ඩයනා කුමරිය ගැන ඇහෙන අලුත්ම කතාව

ඩයනා කුමරිය ගැන නොදන්න කෙනෙක් නැහැනේ. ලෝකෙන් සමුගෙන ගිහින් අවුරුදු අවුරුදු තිහකට ආසන්න කාලයක් ගෙවිලත් ඇගේ සුන්දරත්වය සහ මානව හිතවාදී බව ගැන කතා බහ වෙන එකේ  අඩුවක් නැහැ. ඇගේ රාජකීය පවුල වගේම පුතුන් සහ ඔවුන්ගේ ජීව්ත නිසාත් ඩයනා කුමරියගේ මතක විටින් විට උඩ ඇදෙනවා. ඒත් අද අපි ඔබට කියන්න යන්නේ නම් මේ කතා වලට වෙනස්, ඒත් ඩයනා කුමරියගේ මතක ඇවිස්සෙන විදියේ වෙනමම කතාවක්.

පුනරුප්පත්තිය, එහෙම නැත්නම් පෙර ආත්මය ගැන කියවීම ගැන ඔබ අහලා තියෙනවාද?  මේ කියන්න යන්නේ ඩයනා කුමරියගේ අභාවයෙන් අවුරුදු විසි හතකට පස්සේ තමන් ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බව කියන අට හැවිරිදි දරුවෙක් ගැන. විදෙස් මාධ්‍ය වලට අනුව 1997 වසරේ අගෝස්තු මස 31 වැනිදා පැරීසියේදී අවාසනාවන්ත මෝටර් රථ අනතුරකින් මරණයට පත්වූ බ්‍රිතාන්‍යයේ ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය මේ විදියට සිදු වෙලා තියෙන්නේ ඕස්ට්‍රේලියාවෙන්. මේ අට හැවිරිදි දරුවාගේ පියා ප්‍රසිද්ධ රංගන ශිල්පියෙක් වන ඩේවිඩ් කැම්බල් වීම හින්දා මේ කතාව හෙළිදරවු වුනාට පස්සේ ඉතාම ඉක්මනින් කතාව පැතිරෙනවා.

” බිලී ඉස්සෙල්ලාම ඩයනා කුමරිය ඝැන කියන්න ගත්තේ අවුරුදු දෙකෙන්… එයාට ඩයනා කුමරිය කියල කෙනෙක් ගැන ඇහෙන්න තරම්වත් පරිසරයක් අපේ වටපිටාවේ තිබුණේ නැහැ.. ඒ නිසා බිලී ඩයනා කුමරිය ඝැන විස්තර කියනකොට අපි ඒ ගැන කලබලයටත් පුදුමයටත් පත් වුනා. බිලී ඩයනා  කුමරිය රිය අනතුරින් මිය යෑම ඇතුලුව ඇගේ ජීවිතයේ සිදු වූ සිදුවීම් කිහිපයක්ම විස්තර කලා.  … ඩයනා කුමරියගේ ජීවිතය ගැන බිලී කියන දේවල් සත්‍යම සිදුවීම් බව අපි පෞද්ගලිකවම තහවුරු කරගත්තා… බොහෝ දෙනා ඒ සිදුවීම් වල නිරවද්‍යතාවය ගැන පුදුම වෙනවා..බැල්මොරල් මාලිගාව ගැන මම සහ මගේ බිරිඳ කවදාවත් කතා කරලාවත් නැහැ…ඒත් බිලී බැල්මොරල් මාලිගාව ගැන පවසන දේවල් පුදුම සහගතයි .. ඩයනා ගැන ඒ විස්තර දැනගන්න බිලීට කිසිම ඉඩක් නැහැ වගේම, එහෙම දැනගත්තත් ඔහුගේ එවකට වයසේ හැටියට ඒ සිදුවීම් එතරම් පැහැදිලිව මතක තබාගන්නට හැකි වේයැයි සිතීම අසාමාන්‍යයි… … “

මෙහෙම කියන්නේ ඩයනා කුමරියගේ පුනරුප්පත්තිය බවට වාර්තා වෙන  බිලීගේ පියා වන ඩේවිඩ් කැම්බල් .

” ඩයනා කුමරියගේ සොහොයුරෙකු වන,  බාල වියේදීම මිය ගිහින් කියලා වාර්තා වෙන ජෝන් කියල කෙනෙක් ගැනත් බිලී ඉතාම නිවැරදි විස්තර කිව්වා. ඒ වගේම 1997 අගෝස්තු 31 වැනිදා ඩයනා කුමරියගේ ජීවිතය බිලි ගත් මාරාන්තික රිය අනතුර පිළිබඳවත් බිලී ඉතාම පැහැදිලිව කතා කරනවා…  ඒ සිදුවීම පිළිබඳව කිසිවක් නොදන්න කෙනෙක්ට වුනත් සිදුවීම ගැන සම්පූර්ණ අදහසක් ගන්න පුලුවන් විදියට තමයි,  බිලී මේ විස්තර කිරීම් කරන්නේ.. ඇත්තටම මේක අදහා ගන්න අපහසු කතාවක් …”

ඩේවිඩ් කැම්බල් තම දරුවා ගේ මේ අසාමාන්‍ය හැසිරීම ගැන බොහෝම විශ්වාසයෙන් එහෙම කියනවා. 2019 පැවැතුණ සම්මුඛ සාකච්චාවකදී මේ ගැන මුලින්ම කියන ඩේවිඩ්, එදා ඉඳන් මේ වෙනකල් විටින් විට මාධ්‍ය සාකච්චා මඟින් මේ ගැන තොරතුරු බෙදා ගන්නත් අමතක කරන්නේ නැහැ.

