ඔලුව පිස්සු වට්ටන Netflix Films Series

සමහරු ආසයිනේ නිකන්ම නිකන් ෆිල්ම්ස් හරි ටීවී සීරිස් හරි බලනවට වඩා අර නිකන් ඔලුව පිස්සු වට්ටන විදියෙ අමුතුම කතා බලන්න. මේවගේ ඒවට කියන්නෙ Mind Bending Movies කියල. මොකද ඔලුව නිකන් කරකවල අතාරින ජාතියේ කතන්දර මේ චිත්‍රපට හෝ සීරිස් වලට පාදක කරගෙන තියෙන නිසා.

ඉතින් මොකද කියන්නෙ ලෑස්තිද මේ Netflix එකේ තියෙන ඔලුව පිස්සු වට්ටන Films Series මොනවද කියල බලන්න?

1-    Black Mirror

Black Mirror කියන්නෙ මම මෙච්චර කාලෙකට බලපු හොඳම සීරිස් වලින් එකක් කියල කිව්වොතින් හරි. එක එක විදියේ අමුතු කතා මහ ගොඩක් තියෙන මේ සීරිස් එක ඔන්න බලල නැත්තම අදම බලන්න කියල මම සජෙස්ට් කරනවා.

මේ Black Mirror Netflix කතා මාලාව ඔස්සේ අපිට අරගෙන එන්නෙ තාක්ෂණයෙ තියෙන ඒ අඳුරු පැතිකඩ ගැන විස්තර.

Mind-bending, Sci-Fi ශානරයේ කතා වලට කැමති කෙනෙක් එක පාරක් හරි බැලිය යුතුමයි කියල කිව යුතු මට්ටමේ ඉතාම Addictive එහෙමත් නැත්තම් ආසක්ත වන කතා මාලාවක් තමයි මේ.

බ්‍රිතාන්‍යයේ නිශ්පාදිත විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවක් වන Black Mirror මේ වන විට කත මාලාවන් 6ක්ම අරගෙන ඇවිල්ල තියෙනවා. ඒ වෙනුවෙන් Emmy සම්මාන 9ක් දිනාගෙන තියෙනව වගේම Rotten Tomatoes වල 81% ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් පවා ලබාගෙන තියෙනවා.

Black Mirror කතා මාලාව මෑත කාලීනව තවත් කතාබහට ලක්වෙන්න හේතුවක් වුනේ එහි 6 වන කතා මාලාව මාස කිහිපයකට පෙර නිකුත් වීම නිසා.

2-     Maniac

ඊලඟට මම තෝරගත්ත සීරිස් එක තමයි Maniac.Patric Somerville ගෙ සීරිස් එකක් වන මේ Maniac එකේ සෙට් එක තියෙන්නෙ නිව් යෝක්වල. හැබැයි ඔය අපි අහල තියෙන නිව් යෝක්වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් නිව් යෝක් නගරයක. ඇනී සහ ඕවන් එක්කහු වෙනව Drug Trial එකකට. මේ Drug Tial එක මේ දෙන්නව එක්කරගෙන යන්නෙ ඒ දෙන්න කවදාවත් දකින්න බලාපොරොත්තු උනේ නැති අන්දමේ වෙනස් ලෝක වල Subconscious Journey එකක්.

මේ ශෝ එක බලන අපිටම ප්‍රශ්නයක් මොකද්ද ඇත්ත මොකද්ද නැත්ත කියන එක. ඒ තරම් ඇත්තයි නැත්තයි පැටලිච්ච කතාවක් තමයි මේ Manic කියන්නෙ.

මේක Fast phase බලන්න පුලුවන් කතාවක් නෙවෙයි. හෙමින් සැරේ තේරුම්ගන්න ගමන් බලන්න ඕන කතාවක්.

3-    Manifest

මේකත් ආරම්භයේදි සුපිරිම, හිතාගන්න බැරි විදියෙ අත්දැකීමක් දුන්න කතාවක් කියල කියන්නම ඕන. (අවසානය නම් එච්චර සාර්තක නෑ කියල ගොඩක් අය කියනව)

මේක ප්ලේන් එකක් අතුරුදහන් වෙන විදියෙ කතාවක්. මේ ප්ලේන් එකේ නම Flight 828. කතාව පටන් ගන්නෙ හරිම සාමාන්‍ය විදියට එයාපෝට් එකකින්. මේ එයාපෝට් එකෙන් මේ Flight 828 එකට නගින මිනිස්සු සෙට් එකක්ම ආපහු පැය කීපයකට පස්සේ සේන්ඩ් කරන්න Turbulent Ride එකකට පස්සෙ.

ආවට පස්සෙ තමයි එයාලට තේරෙන්නෙ අහස උඩ තමන් ගෙව්ව පැය පහ ඇත්තටම ඇත්ත ලෝකෙ අවුරුදු පහක් කියල. පැය කීපෙකට කලින් ප්ලේන් එකට නැග්ග තමන් ආයෙ ඒ ප්ලේන් එකෙන් බැහැල තියෙන්නෙ අවුරුදු පහකට පස්සෙ.

අතුරුදහන් හෝ මියගිහින් කියල හිතන් උන්නු කණ්ඩායමක් අවුරුදු පහකට පස්සෙ ආවට එයාලට සාමාන්‍ය ජීවිතයක් ගෙවන්න වෙන්නෙ නෑ. අමුතු හීන, එහෙම නැත්ත, විශන්ස් එක්ක මුලු ඔලුවම උඩු යටිකුරු වෙලා වගේ තමයි මෙයාලා ජීවත්වෙන්නෙ.

ඉතින් අනිවාර්‍යෙන්ම බලල නැත්තම් මේ කතාවත් බලන්න.

4-    Behind Her Eyes

මේක මං බලපු වචනෙන් විස්තර කරල කියන්න බැරි තරම් සුපිරි, හිතාගන්න බැරි එන්ඩින් එකක් තියන කතාවක් කියල කියන්නම ඕන.

බයවෙන එක, තිගැස්සෙන එක මේ කතාව පුරාම ඕනවටත් වඩා තියෙනව. ඉතින් ඔන්න සංවේදී කෙනෙක් නම් බලන්නෙ පරිස්සමෙන් හොඳේ.

මේක පොතක් පාදක කරගෙන ගොඩනැගුන සීරීස් එකක්.ලුයිස් කියන්නෙ සින්ගල් මම් කෙනෙක්. මෙයා යාලුවෙනව එයාගෙ ඔෆිස් එකට අලුතෙන් ආව බොස් එක්ක. ඒ විතරක් නෙවෙයි මෙයා ඒ බොස් ගෙ වයිෆ් එක්කත් යාලුවො වගේ ආස්‍රය කරනවා. හැබැයි වයිෆ් දන්නෙ නෑ මේ තමන් එක්ක යාලුවෙලා ඉන්නෙ තමන්ගෙ හස්බන්ඩ් ගෙ අනියම් බිරිඳ බව. (එහෙම තමයි බලන අය හිතන් ඉන්නෙ)

කාලය ගතවෙද්දි මෙයාලා පොඩ්ඩ පොඩ්ඩ එකිනෙකා එක්ක සෙට් වෙද්දි තමා ලුයිස්ට තේරුම් යන්නෙ තමා හිතනවට වඩා වැඩි දෙයක් මේ හැම තැනකම තියෙනව කියල. හැබැයි කතාව අවසානයක් වෙනකම් ඔයාලට කීයටවත් ඒ හැංගිච්ච රහස මොකද්ද කියලනම් හිතාගන්න බැරි බව ස්තිරයි.

5-    The House

මේක ස්ටොප් මෝශන් ෆිල්ම් එකක්. මේ කතාවෙන් කියන්නෙ හරිම පරණ ගෙදරක ජීවත්වෙන පවුල් තුනක් ගැන කතාවක්.

මේ ගෙදර පරණ කම කොච්චරද කියනවනම් හිතාගන්න බැරි විදියෙ මහ අමුතු ඒව තමයි වෙන්නෙ. හිටපු ගමන් බඩු නැතිවෙනව, තියෙන තැන්වලින් බඩු වෙන තැන්වලට යනවා.

ඉතින් පවුලෙ මිනිස්සු එකිනෙකාගෙන් අහන ප්‍රශ්නෙ එකමයි.

“මේ ගෙදර අවතාර ඉන්නවද?”

ඇත්තටම මේ ගෙදර අවතාර ඉන්නවද? අන්න ඒ නිසාම තමයි ඔයා මේක බලන්න ඕන.

මේ The house කියන කතා මාලාවෙ තියෙන සුවිශේශිත්වය වෙන්නෙ Mind bending වගේම Stop motion movie එකක් වීම. ඒ වගේම කුතුහලය උඩට මතුකරන්න ගෙනත් තියෙන Sounds එහෙම මල් හතයි කියල කියන්නම ඕන.

ඉතින් නිස්කලංකෙ තියෙන ඔලුව පොඩ්ඩක් කුරුවල් කරගන්න ඕන නම් ඔන්න අදම මේව බලන්න පටන් ගන්න.

මම Recommend කරන්නෙ Behind her eyes එකෙන්ම පටන් ගන්න කියලා.

Related Articles

Don't Miss


Latest Articles