නාමෙ නොදිරනා කුණු කය දිරනා බව කියන එලිසබෙත් සහ Sue ගෙ කතාව

The Substance කියන්නෙ 2024 අවුරුද්දෙ ආව Satirical Body Horror කියන ශානරයට වැටෙන චිත්‍රපටයක්.මේ චිත්‍රපටයට Demi Moore, Margarat Qualley, Dennis Quaid වගේ අය රංගනයෙන් දායක වෙනවා.

අපි හැමෝම කැමතියි අපේ ලස්සන තරුණ පෙනුම හැමදාම රඳවගන්න පුලුවන් නම්. ඒත් කවදකහරි අපි වයසට යනවා. මේ පෙනුම, ඇඟේ හැඩය, ශරීර ශක්තිය අපිට තරුණ කාලෙ වගේම හැමදාම පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ නෑ අපි කොච්චර ආස වුණත්.

මේ ලෝකෙ සමහර රැකියා තියෙනවා අපේ ශරීරයේ පෙනුම සහ හැඩය එක්ක. ඒ කිව්වෙ Modeling, Acting වගේ රැකියාවලට පෙනුම ඉතාම වැදගත් නෙ. පෙනුම කොච්චර Maintain කරත් ඒක නැති දවසක මේ රස්සාවල් කරන්න තියෙන හැකියාව සහ ඉඩකඩත් අපිට චුට්ට චුට්ට අහිමි වෙනවා. ඉතින් මේ චිත්‍රපටයත් අන්න ඒ වගේ Plot එකත් Base කරගෙන හදපු එකක්.

කතාව පටන් ගන්නෙ මෙන්න මේ විදියට.

Elizabeth Sparkle කියන්නෙ හොලිවුඩයේ බැබලෙන තාරකාවක්. එයාගෙ 50 වෙනි උපන්දිනේ දවසෙ එයා කාලයක් තිස්සෙ කරගෙන ආව Aerobics Tv කියන වැඩසටහනෙන් එයාව ඉවත් කරනවා. ඒ එයාගෙ වයස, පෙනුම වගේ දේවල් දැන් කාලෙට සෙට් වෙන්නෙ නැති හන්දා.වැඩසටහනේ නිශ්පාදකයා වන හාවි කියනවා “ඔයා වයසට යන එක තමයි ප්‍රශ්නෙ” කියලා.

මේ පණිවිඩෙත් එක්ක ගෙදර යන ගමනෙදි එලිසබෙත් දකිනවා මෙච්චර දවසක් පාර අයිනෙ ගහලා තිබ්බ බිල් බෝඩ් එකකින් එයාගෙ ෆොටෝ එකක් ගලවනවා. මේකෙන් ඇතිවෙච්ච කම්පනේට මෙයාට ලොකු ඇක්සිඩන්ට් එකක් වෙනවා.

කොහොමහරි මේ ඇක්සිඩන්ට් එක නිසා වෙච්ච තුවාල වලට බෙහෙත් දාගන්න හොස්පිටල් එකට යන එලිසබෙත්ට එතන වැඩකරන කෙනෙක් පෙන් ඩ්‍රයිව් එකක් දෙනවා. ඒ පෙන් ඩ්‍රයිව් එකේ ගහල තියෙනවා “Younger, more beautiful, more perfect” කියලා.මේකෙ තියෙන්නෙ Substance එකක්. මුලින් එලිසබෙත් මේක විශ්වාස නොකලට එයාට මූණ දෙන්න වෙන සිදුවීම් එක්ක මේ Substance එක Order කරන එලිසබෙත් ඒකෙ තියෙන සීරම් එක එයාගෙ ඇඟට Inject කරගන්නවා.

ඒක හේතුවෙන් එයාගෙ ශරීරයේ පිට පැත්තෙ ඇතිවන පැල්මකින් එයාගෙ තරුණ Version එකක් බිහිවෙනවා. මේ Substance එක නිසා තරුණ සහ මහලු ශරීර දෙක අතර Symbolic Relationship එකක් ඇතිවෙනවා. හැබැයි එලිසබෙත් හැම දවස හතකට වතාවක්ම මේ ශරීර දෙක අතරෙ එයාගෙ Consciousness එක Share කරගන්න වෙනවා. ඒ වගේම එලිසබෙත් මේ අලුත් ශරීරයටත් අර Substance එක එන්නත් කරන්න ඕන. මේ අලුත් ශරීරයේ නම Sue. මෙයාව දකින වැඩසටහන් නිශ්පාදක හාවි ටක්ගාලා මේ Sue ව තමන්ගෙ වැඩසටහන් වලට Hire කරනවා.

