මාසෙකින් ඔබේ බර වේගයෙන් අඩු කරන – GOLO diet plan

ලොව පුරා ජනප්‍රිය ඩයට් ක්‍රම අතුරින් GOLO diet plan විශේශ ස්ථානයක් හිමිකර ගන්නවා.මෙම ඩයට් ක්‍රමය නිර්මාණය කළ විද්‍යාඥයන්ට සහ පෝෂණවේදීන්ට අනුව දින 30 , 60 සහ 90 අතර කාල පරාසයන් වල මෙම ඩයට් ක්‍රමය අනුගමනය කිරීමෙන් , රාත්තල් 10 සිට 60 දක්වා බර අඩුකර ගැනීමට හැකියාව තිබෙනවා.

GOLO Diet කියන්නේ මොකද්ද ?

බර අඩු කර ගැනීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කිරීම සඳහා ඉන්සියුලින් මට්ටම කළමනාකරණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු කරනවා.දකුණු අප්‍රිකාවේ විශ්වවිද්‍යාලයක කෙරුණු පරීක්ෂණයකදී සොයාගෙන ඇත්තේ දිගුකාලීන බර අඩු කර ගැනීමකට හේතු වන ප්‍රධාන කරුණක් ලෙස ඉන්සියුලින් සංවේදීතාවය ගත හැකි බවයි .

මෙම ඩයට් ක්‍රමය ක්‍රියාත්මක වන්නේ කොහොමද ?

මෙම ඩයට් ක්‍රමයේ මූලික මූලධර්ම කැලරි ප්‍රමාණය අඩු කිරීම නොවන අතර, සියලුම ආහාර කාණ්ඩ ආවරණය වන පරිදි සෞඛ්‍ය සම්පන්න වූ ආහාර වේලක් ගැනීම කෙරෙහි අවධානය යොමු කරයි.ඒ වගේම මෙහිදි , පරිවෘත්තීය ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා ඔබේ හෝමෝනවල ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීම කෙරෙහිද අවධානය යොමුවේ.

මෙම ඩයට් ක්‍රමයට ඇතුළත් කර ඇති ආහාරවල මැග්නීසියම් ,සින්ක් සහ ක්‍රෝමියම් නැමති ඉන්සියුලින් සංවේදීතාවයට සම්බන්ධ ප්‍රධාන ඛනිජ අඩංගු වේ.

දින හතක GOLO Diet Plan එකක් අනුගමනය කරන්නේ මෙහෙමයි

Baked salmon steak with vegetables. Diet menu. Top view

පලවන දිනය

උදෑසන ආහාරය – බිම්මල් එකතු කළ බිත්තර ඔම්ලට් එකක් , තැම්බූ බ්‍රොකලි කෝප්ප එකක් , ඇපල් ගෙඩි එකක්

දහවල් ආහාරය – ග්‍රිල් කල කුකුළු මස් , ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කළ එළවළු සලාද කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – තැම්බූ එළවළු , ග්‍රිල් කළ සැමන් , තක්කාලි

දෙවන දිනය

උදෑසන ආහාරය – පලතුරු කෝප්ප එකක් ,තැම්බූ බිත්තර දෙකක් , වෝල්නට්ස් හෝ ආමන්ඩ්

දහවල් ආහාරය – බත් කෝප්ප එකක් , ග්‍රිල් කළ කුකුල් මස් හෝ සැමන් ,තැම්බූ එළවළු

රාත්‍රී ආහාරය – ටූනා සලාදයක් , බිම්මල් සුප්

තෙවන දිනය

උදෑසන ආහාරය – තැම්බූ බිත්තර එකක් , ටෝස්ට් කරන ලද දුඹුරු පාන් පෙති දෙකක් ,පලතුරු යුෂ කෝප්ප එකක්

දහවල් ආහාරය – එළවළු සලාද කෝප්ප එකක් , ග්‍රිල් කළ කුකුළු මස්

රාත්‍රී ආහාරය – තක්කාලි සුප් කෝප්පයක් ,ආමන්ඩ් කිහිපයක් ,ඇපල් හෝ කොමඩු

හතරවන දිනය

උදෑසන ආහාරය – තම්බපු බිත්තර එකක් ,පොඟවා ගත් ඕට්ස් මිශ්‍ර කල ස්ට්‍රෝබරි කෝප්ප එකක්

දහවල් ආහාරය – ග්‍රිල් කල කුකුළු මස් , තම්බාගත් තිරිඟු පැස්ටා කෝප්ප එකක්

රාත්‍රී ආහාරය – තම්බාගත් බෝංචි කැරට් සහ බ්‍රොකලි කෝප්ප එකක් ,ග්‍රිල් කළ සැමන්

පස්වන දිනය

උදෑසන ආහාරය – තම්බපු බිත්තර එකක් , රටකට බටර් සමග දුඹුරු පාන් පෙති දෙකක් , කොළ පැහැති ඇපල් ගෙඩි බාගයක්

දහවල් ආහාරය – සුදු ලූනු පාන් පෙති දෙකක් , එළවළු සලාද කෝප්ප එකක් , blueberry යෝගට් එකක්

රාත්‍රී ආහාරය – ග්‍රිල් කළ කුකුල් මස් ,බැදපු ආමන්ඩ්

හයවන දිනය

උදෑසන ආහාරය – තම්බාගත් බ්‍රොකලි ,තම්බාගත් බිත්තර එකක් ,පලතුරු යුෂ කෝප්ප එකක්

දහවල් ආහාරය – රතු බත් කෝප්ප එකක් ,තම්බාගත් එළවළු ,ග්‍රිල් කළ සැමන්

රාත්‍රී ආහාරය – සුදුළූණු පාන් පෙති දෙකක්, එළවළු සුප් කෝප්ප එකක්

හත්වන දිනය

උදෑසන ආහාරය – බ්‍රොකලි සහ තක්කාලි කෝප්ප එකක් ,දුඹුරු පාන් පෙති දෙකක් , තම්බපු බිත්තර එකක්, නැවුම් පලතුරු යුෂ කෝප්ප එකක්

දවල් ආහාරය – ඔලිව් තෙල් ස්වල්පයක් එකතු කළ එළවළු සලාද කෝප්ප එකක් , ග්‍රිල් කළ සැමන් හෝ කුකුල් මස්

රාත්‍රී ආහාරය – ඔලිව් තෙල් දමා බැදගත් සැමන් , පලතුරු සලාද කෝප්ප එකක්

සැලකිලිමත් විය යුතු කරුණු

මෙම ඩයට් ක්‍රමය අනුගමනය කරන අතරතුර ප්‍රමාණවත් තරම් ජලය පානය කළ යුතුය

කෘතිම බීම වර්ග, පැණි බීම වර්ග, සීනි අධික ආහාර, රස කැවිලි සහ බිස්කට් භාවිතයෙන් ඉවත් කළ යුතුය

ක්ෂණික ආහාර සහ කෙටි ආහාර පරිභෝජනය නොකළ යුතුය

ඔබගේ සෞඛ්‍ය තත්වය අනුව ඔබට ගැළපෙන ව්‍යායාම ක්‍රමවේදයක් අනුගමනය කළ හැකිය

Related Articles

Don't Miss


Latest Articles