ඉතින් ඔන්න අද අපි ඔයාලට අරගෙන එන්නෙ Yodha කියන මතකදි ආව හින්දි චිත්‍රපටය. මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙන්නෙ ඩිශා පටානි සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා.
Yodha කියන්නෙ ඉන්දියාවෙ තියෙන Special Task Unit එකක්. Commanders ලා ගෙන් තමා මේ Special Task Unit එක නිර්මාණය වෙලා තියෙන්නෙ.මේ Special Task Unit එකේ නිර්මාතෘවරයා වෙන්නෙ අද මේ චිත්‍රපටයේ කතා නායකයා වෙන අරුන්ගෙ.
මේ චිත්‍රපටයේ කතාව දිග ඇරෙන්නෙ ප්ලේන් එකක් හයිජැක් කරන සීන් එකක් උඩ. ත්‍රාසය කුතුහලය තියෙන චිත්‍රපට බලන්න ආස කෙනෙක්ට නම් මේක ඉතාම ලස්සන චිත්‍රපටයක් වෙයි.
ඉතින් කලින් කිව්ව වගේ මේ Yodha කියන්නෙ තමන්ගෙ රට මූණ දෙන මොන ප්‍රශ්නෙකදි වුණත් රට බේරගන්න එන Special Task Force එකක්. මේ Task Force එකේ නිර්මාතෘ වරයා වෙන්නෙ කතාවෙ ප්‍රධාන චරිතය වන අරුන් කටියාල්ගෙ තාත්තා වෙන මේජර් සුරේන්ද්‍ර කටියාල්. එයා තමයි මේ Task Force එකෙ පලවෙනි අණ දෙන නිළධාරියා වෙන්නෙ. මේ Task Force එකේ ප්‍රධාන අරමුණ වෙන්නෙ රටේ ජනතාවගෙ සහ රටේ ආරක්ශාව රකින එක.
අරුන්ට පොඩි කාලෙ ඉඳලා ඕන වෙනවා එයගෙ තාත්තා වගෙ කෙනෙක් වෙන්න. මොකද යුනිෆෝම් එක ඇඳපු තාත්තව අරුන් දකින්නෙ වීරයෙක් විදියට. හැබැයි තාත්තා නම් කියන්නෙ මේක එහෙම කේසියෙන් ගන්න පුලුවන් තනතුරක් නෙවෙයි ලොකු කැපවීමක් කරලා අරගන්න ඕන තනතුරක් කියලා.
ඉතින් මේ වගේ ලොකු Mission එකක් ඇතුලෙදි තමන්ගෙ ජීවිතේ පරදුවට තියල සටන් බිමට යන Yodha Task Force එකේ මේජර් සුරේන්ද්‍ර කටියාල් ජීවිතක්ශයට පත්වෙනවා. ඒ අරුන්වයි එයාගෙ අම්මාවයි මේ ලෝකෙ තනිකරලා.
ඊටපස්සෙ තමයි අරුන් තාත්තා වගේම මේ Special Task Force එකේ සාමාජිකයෙක් වෙන්න එන්නෙ.
බංග්ලාදේශ ත්රස්තවාදීන් පිරිසක් ඉන්දු බංග්ලාදේශ දේශ සීමාවෙ ගමකට පහරදීලා ඒ ගමේ මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්නවා. ත්රස්තවාදීන් හදන්නෙ මේ ප්‍රාණ ඇපකරුවන්ව අරගෙන බංගලාදේශයට යන්න.
මේක වලක්වන මෙහෙයුම තමයි Yodha Special Task Force එකට කරන්න වෙන්නෙ. හැබැයි ඒ ත්‍රස්තවාදී කණ්ඩායම යටත් කරගෙන, ප්‍රාණ ඇපකරුවන්ව නිදහස් කරගන්න ඉහලින් ඕඩර් එකක් එනකම් බලාගෙන ඉන්න Yodha Team එකට සිදුවෙනවා.
හැබැයි අරුන් දන්නවා ඉහලින් ඕඩර් එකක් එනකම් බලාගෙන හිටියොත් වෙන්නෙ මේ ප්‍රාණ ඇපකරුවන්ට මැරෙන්න වෙන බව. ඒ නිසා එයා තනියම ත්රස්තවාදීන් ඉස්සරහට ගිහිල්ලා සටන් කරලා ප්‍රාණ ඇපකරුවන්ව බේරගන්න කටයුතු කරනවා.
