ගමේ ගස් දැල්ලො කරිය

ගමේ ගස් දැල්ලො කියන්නෙ මොනාටද කියල දැනන් හිටියද? 

දැල්ලො නන් ගමේ වුනත් නගරෙ වුනත් එකයි වුනාට ගමේ ගස් දැල්ලො නන් ඒම නෑ. ගස් දැල්ලො කියල අපි හඳුන්වන්නෙ පොල් මදය එකතු කරල පිළියෙල කරන ව්‍යාංජනයක්. 

පොල් කියන්නෙ අපේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවන්න, අස්ථි වල ශක්තිමත්භාවය පවත්වා ගන්න සහ ප්‍රතිඔක්සිකාරක ලෙස ක්‍රියා කරමින් සෛල ආරක්ෂා කරන්න උපකාරී වෙන ඉතාම ගුණදායක ආහාරයක්.

අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්නෙ පොල් කිරි එකතු කරල ව්‍යාංජනය පිළියෙල කරන්නනේ. එහෙනම් අද බලමු වෙනස්ම විදිහට පොල් මදය එකතු කරල මේ ගස් දැල්ලො කරිය හදාගන්නෙ කොහොමද කියල? 

අවශ්‍ය කළමණා සූදානම් කරගෙනම ඉමු. 

අවශ්‍ය ද්‍රව්‍ය 

කලටි පොල් ගෙඩියක්

පොල් කිරි කෝප්ප 02 ක් (දිය කිරි මිටි කිරි මිශ්‍ර)

සිහින්ව ලියාගත් රතු ළූණු ගෙඩි 04 ක් 

සිහින්ව ලියාගත් සුදුලූණු බික් 03 ක් 

සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 03 ක් 

කරපිංචා ඉති දෙකක කොළ 

රම්පෙ කැබැල්ලක් 

අටට පලාගත් තක්කාලි ගෙඩියක් 

උළුහාල් තේ හැඳි ⅓ ක් 

අබ කුඩු තේ හැඳි ¼ ක් 

මිරිස් කුඩු

ගම්මිරිස් කුඩු 

බැඳපු තුනපහ කුඩු 

ලුණු කුඩු 

කහ කුඩු 

සාදාගන්නා ආකාරය 

මුලින්ම, කලටි පොල් ගෙඩියේ මදය වෙන් කරගෙන එහි දුඹුරු පැහැ කුරුට්ට කොටස සූරා ඉවත් කරගන්න.

ඉන්පසු, පොල් මදය දිගැටි කුඩා කොටස් වලට කපා ගන්න. 

දැන් උයන භාජනයක් ගෙන එයට කපාගත් පොල් මද, ලූණු, අමු මිරිස්, සුදුළූණු, කරපිංචා, රම්පා සහ රස අනුව ලුණු කුඩු, මිරිස් කුඩු, කහ කුඩු, බැදපු තුනපහ කුඩු සහ අබ කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න. 

දැන් එයට පොල් කිරිත් එකතු කර හොඳින් කලවම් කර භාජනය ලිප තබා පියන වසා මඳ ගින්නේ පිසගන්න. 

කිරි රත්වන විට හැඳිගාමින් උතුරවා ගෙන මඳක් ඉස්ම සිටින සේ ව්‍යාංජනය පිළියෙල කර අවසන් කරගන්න. 

කලටි පොල් මදය තැම්බී මොළොක් වීමට ටික වේලාවක් ගත වන නිසා ගින්දර වැඩිකර එකවරම කිරි හින්දවා ගන්න එපා. 

එහෙනම් මේ විදිහට කලටි පොල් එහෙමත් නැත්තම් ගමේ ගස් දැල්ලො ව්‍යාංජනය හදල බලල අපි එක්කත් රස බෙදාගන්න අමතක කරන්න එපා. 

සටහන – දුලානි නවෝද්‍යා 

ReplyReply allForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles