දෙන්නෙක් ආදරේ කරලා විවාහ වුණාට පස්සෙ ඒකෙ වැදගත් ම කොටසක් ඉටු කරන්නේ ඒ දෙන්නා අතර තියෙන ලිංගික සබඳතාවය. ඔයා දවස් 30ක ආදර සම්බන්ධතාවකින් විවාහ වුණත්, ඔයාගෙ ආදරේට අවුරුදු 30ක් වුණත්, යුවළක් විදියට ඔයාලගෙ ලිංගික සම්බන්ධතාව ඔයාලගෙ බැඳීම ඇතුළෙ ඉදිරියෙන් ම ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නෙ ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය එක්ක ශක්තිමත් ලිංගික සම්බන්ධතාවක් තියාගන්නෙ කොහොමද කියලායි.
හොඳ එහෙම නැත්නම් සෞඛ්‍ය සම්පන්න ලිංගික සබඳතාවක් කියන්නෙ මොන වගේ දේකටද?
කෙනෙක්ට හිතෙන්න පුලුවන් ශක්තිමත් ලිංගික සම්බන්ධයක් තියෙන්න නම් හැමදාම ලිංගිකව එක් වෙන්න ඕනෙ කියලා. තවත් කෙනෙක්ට හිතෙන්න පුලුවන් හොඳ ලිංගික සම්බන්ධයක් කියන්නේ සුරතාන්තය හා සම්බන්ධ දෙයක් කියලා.
හැබැයි ඇත්තම කාරණාව තමයි, ශක්තිමත් ලිංගික සම්බන්ධතාවක් කියන්නේ සම්බන්ධතාව ඇතුළෙ ඉන්න දෙදෙනාටම ආරක්ෂාකාරී, පහසු සහ සතුටක් ලබා දෙන එකකටයි. හොඳ ලිංගික සම්බන්ධතාවක මූලික ම ලක්ෂණය තමයි එකිනෙකාට තමන්ගේ ලිංගික අවශ්‍යතා ගැන සුවපහසුව සන්නිවේදනය කරගන්න තියෙන හැකියාව.
එයා එක්ක සෙක්ස් ගැන කතා කරන්නේ කොහොමද ?
ඔයා එයා එක්ක ඔයාලගෙ ලිංගික සම්බන්ධතාව ගැන කතා කරනවා කියන්නේ ම ඔයාලගෙ ජීවිතේට කරන ආයෝජනයක්.
- නියමිත වෙලාවක් සකස් කරගන්න.
ඔයාලගෙ ලිංගික සම්බන්ධතාවය ගැන කතා කරන්න හැමදාම නියමිත වෙලාවක් සකස් කරගන්න. ගොඩක් ගැටලුවලට විසඳුම් මේ මගින් ලැබෙනවා.
- ක්‍රියාත්මක කළ හැකි දේ සහ නොහැකි දේ ගැන අවබෝධයක් ලබා ගන්න.
ඔයාලා දෙන්නා වෙන වෙනම කරන්න ආස දේවල් සහ ආස නැති දේවල් ගැන අවබෝධයක් ලබා ගන්න.
- ඔයා කැමති දේවල් කියන්නත් , එයා කැමති දේවල් අහන්නත් මතක තියාගන්න.
ඔයාලා දෙන්නගේ ම අදහස්වලට එක හා සමාන ගෞරවයක් ලබා දෙන්න.
- ඔයාට ඕන දේවල් ගැන අවංක වෙන්න.
කරන්න බැරි දේවල් කියන්න යෑමෙන් සහ බලාපොරොත්තු වෙන්න යෑමෙන් වළකින්න.
- හැමවෙලේම ඔයාගෙ සහකාරයා හෝ සහකාරියගේ අදහස් වලටත් ඔයාගෙ අදහස් වලට තරම් ම ගරු කරන්න.
එයා කියන දේවල්වලටත් සාවධානව අවදානය යොමු කරන්න.
- හැකිතාක් නිරවුල් ව අදහස් ප්‍රකාශ කරන්න.
වටින් ගොඩින් නොකියා, අදහස් සෘජුව ප්‍රකාශ කරන්නට වග බලාගන්න.
ශක්තිමත් ලිංගික සම්බන්ධතාවක් වෙනුවෙන් ඔබට කළ හැකි දේවල්
මානසික සුවපත්භාවය අංක එකට තියාගන්න. අපි මොන අවයව භාවිතා කළත් ප්‍රධානම ලිංගික අවයවය වෙන්නේ මොළය. ඉතින් ඔයාට හොඳ ලිංගික සම්බන්ධතාවක් ඕන නම් මානසික ව හොඳ තත්ත්වයක් තියෙන්න ම ඕනෙ. ඔයාලා සෙක්ස් කරන වෙලාව එනකොට දවස පුරා ඇතිවුණු හැලහැප්පීම් සිත් රිදීම් සේරට ම විසඳුම් හොයාගන තියෙන්නම ඕනෙ.
ඔයාගෙ ශරීරය හඳුනාගන්න. ඔයා ඔයාගෙ ශරීරය හරියට හඳුනා ගන්නේ නැතිව තවත් කෙනෙක්ට ඔයාව තෘප්තිමත් කරන්න බෑ. ඒ නිසා ඔයා ඔයාගෙ ශරීරය, ඔයා ලිංගික ව උත්තේජනය වෙන්නේ මොනවටද කියලා හොයාගන්න. ස්වයං වින්දනය මේකට හොඳ ක්‍රමයක්. සමහර යුවළවල් එකම වෙලාවේ පවා ස්වයං වින්දනයේ යෙදෙනවා. ඒ එකිනෙකා ගැන වඩාත් හොඳින් දැන ගන්න ඕනෙ නිසායි.
අවංක වෙන්න. එයාගෙ හිත රිදෙයි කියලා බොරුවට සතුටු වුණා වගේ රඟපාන්න එපා. හිත නොරිදවා ගෙන ඔයාගෙ අසතුට ගැන කියන විදිය ගැන පුරුදු වෙන්න. ඒක ඔයාලා දෙන්නාගේ සම්බන්ධතාවයට දිගුකාලීන වාසියක්.
සම්බන්ධතාවය කොච්චර පරන වුණත්, foreplay එක අමතක කරන්න එපා. ඒ කියන්නේ පූර්ව ලිංගික ක්‍රියා ගැනයි. ඔයාගෙ සම්බන්ධතාවය කොච්චර පරණ වුනත් පූර්ව ලිංගික ක්‍රියා අත් නොහැර තියා ගන්න. ඒ ගැන ඔයාට අදහසක් නැත්නම් අපි කලින් පල කරලා තියන ලිංගික තෘප්තිය ගැන කියවෙන ලිපියෙන් foreplay ගැන දැනගන්න පුළුවන්.
Afterplay එකත් අමතක කරන්න එපා. ලිංගික එක්වීම් ඉවර වුණාට පස්සෙ එක පාරම අනිත් පැත්ත හැරිලා නිදාගන්න යන එකෙන්, නැගිටලා තනිව යන එකෙන් ඔයාලගෙ සම්බන්ධතාවය බිඳෙන්න පුළුවන්. ලිංගික එක්වීම් ඉවර වුණාට පස්සෙ එයාව ටිකක් තුරුල් කරගෙන ඉන්න, ආදරේ දෙන්න අමතක කරන්න එපා.
සතුටුදායක ලිංගික ජීවිතයක් නිසා සතුටුදායක ජීවිතයක් ලැබෙනවා. ඉතින් ඔයා අද ඉඳන් ලැබුණ ජීවිතේ සතුටින් ගත කරන්න