මෙන්න මේ වෙලාවෙ ත්රස්තවාදීන් දෙන්නෙක් පොඩි ලමයෙක්ව ප්‍රාණ ඇපයට අරගෙන පැනලා යද්දි අරුන් ඒ දෙන්නා පස්සෙන් දුවලා ගිහින් ඒ ලමයවත් බේරගන්න කටයුතු කරනවා. කොහොමහරි වැඩේ ගොඩදාගෙන Special Task Force එක ආපහු දිල්ලිවලට එනවා. ඉතින් මේ Special Task Team එකේ Head Office එකේ Additional Director විදියට වැඩකරන්නෙ අරුන්ගෙ වයිෆ් වෙන ප්‍රියංවදා කටියාල්. ප්‍රියංවදා හරිම තරහෙන් ඉන්නෙ මේ වෙලාවෙ අරුන් කරපු වැඩේට. මොකද ඉහලින් එන අණ නොතකා එහෙම තමන්ට උවමනා තීරණ ගන්න එක පොඩ්ඩක් හරි ගැස්සුණා නම් මේ වෙද්දි අරුන්ට වගේම එයාගෙ ටීම් එකේ අනිත් අයටත් ලොකු කරදර වලට මූන දෙන්න වෙන නිසා.
හැබැයි ඉතින් පොඩි චාටුවක් දාලා ප්රියංවදාව ශේප් කරගන්න අරුන්ට බැරිවෙන්නෙ නෑ. මේ දෙන්නයි අරුන්ගෙ වයසක අම්මයි තුන්දෙනාම හරිම සන්තෝසෙන් තමයි ඉන්නෙ. කොහොමහරි මෙහෙම ඉන්න අතරවාරයේ පාකිස්තාන ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්දියාවට අයිති ගුවන් යානයක් මගීන් එක්කම පැහැරගෙන අම්රිත්සාර්වලට ගොඩ බස්සවලා තියෙනවා කියල මෙයාලට ආරංචි වෙන්නෙ.
මේ Mission එක භාරවෙන්නෙත් Yodha Team එකට. මොකද ඒ ප්ලේන් එකේ ඉන්නව ඉන්දියාවට ගොඩක් වැදගත් වෙනවා. මොකද ඒකෙ ඉන්නවා ඉන්දියානු න්‍යශ්ටික වැඩසටහනේ ප්‍රධානියා වෙන අනුජ් නායර්. ඒ විතරක් නෙවෙයි එයාගෙ ප්‍රධාන ආරක්ශකයා වෙන අරුන්. අරුන්ගෙ ප්ලෑන් එක තමයි අනුජ්ව බේරගෙන පැනලා යන්න. හැබැයි මෙහෙම කෙනෙක් මේ ප්ලේන් එකේ ඉන්න බව මේ ත්‍රස්තවාදී කණ්ඩායමේ කට්ටිය දන්නෙ නෑ. ඒ වගේම Yodha Task Force එකේ අයත් මේ ප්ලේන් එක ඇතුලෙ ඉන්න බව එයාලා දන්නෙ නෑ.
හයිජැක් කරපු ප්ලේන් එක අම්රිත්සාර්වලට ගොඩබස්සන්නෙ බොරුවට ප්ලේන් එකේ තෙල් ඉවරයි කියලා. ඉතින් මේක ඇත්තක් කියලා හිතන ත්‍රස්තවාදී කණ්ඩායමේ නායකයා කාන්ට්රෝල් රූම් එකට කතකරලා කියනවා තෙල් ටික ඉක්මනට එවන්න කියලත්.
ඉතින් ඔයාලා මොකද හිතන්නෙ අරුන් ඇතුලු Yodha Task Force එකේ අයට පුලුවන් වෙයිද අර්ජුන් නායර් ඇතුලු මේ ප්ලේන් එකේ ඉන්න අනිත් මිනිස්සුන්ව බේරගෙන එන්න?
ඉතින් ඒ ගැන දැනගන්න නම් ඔයාලා මේ ලස්සන චිත්‍රපටය බලන්නම ඕන!
ReplyForwardAdd reaction |