෙස දියණියන් මල් වගේ හදන්න එපා..ඔවුන්ව කාගෙවත් භාරයට පවරන්න එපා..ඔබ ඈත ඉඳන් හොයා බලමින් ඔවුන්ට තමන්ගේ ගමන තනියම යන්න ඉඩ අරින්න.ඔවුන්ට තනියම ස්වාධීන වෙන්න දෙන්න.ඒ අයගේ සිහින වෙත ඇවිද යන්න දෙන්න.ශක්තිමත් දියණියක් තමන්ට හිරිහැරයක් වෙන්නට ගියත් එය උපක්‍රමශීලිව මඟ ඇර ගන්නවා වගේම අඩුම තරමේ එය ඔබට කියන්නටවත් ක්‍රියා කරනවා.

අනිත් කාරණාව දරුවන්ට ප්‍රයිවෙට් ස්පේස් තිබිය යුතු වුණත් ඔබ ඔවුන්ගේ දුරකථනය , පරිගනකය ඉඳහිට පිරික්සා බැලුවට කමක් නෑ.වැඩිවිය පැමිණීම එක්ක ලිංගික ආශා ඒම ස්වභාවික වුණත් එය නිවැරැදි ලෙස හසුරුවා නොගැනීමට අපොහොසත් වීම නිසා සෙනුරි මෙන් ජීවිතයට බාධා ඇතිකර ගන්නා අනවශ්‍ය පුරුදු හා ඇබ්බැහිකම් වලට හුරු වුන දියණියන් බිහි වෙන්න පුලුවන්. කාලිංග යහපත් කෙනෙක් නිසාම ඔහු සෙනුරිගේ වීඩියෝ හෝ ඡායාරූප මුදා හරින්නේ නැහැ.නමුත් අත්වැරදීමක් හෝ යමක් නිසා එසේ වූවානම් සෙනුරි තවත් කරදරයකට ලක් වීම වලක්වන්න බෑ.

දැන් ඇය උපදේශනය අවසන් කර හොඳින් ඉගෙන ගන්නවා.කාලිංග සමඟත් යහපත් සම්බන්ධතාවයක් අරගෙන යනවා. ඒ ඇය උපදේශනයට ආ නිසාවෙන්මයි.

දියණියක ඇතිදැඩි කිරීම අතුරේ යාමටත් වඩා ප්‍රවේසම්ව කරන්න ඕනෑ දෙයක්.
ඒක හැම විටම මතකයේ තියා ගන්න.

Related Articles

Don't Miss


Latest Articles