ගිතෙල් ද දුන්තෙල් ද?

ලංකාවේ අපි බහුලවම භාවිතා කරන තෙල් වර්ගය ඇහුවොත් මතක් වෙන්නේ පොල් තෙල් කියලානේ. ඒ අතරට එළවළු තෙල්, සුරියකාන්ත තෙල් වගේත් කිහිප දෙනෙක් කියාවි. හැබැයි ඒ ප්‍රශ්නේම ඉන්දියානුවෙක්ගෙන් ඇහුවොත් ලැබෙන්නේ වෙනස් උත්තරයක්. ඉන්දියානු ජාතියකන්ගේ ආහාරවේල් වල වගේම, ආහාර සකසනකොටත් භාවිතා කරන ප්‍රධානම තෙල් වර්ගය තමයි මේ එළඟි තෙල්. ගිතෙල් කියලා හඳුන්වන්නෙත් මේ එලඟි තෙල්ම තමයි. ගී කියන නමිනුත් හැදින්වෙන්නේ මේ එළඟි තෙල්මයි.

ආහාර වේල් වලට අමතරව ඉන්දියාවේ ආයුර්වේදයේත් එළඟිතෙල් වලට විෂේෂ ඉඩක් හිමි වෙනවා. ඒ විතරක් නෙවෙයි, ආගමික කටයුතු වලදි සහ විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ආහාර සැක්සීමේදීත් එලඟිතෙල් වලට ප්‍රමුඛ ඉඩක් දෙනවා.

ඉන්දියාවෙන් ආයෙම ලංකාවට ආවමත් දේශීය ආයුර්වේද ක්‍රම වල එලඟි තෙල් බහුලවම භාවිතා කරනවා. ඒ වගේම තමයි කුඩා දරුවන්ට ආහාර සැකසීමේදීත් දරුවාට මාස හයක් වගේ වුනාට පස්සේ එලඟිතෙල් යොදාගන්න පුලුවන්. මේ සඳහ දරුවාව පරික්ෂා කරන පෝෂණවේදියෙකුගේ සහය ලබා ගන්න එකත් වැදගත්.

ගිතෙල් තේ හැන්දක් බැගින් දිනකට ආහාර වේලට එකතු කර ගැනීමෙන් ඔබට මේදය ග්‍රෑම් 12.8 ක් ලැබෙනවා. ඒ වගේම ප්‍රෝටීන ග්‍රෑම් 0.05ක වගෙ ප්‍රමාණයක් ලැබෙනවා. ඊට අමතරව ට්‍රාන්ස් මේදය, පොටෑසියම්, විටමින් වර්ග සහ ඔමේගා වර්ගයට අයත් සංතෘප්ත මේද කොටස් ඔබේ ශරීරයට ලැබෙනවා.

එළඟිතෙල් එහෙම නැත්නම් ගිතෙල් ඔබේ ආහාර ජීරනය පහසු කරවීම සඳහා ඉතාම වැදගත්.

 ඔබ පිරිසිදු සහ විශ්වසනීයව සැකසුණු එලඟිතෙල් භාවිතා කරනවා නම්, එය ඔබේ මතක ශක්තිය වැඩි කරන්න, තුවාල සුව කරන්න, නින්ද නොයෑමේ තත්ව අවම කරගන්න,ඇස් පෙනීම වැඩි දියුණු කරන්න, මානසික ආතතියට එරෙහි යම් සහනයක් ලබා දෙන්න වගේම ඔබේ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කරන්නත් වැදගත් වෙන බව කියවෙනවා. ඒ වගේම ගැඹුරු තෙලේ බැදීම් සඳහා ගිතෙල් භාවිතා කරන්න පිලිවන් නම් එය ඔබේ ශරීර සෞඛ්‍යටත් ඉතාම යහපත්. හැබැයි මතක තියාගන්න, අනවශ්‍ය ප්‍රමාණයට ගිතෙල් භාවිතයත් ශරීරයට එතරම් සුවපහසු නොවන බව නවීන වෛද්‍ය වාර්තා අනුව හෙළිදරවු වෙලා තියෙනවා.

ඒ වගේමයි ආයුර්වේද සම්බාහන කටයුතු වලදී වැඩියෙන්ම එලඟිතෙල් යොදාගන්නේ ඒ මඟින් සැලසෙන සුව පහසුව නිසා.

ගිතෙල් සකස් කරන්න ගන්නේ එළකිරි. එලකිරි වලින් බටර් සැකසුවාට පස්සේ ඒ බටර් ආයෙම රත් කරලා මේදය ඉවත් කරමින් වෙන් කරගන්නා කොටස තමයි එලඟිතෙල් කියලා පරිභෝජනයට ගන්නේ. එලඟිතෙල් රන්වන් පාට , යම් තරමකට  උකු දියරයක්. ඒ වගේම පස්ගෝ රසට කිරි, මුදවාපු කිරි, මෝරු, වෙඬරු සහ එලඟිතෙල් තමයි අයත් වෙන්නේ.

එළඟිතෙල් ගැන ඔය වගේ විස්තර කතා කරනකොට තව ඇහෙන නමක් තමයි දුන් තෙල්. දන්සැල් කාලේට දුන්තෙල් බත් දන්සැල් වරදින්නේම නැහැ. දුන් තෙල් කියන්නේ මී කිරි වලින් මේදය වෙන් කරාට පස්සේ සාදා ගන්න තෙල් වර්ගයක්. මී කිරි කියන්නේ මී දෙනුන්ගෙන් දොවාගන්න, අපි ආහාරයට ගන්න මුදවන කිරි වලට.

ගිතෙල් වලින් දුන් තෙල් වෙන් කරගන්න එක අපහසු නැහැ. දුන්තෙල් වල තියෙන්නේ සුදු වර්ණයක්. ගිතෙල් දිලිසෙන කහ වර්ණයට සමාන බව ඔබ දන්නවානේ. දුන් තෙල් වල සුවඳත් ගිතෙල් වලට වඩා වැඩිපුර දැනෙනවා. ඒ වගේම ඒ සුවඳ ප්‍රසන්නයි. ඒ වගේම ගිතෙල් වල උකු ගතියක් තිබුණත් දුන්තෙල් වල තියෙන්නේ සාපේක්ෂව දියාරු ගතියක්. ගිතෙල් වලට වඩා දුන්තෙල් වල සුවිශේෂී රසවත් බවක් හඳුනගන්නත් පුලුවන්. ඒ වගේම ගිතෙල් වලට වඩා ආහාර පිසීමේදී දුන්තෙල් භාවිතා කරනවා.

ඉතින්, මේ විදියට රසවත් ආහාර සකසා ගන්න භාවිතා කරන්න පුලුවන් ගිතෙල් සහ දුන්තෙල් කියන දෙකම, විශ්වාසවන්තව මිලදී ගන්න එකත් බොහෝම වැදගත්. පිරිසිදු බව අවම වුනොත්, මේ සෞඛ්‍යාරක්ශිත ආහාර සකස් කර ගැනීම් ඔබට කරගන්න වෙන්නේ නැහැ. 

ReplyForwardAdd reaction

Related Articles

Don't Miss


Latest Articles