ඔබේ වියදම් අවම කරන 30 day money plan එක

ඔබ අධික වශයෙන් වියදම් කිරීම දෛනික පුරුද්දක් බවට පතකරගෙන සිටින අයෙක්  ද ?, ඔබ මෙම ගැටලුකාරී පුරුද්ද පාලනය කර ගැනීමට කැමති නම් අද අපි ඔබට කියන්න යන්නේ ඉතාම වැදගත් කාරණාවක්.පහත money plan rule මගින් ඔබේ මුදල් ඉතිරි කර ගන්න ඔබටත් මග කියාවි…

මුලින්ම මාසයක පමණ ඔබේ වියදම් සටහන් කර ගන්න

ඔබ මාසයකට  කොපමණ මුදලක් වැය කරනවාද යන්න දැන ගැනීමට එය සටහන් කර ගන්න. ඒ අනුව මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඔබ වැය කළ දේ පිළිබඳ මුලික අදහසක් ඔබට ලබා ගත හැකියි.

අය – වැයක් සකසන්න

මාසයක් තුළ ඔබ වැය කරන දේ ගැන අදහසක් ලැබීමෙන් පසු, ඔබේ වියදම් සැලසුම් කිරීම සඳහා අයවැයක් ගොඩනඟා ගත හැකි අතර ඔබේ දෛනික වියදම් ගැන දෙවරක් සිතා බලන්න මෙය ඉතා හොඳ ක්‍රමයක්.

අත්‍යවශ්‍ය නොවන සියලු වියදම් කපා හරින්න

ඔබේ මාසික ඉපැයීම් සහ වියදම් සැලකිල්ලට ගනිමින්, ඔබේ අත්‍යවශ්‍ය නොවන වියදම් සොයා බලා ඒවා එළඹෙන මාසයේ සිට නවතන්න.
එමගින්  එය ඔබේ ශුද්ධ ආදායමෙන් අවම වශයෙන් සියයට 10 ක් වත් ඉතිරි කර ගැනීමට උපකාරී වේවි . ක්ෂණික කෑම, අසීමිතව ඇඳුම් පැළඳුම් ගැනීම වැනි දේවල් මෙහිදී අඩු කිරීමට ඔබට හැකියි.

රූපවාහිනිය නැරඹීම සීමා කරන්න

ඇත්ත වශයෙන්ම, ඔබේ මුදල් ඉතිරි කර ගැනීමට ඇති එක් ප්‍රබල  ක්‍රමයක් නම් රූපවාහිනිය නැරඹීම අඩු කිරීමයි. රූපවාහිනිය මගින් ප්‍රචාරය වන වෙළඳ දැන්වීම් හරහා ඔබට අනවශ්‍ය අවශ්‍යතා ඇති කරනවා. එම නිසා එය අඩු කිරීම ඉතාම වැදගත් දෙයක්.එමගින්   විදුලිය අඩු භාවිතය, ජීවිතයේ වෙනත් දේ කෙරෙහි අවධානය යොමු කිරීමට වැඩි කාලයක් ලැබීම වැනි යහපත් දේවල් වලට ඔබව යොමු කරනවා.

දින තිහේ  නීතිය අනුගමනය කරන්න

ඔබ අනවශ්‍ය දේ මිලදී ගැනීමට සිතන ඕනෑම අවස්ථාවක දින තිහක් බලා සිට ඔබට තවමත් එම භාණ්ඩය මිලදී  ගැනීමට අවශ්‍ය දැයි ඔබෙන්ම අසන්න. ඒ වන විට මිලදී ගැනීමේ ක්‍ෂණික ආශාව පහව ගොස් ඇති බව බොහෝ විට ඔබට වැටහේවි . ඒ හරහා  ඔබට යම් මුදලක් ඉතිරි කර ගත හැකියි .

සාප්පු යෑමට පෙර ලැයිස්තුව ලියන්න

අප  සුපිරි වෙළඳසැල්වලට හෝ කිසිදු වෙළඳසැලකට නිකරුණේ යාම එතරම් හොඳ දෙයක් නම් නෙවෙයි.ඔබ  යාමට පෙර ඔබ මිලදී ගන්නා දේ පිළිබඳ සවිස්තර ලැයිස්තුවක් සෑදීම අත්‍යවශ්‍ය වන අතර, සාප්පු යාමේදී දකින දකින දේවල් මිලදී නොගැනීමට වග බලා ගන්න.

ක්‍ෂණික ආහාර නවතන්න

ඔබ ක්‍ෂණික ආහාර අනුභව කරනවා වෙනුවට, ඔබට ගෙන යා හැකි සෞඛ්‍ය සම්පන්න සහ සරල කෑම වර්ග පිළියෙළ කිරීමට උත්සාහ කරන්න. එය ඔබට මුදල් ඉතිරි කරනවාක් මෙන්ම ඔබේ සෞඛ්‍ය මට්ටමත් යහපත් කරාවි.

ඇත්ත වශයෙන්ම, මුදල් ඉතිරි කිරීම ඔබ සිතන තරම් අමාරු කාර්යයක් නොවන බව ඉහත සරල money plan ක්‍රම හුරු පුරුදු කිරීමෙන් ඔබටත් තේරුම් ගැනීමට හැකි වේවි.

Related Articles

Don't Miss


Latest Articles