2024 ජනප්‍රියම Korean Drama 7 ක්

කට්ටිය ආසයිනෙ කොරියන් ඩ්‍රාමාස් බලන්න. ඉතින් ඔන්න මම හිතුව අද ඔයාලා වෙනුවෙන් මේ අවුරුද්දෙ ආව ලස්සනම ලස්සන Korean Drama සෙට් එකක් ගැනම විස්තර කියනව කියලා.

1-     Ask the stars

Ask the stars කියන්නෙ Korean Romantic Comedy කතාවක්. මේක වෙන්නෙ පෘතිවිය සහ Space Station එකක් අතර හුවමාරු වෙන ආදර කතාවක් ගැන ලස්සන කතා මාලාවක්.  ඉතින් මේකෙ රඟපාන්නෙ ඔන්න ගොඩක් අය ආස කරන Lee min ho සහ Kong Hyo Jin.

ඉතින් මේක ටිකක් වෙනස් විදියෙ කතාවක්. මේකෙ episode 20 ක් තියෙනවා. ඉතින් මේ ලස්සන කතාවත් බලන්න කියල ආරාධනා කරන ගමන්ම මම මේකෙ Trailer link එක පල්ලෙහයින් අමුණල තියන්නම්.

2-     Jeong Nyeon

Jeong Nyeon කියන්නෙ කෙල්ලෙක්. එහෙමකට කියල සල්ලියක්වත් හරි ඉගෙනීමක්වත් නැති කෙල්ලෙක්, හැබැයි ඇය ගායනයට දක්ෂතා ඇති Mokpo කෙනෙක්. එයාගෙ හීනෙ වෙන්නෙ කාන්තා සම්ප්‍රදායික නාට්‍ය සමාගමකට බැඳිල ඒකෙන් ඉස්සරහට යන එක.

හැබැයි ඉතින් ප්‍රධාන නිලියෙක් වෙනව කියන හීනෙ හැබෑ කරගන්න කලින් ඒ ගමනෙ එයාට ඉගෙන ගන්නෙ ගොඩක් දේවල් තියෙනවනෙ. ඉතින් මොකද හිතන්නෙ මේ Jeong ට පුලුවන් වෙයිද ලොකු නිලියක් වෙලා සල්ලි හොයාගන්න මනුස්සයෙක් වෙනව කියන තමන්ගෙ හීනෙ හැබැ කරන්න?

ඉතින් මේ කතා මාලාව අපි වෙනද නිතර බලන කොරියන් කතා වලට වඩා ටිකක් වෙනස් උනත් හරිම ලස්සන කතාවක් කියල තමයි ආරංචි වෙන්නෙ.

3-     The whirlwind

The whirlwind කියන්නෙ හැමදාම අපි බලන Romantic Korean Series වලට වඩා වෙනස් පොඩ්ඩක් පොලිටිකල් පැත්තෙ කතාවක්. මේකෙ තියෙන්නෙ

මේ කතාවෙ ප්‍රධාන චරිතය වෙන්නෙ අගමැති Park Dong Ho. මේ අගමැති තුමා හරි සාධාරණ මනුස්සයෙක්. ඒ නිසාම එයා දූශිත ජනපතිවරයෙක්ට එරෙහිව සටන් වදිනව. ඒ සටන ගැන තමයි මේ කතාවෙන් අපිට කියන්නෙ. දකුණු කොරියාවේ දූශිත දේශපාලනය වෙනස් කරන්න දරුණු දේශපාලන අරගලයක් ඇතිකරන්න හිතාගෙන කෙරෙන සටනක්, කුමන්ත්‍රණයක් ගැන මේ කතා මාලාවෙන් ප්‍රේක්ශකයා වෙත අරගෙන එනවා

4-     Pyramid Game

Pyramid Game කියන්නෙත් 2024 අවුරුද්ද වෙනුවෙන් එන අපූරු කොරියන් කතා මාලාවක්. මේක ඉස්කෝලයක් ඇතුලෙ වෙන කතාවක්. මේ ඉස්කෝලෙ එක එක ලමයට Ratings හම්බුවෙනවා. ඒ රේටින්ග් එක හම්බුවෙන්නෙ එයාගෙ ජනප්‍රියත්වය මාත. ඉතින් හැමෝම උත්සහ කරන්නෙ තමන්ගෙ Ratings උඩම අගයක තියාගන්න.

ඉතින් හදිසියෙ හරි Rating එක F එකක් උනොත් මේ ඉස්කෝලෙ ඇතුලෙ ඒ අඩු රේටින්ග්ස් ලැබිච්ච ලමයට සෑහෙන කරදර වලට මූණ පාන්න වෙනවලු.

5-     The Frog

The Frog කියන්නෙත් මේ අවුරුද්දෙ Release වෙන තවත් ලස්සන කොරියන් කතාවක්. මේක ටිකක් අමුතු එකක්. පොඩ්ඩක් කුතුහලය ගෙනත් දෙන එකක්.

 මේ කතාවෙ ඉන්න ප්‍රධාන චරිතය රඟපාන මනුස්සයගෙ මුලු ජීවිතේම උඩුයටිකුරු වෙනවා හිතුවෙවත් නැතිවෙලාවක එයාගෙ ජීවිතේට එන කාන්තාවක් නිසා. ඒ කාන්තාව ටිකක් කුතුහලය දනවන කෙනෙක්. එක්තරා විදියක අද්භූත කෙනෙක්. එයා මේ මනුස්සයට ඇවිල්ල කියනව ඔයා කරන්න ඕන ඔයා වඩාත්ම ආදරේ කරන දේවල් හොඳට පරිස්සම් කරගන්න එක කියල.

ඉතින් ඒත් ඇත්තටම ඇයි එහෙම කියන්නෙ? අනික මේ කවදාවත් දැනගෙන උන්නෙ නැති ගෑණු කෙනෙක් ඇයි එකපාර ඇවිත් එහෙම කියන්නේ?

ඒ ගැන දැනගන්න මේ කතාව බලන්න ඕන ඉතින්.

6-     Hierarchy

Hierarchy කියන්නෙ මේ අවුරුද්දෙ එන තවත් ලස්සන Korean Teen Drama එකක්. මේ කතාව ගෙතෙන්නෙ ඉස්කෝලයක් සහ ඒ ඉස්කෝලෙ ඇතුලෙ තමන්ගෙ බලය පතුරුවගෙන ඉන්න ළමයි සෙට් එකක් ගැන. හැබැයි ඉතින් හිතපු නැති විදියට මේ ඉස්කෝලෙට එන අලුත් ලමයෙක් ඔය බලයට වගේම, ඒ බලය පතුරුවගෙන ඉන්න සෙට් එකට බාධාවක් වෙනවා.

Jooshing High School කියන්නෙ දකුණු කොරියාවෙ තියෙන ලොකු ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙට හැමෝටම එන්න පුලුවන් කමකුත් නෑ.  තෝරගත්ත පිරිසකට විතරයි එන්න පුලුවන්කම තියෙන්නෙ. ඉතින් ඒ නිසා මේ ඉස්කෝලෙ පොඩ්ඩක් අනිත් ඉස්කෝල වලට වඩා වෙනස්.

කොහොමහරි මේ අලුතෙන් ඉස්කෝලෙට එන ලමය මතුපිටින් බැලුවම හරි ලස්සන ලමේක් උනාට එයාගෙ ඇතුලෙ හැංගිච්ච ලොකු රහසක් තියෙනව. ඒ රහස මොකක් කියලද ඔයාලා හිතන්නෙ?

7-     The midnight romance is hagwon

The midnight romance is hagwon කියන්නෙ ඉතින් නම වගේම හරිම ලස්සන රොමෑන්ටික කතා මාලාවක්.

මේ ආදර කතාව Sweet හැබැයි රහසෙන් තමයි කරගෙන යන්නෙ.මේ කපල් එකේ එක්කෙනෙක් ඇකඩමි ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. අනික් කෙනා එයාගෙ ගෝලයෙක්. අන්න ඒ හන්දම තමා මේ කතාව කාටත් හොරෙන් කෙරීගෙන යන්නෙ.

ඉතින් මීට අමතරව තව කොරියන් කතා ගොඩක් මේ අවුරුද්ද වෙනුවෙන් නිකුත් වෙනව කියල ආරංචි නම් තියෙනව. ඉතින් අපි බලමු නේද අපි ආස විදියෙ එක එක Genres වලින් එන කොරියන් කතා කොච්චර ලස්සන වෙයිද කියල?

Related Articles

Don't Miss


Latest Articles