කොහොමහරි මේ Sue කරන වැඩටසහන් පිස්සුවෙන් වගේ තමයි මිනිස්සු බලන්න පටන් ගත්තෙ. ඒ නිසාම Sue ව අරගන්නවා එයා වැඩකරන චැනල් එකේ ලොකුම වැඩසටහන වෙන Newyear Program එක කරන්නත්. කොහොමහරි මේ නිසාම Sue ජීවත්වෙන්නෙ අමුතුම ලෝකෙක.ඒක හරිම Comfortable. කොහොමහරි වතාවක් Sue එයාට ශාරීරික ක්‍රියාකාරකම් වල නිරතවෙන්න එලිසබෙත් ගෙන් වැඩිපුර Substance ඉල්ලගන්නවා. කොහොමහරි දවසක් උදේ නැගිටිනකොට එලිසබෙත් ට තේරෙනවා එයාගෙ එක ඇඟිල්ලක් හොඳටම වයසට ගිහින් රැලි වැටිලා කියන එක. මේ Substance එකේ නිර්මාතෘ වරයාගෙන් මේ ගැන අහද්දි තමා එලිසබෙත් දැනගන්නෙ දින හතකට වඩා වැඩි කාලයක් Sue ලෙස ජීවත්වෙන එක එලිසබෙත්ව ටක් ටක් ගාලා වයසට යන්න හේතුවක් වෙන බව. ඒ වගේම ඒක ආයෙ ආපස්සට හරවන්න බැරි බව.

මේකෙන් පස්සෙ එලිසබෙත් තේරුම්ගන්නවා, තමන් දෙදෙනා තවදුරටත් එක්කෙනෙක් වගේ ඉන්න එක ප්‍රශ්නයක් බවත්, තමන් දෙන්නා දෙන්නෙක් විදියට ඉන්න පටන්ගන්න එකයි වෙන්න ඕන කියලා. හැබැයි ඔන්න ඔතනින් තමයි ඔක්කොම ප්‍රශ්න පටන් ගන්නෙ.

Consciousness එක එකක් වුනත් මිනිස්සු දෙන්නෙක්. එක්කෙනෙක් වයසයි අනික් කෙනා තරුණයි. දෙන්නා පටන් ගන්නවා දෙන්නගෙ වැරදි දකින්න. එකිනෙකාව හෙලා දකින්න. එලිසබෙත් තමන් විසින් නිර්මාණය කරපු තමන්ගෙම තරුණ Version එකේ දියුණුව ගැන ඉරිසියා කරන්න පටන්ගන්නවා. මේ අතරෙ එලිසබෙත් පිස්සුවෙන් වගේ ඕනවටත් වඩා කන්න පටන් ගන්න එක දකින Sue ට එලිසබෙත්ව එපා වෙනවා. පිලිකුල් වෙනවා.

කොහොමහරි Sue ට මේ හැමදේම නිසා ඕන වෙනවා තවදුරටත් එලිසබෙත්ට අයිති කෙනෙක් විදියට ඉන්නෙ නැතුව වෙනම කෙනෙක්, තනි පුද්ගලයෙක් විදියට ජීවත්වෙන්න. ඒත් එලිසබෙත් ඉන්නෙ එහෙම ලේසියෙන් එයාට ගැලවිලා යන්න ඉඩ දෙන අදහසක නෙවෙයි.

ඉතින් මොකද හිතෙන්නෙ එකම ලෝකෙක, එකම Consciousness එක තියෙන ඒත් ශරීර දෙකකට එකිනෙකාව හෙලා දකිමින් කොච්චර කාලයක් ජීවත්වෙන්න පුලුවන් වෙයිද?

මේ දෙන්නට දෙන්නෙක් විදියට කොච්චර දුර යන්න පුලුවන් වෙයිද?

අන්න ඒක දැනගන්න එන්න, The Substance බලන්න.

පොඩ්ඩක් අමුතු වුනත්, හරිම අපූරු, රූපය ගැන යථාර්තය අපූරුවට කියලා දෙන කතාවක් බව කියන්නම ඕන!

Related Articles

Don't Miss


Latest Articles