ඒ කොහොම වුනත් මේ ගැන තොරතුරු විශ්ලේෂණය කරන විද්වතුන්ගේ සන මෙය මිත්‍යාවක් බවට සැක කරන අයවලුන්ගේ  මතය නම් තියෙන්නේ සැකය පදනම් කරගෙන.

” බිලී කුඩා දරුවෙක් … ඔහුගේ පරිසරයෙන් ඔහු දකින අහන දේවල් යටි හිතේ ගබඩා කරගෙන උඩු හිතෙන් ඒවා මෙහෙම මුදා හරිනවා වෙනවා පුලුවන්.. ඇතැම් විට ඔහුගේ දෙමාපියන් ඩයනා කුමරිය ගැන බොහෝ දේ කතා බහ කරනන් ඇති….ඇය ගැන වැඩසටහන්  තොරතුරු බලන්න ඇති … පොත්පත් කියවන්න ඇති …. “

ඒත් මේ ප්‍රකාශයට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙන බිලීගේ දෙමාපියන් වෙන ඩේවිඩ් සහ ලීසා කියන්නේ ඔවුන් දෙදෙනා ඩයනා කුමරිය පිලිබඳව එටහ්‍රම් සවිස්තරාත්මක විස්තර නොදන්න අබ්ව.

” අපි කවදාවත් මාතෘකාවක් විදියට ඩයනා කුමරිය ගැන කතා කරලාවත් ඩොකියුමන්ට්‍රි බලලාවත් නැහැ… ඇය ගැන පොත් පත් හෝ ලිපි කියවීම නම් කොහොමටව්ටහ් කරලා නැහැ…. බිලී විස්තර කරන රිය අනතුර ගැන එතරම් දේ අපි දන්නේවත් නැහැ…”

   ඒ කොහොම වුනත් වර්ජිනියා විශ්ව විද්‍යාලයේ මනෝචිකිත්සාව සහ ස්නායු හැසිරීම් විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන ආචාර්ය ජිම් ටකර් මහතා කියන විදියට, අතීත ජීවිත මතක තබා ගන්නා බව කියන දරුවන්ගේ සිද්ධීන් රැසක් ඔහු බොහෝ ගැඹුරට අධ්‍යනය කරලා තියෙනවා.  ඔහුගේ පර්යේෂණවලට අනුව, සාමාන්‍යයෙන් වයස අවුරුදු දෙකත් හයත් අතර සමහර දරුවන්, පෙර ආත්ම සහ භවයන්ගේ  සිදුවීම් සහ පුද්ගලයන් පිළිබඳ දැනුම සහ තොරතුරු ඉතාම නිවැරදි ලෙස ප්‍රකාශ කරන බව ඔහු කියනවා.    වෛද්‍ය ටකර්ගේ කෘතීන් විසින් ළමුන් විසින් ඔවුන්ගේ අතීත ජීවිත පිළිබඳ විශ්වාස කරන්න පුලුවන්,  තොරතුරු ලබා දී ඇති අවස්ථා ගණනාවක් ම ඉතාම පැහැදිලිව සටහන් කරලා මුදා හැරලාත් තියෙනවා.

ඒ වගේම ඩයනා කුමරියගේ පින්තූර පෙන්වමින් , ” මේ මම කුමරියක්ව උන් කාලය” යැයි පවසන බිලී ඒ කාලයේ තමා කුමරියක ලෙසින් කල කී දෑ නොනවත්වා පවසන බවත් ඩේවිඩ් පවසනවා.

ඒ වගේම බිලී අවුරුදු තුනේදී ඔහුගේ කොල්ලන් දෙදෙනා පිළිබඳවත් විස්තර කියන්න පටන් අරගෙන තියෙනවා.

” ඔයා කියන්නේ මොන කොල්ලන්  ගැනද බිලී?..”

ඩේවිඩ් එහෙම ඇහුවම තුන් හැවිරිදි බිලීගේ පිළිතුර විශ්වාස කරන්නටත් අපහසුයි.

” ඒ  මගේ පුතාලා දෙන්නා…”

“මේ කතාව විශ්වාස කරන්න අපහසු බව මම පිළිගන්නවා මිත්‍රවරුනි .. එහෙත් මෙය සැබැවින්ම සිදු වෙනවා.. එහි සැකයක් නැහැ…  බිලී මේ සියල්ල මෙතරම් නිවැරදිව පැවසීම විශ්වාස කල නොහැකිමුත් විශ්වාස කරන්නට අපට සිදුවෙනවා…”

බිලීගේ සුප්‍රසිද්ධ තාත්තා මාධ්‍ය හමුවේ එතරම් නිර්භයව එහෙමත් කියනවා.

කොහොම වුනත්, බිලී කියන්නේ ඇත්තටම ඩයනා කුමරියගේ නැවත ඉපදීමක් නම්, ඔහු ඇගේ ජීවිතයේ වූ ඛේදවාචකයන් ගැනත් බොහෝ දේ හෙළිදරවු කරාවි යැයි අපට හිතන්නට පුලුවන් නේද?

අපේක්ෂා ගුණරත්න .

Related Articles

Don't Miss


Latest Articles