ඉසිනි එතෙක් පවසා නැවතුණා ය. ඇයට පවසන්නට අවැසි දෙය වෙනුවෙන් වචන ගැළපුනේ නැත. නුරාන් ඕ දෙස බලා උන්නේ මුව අග මන්දහාසයක් රඳවා ගනිමිනි.
ඇය සිතන්නට ගත්විට අනන්තයටම සිතන්නීය. වසර දහයකට පෙර අතීතයේ සිට ඇය ඒ පුරුද්ද මෙතරම් කාලයක් නොනවත්වා රැගෙන ඇවිත් ඇත්තේ කෙලෙසද? ඇතම් පුරුදු එලෙසය. මේ ප්‍රේමයද එවන් පුරුද්දකි. .
” අහන්න තාරා ! මං ඔයාට කී පාරක් මේ කතාව කියන්නද කියලා මම දන්නේ නැහැ. අතීතයේ වෙච්ච වැරදි වලට පලිය අරගන්න හරි , මට උවමනා නැහැ …..ඔයාගේ අම්මයි තාත්තයි කරපු මොකක් හරි දෙයක් නිසා ඔයත් දුක් වින්දා , මාත් දුක් වින්දා..
මං ගැන කොහොම උනත් අම්මයි තාත්තයි ඔයාට ඩොක්ටර් අරුණෝ බන්දලා දුන්නේ නපුරක් නරකක් කරන්න හිතාගෙන නෙවෙයි කියලා මං දන්නවා.. ඒක ඔයත් දන්න්න්වානේ…
අන්න ඒක ඔයා ඔයාගේ ඔළුවේ තියාගන්න ඕනේ. එතකොට ඔයා ඔය වගේ කතා මට කියන්නෙ නැහැ…
දැන් කවද්ද අම්මලා මෙහෙ එනවා කියන්නේ? “
ඉසිනි නුරාන් පැවසූවේ කුමක්දැයි යලි සිතමින් පිළිතුරු දුන්නාය.
” අක්ක නං කියනවා අයියගේ නිවාඩු ලබන සතිය ඇපෲ උනෝතින් ලබන සතියෙඅ වුණත් එනවා කියලා….”
” හරි එන දවස බලලා අපේ අම්මලාට කියලා එන්ඟේජ්මන්ට් එක ලෑස්ති කරගමු ….ඔයාට ඕනි කියලා හිතනවා නම් අපි පොඩියට වෙඩින් එකකුත් ගමු.. ඊට පස්සේ ඔයා අවුරුදු පහේ නිවාඩුව දාන්න තාරා…අයියට අවුරුදු දෙකක්වත් නිවාඩු දාන්නේ කියනව ෆැක්ට්‍රි එක බලන්න…… ඌට බෑම කිව්වොත් ඒකටත් මොකක් හරි ඔප්ෂන් එකක් හොයන්නම්.
අය්යේ හහරි එහෙම නැත්නම් අපට විශ්වාස කරන්න පුළුවන් කවුරුහරි මැනේජර් කෙනෙක්ට හරි ඔක්කොම බාර දීලා තියමු…. මාස මාස හයක් නෙමේ අවුරුද්දක් දෙකක් ඉඳලා එන්න අපි අම්මලා ළඟට යමු යමු තාරා… සමහරවිට අපේ අම්මල උනත් ඒකට කැමති වෙයි… “
ඉසිනි නුරානන් පවසන්නේ කුමක්දැයි අදහා ගන්නට නොහැකිව මෙන් බලා උන්නාය. මෙලෙස ජීවිතය දෙස පුළුල්ව බලන්නේ කෙසේද? සිතුවේ ඔහු කිසි දිනක තම දෙමාපියන්ට සම්මුඛ නොවනු ඇති ඇත කියාය. කිසි දිනක තමයි දෙමාපියන්ට සමාව ලබා නොදෙනු ඇත කියාය.
” ලෝකෙ තියෙන පුදුමම කතාව මං කිව්වා වගේ මග දිහා බලන් ඉන්න එපාා තාරා මං ඇත්තටම හදවතින්ම කිව්වේ…..”
“ඔහොම වෙන්න එපා … ඔයා ඔහොම වෙන්න්පා.. මට දරාගන්න බෑ. ඔයා කොහොමද ඔච්චර හොඳවුණේ?..”
” ආදරේ හින්දා තාරා…. කැම්පස් යන කාලෙ ඔයා මාව පිස්සු වට්ටපු තරමින් දීපු ආදරේ හින්දා…. මේ හැම ගතියක්ම මට කාන්දු වුනේ ඔයාගෙන්මයි තාරා…
පහු ගිය කාල වල වෙච්ච ප්‍රශ්න කොච්චර කොහොම වුණත් කැම්පස් කාලේ මුළු බැච් එකටම හිටපු දුක්ගන්නා රාළ ඔයා….. හැමෝගෙම දුක සැප හෙව්වේ ඔයා…. කන්න නැති එකෙක්ගේ කැම පිගාන වෙනුවෙන් සල්ලි දිග් කලේ ඔයා…
මගේ ජීවිතයේ කොච්චර වැටෙන්න ගියපු තැන් වලින් ඔයා රැක ගත්තද ….මගෙන් වචනයක්වත් අහන්නැතුව මං වෙනුවෙන් පෙනී හිටියදද….ඒත් සමහර තැන්වලදී මට වැරදුනා තාරා…. මට මාව දරාගන්න බැරි වුණා….. මගේ ඇත්ත තත්ත්වය දරාගන්න බැරි වුණා..
සමහර විට ඔයාගේ අම්මලා ඔයාට මං උන්න ඇත්ත තත්වය පෙන්නන්න කලින් මං ඔයාට ඒ දේවල් කියලා , මං ඉස්සරහට කරන්නේ මොනවද කියලා කතා කරලා තිබුන නම් මේවා දවස් උදා නොවෙන්නත් තිබුණා….”
ඉසිනි නුරාන්ගේ පසෙකින් ඇලව ඔහු වැළඳ ගත්තාය. මදක් එසවී කොපුලද නළලද ඉන්පසුව පසෙකින් ගත මතට ඇලවි ගෙල පාමුලද ඉම්බාය.
නුරාන් එක් අතකින් ඇය තමා වෙතට වඩාත් නතු කර ගත්තාය.
” හැමදේම අමතක කරලා සැනසීමෙන් එක රැයක් නිදාගමු තාරා….. හෙට උදේ ඉඳන් අපට දුවන්න සෑහෙන්න ප්‍රශ්න තියෙනදා…
වත්සලාගේ ප්‍රශ්නේ එහෙමමයි… සමහර විට ඩොක්ට අරුණෝද මොකක් හරි අලුත් ගුලියක් අඹරන්න පුළුවන්… මං දැක් උගේ අක්කා ඔයාට කෝල් කරලා තිබ්බා…
මගේ එක්ස්පෝර්ට් ඕර්ඩර් එක එහෙම මඟ් ඇරුනා ..ඒක ආයෙම ෆලෝ අප් කරන්නෝනා….. ඔයාගේ අම්මලා මෙහෙ එනවනං අපට ලෑස්ති වෙන්න ගොඩාක් දේවල්තියෙනවා… අදට සැනසීමෙන් නිදාගමු හාද..?!” .
ඉසිනි කිසිවක් නොපවසා නුරාන්ට තවත් ළං වූවාය. අවිනිශ්චිතතාව පිරී ඇතිි ලෝකයකින් තාමත් නිශ්චිත ලෙසින් දැනෙන ප්‍රේමයක් අභිමුව ඉසිනි ගේ ජීවිතය නිවී යමින් තිබුණාය. ඇය ප්‍රේමය සොයා යමින්, ජීවිතය සොයා යමින් විඳි සියලු දුක් කරදර නින්දා අපහාස ඉතා බර ඇති ගලක සැඟ ගලක ගැට ගැසී මුහුදු පත්ලට ඇදී යමින් තිබුණි.
නුරාන් වචනය පරිසමාප්ත අර්ථයෙන් සාධුවත් ප්‍රේමවන්තයෙක් බව ඉසිනි දන්නීය. මේ නුරාන්මය ප්‍රේමයේ වෙලී ජීවිතේ ගෙවන හැම තත්පරයක්ම කොහොම විය හැකිදැයි දැන් එයට දැනෙන්නේය. එසේ යළිත් එසවී නුරාන් ගේ ගෙල පාමුල සිම්බාය. . ඉන්පසුව ඉසිනිගේ හිස් මුදුනට හාදු ලැබුණි.
“නුරාන්…”
“ම්ම්ම්…”
“ඔයා එක්ක සාමයේ මිටියාවතක, ඔහේ ඇවිදින එකයි මගේ හීනේ, මගේ බලාපොරොත්තුව. ඒ වෙනුවෙන් ඕනෑ කරදරයක් මගේ උරින් පහු කරන්න මම ලෑස්තියි….. මේ දරාගන්නේ, මගේ ජීව්තේ අපහසුම සිදුවීම් මේ කාලේ…. ඒත් ඒ හැම අපහසුවක්ම නිවන ඖෂධයක් වැක්කෙරෙන්වා… නුරාන් … ඒ…අපේ ආදරේ…”
” ම්ම්ම්ම්ම්ම්ම්…..”
” ඔයා අහසක් නුරාන්….සමහර තත්පර වල මට හිතාගන්න බැරි තාලෙන් වෙනස් වෙන අහසක්. එහෙව් අහස් මිනිහෙක් වුන ඔයා එක්ක ජීවිතේ ලේසි නැති බව මම දන්නවා… ඒත්, මට විකල්ප ඕනි නැහැ. මං දන්නවා, මගේ සමහර ගති වලින් ඔය පීඩා විඳී… ඒත් මට දැනෙනවා, ඔයා ඇතුළෙන් මාව අල්ලගෙන උන්න නූල ඔයා හෙමින් තව ගොතනවා.
ජීවිතේ ලේසි නෑ මගේ මහත්තයෝ…, ඒත්, ජීවත්වෙන්න ලැබෙන අන්තිම තත්පරයේ පවා ඔයාව තෝරගන්න එකයි මගේ සැලැස්ම.. ලෝකයක් ඔයා පස්සෙන් උන්නත්, කවුරුවත්ම ඔය පස්සේ නැති වුනත්, මගේ ජීව්තේ , මගේ ආදරේ ඔයා එක්ක වීමේ ආහ්ලාදජනක ගෞරවය මට ආයේ ආයෙම විඳින්න ඕනි…
මට තවම දැනෙන්නේ නෑ ඔය මං ගැන හිතන්නේ කොහොමද කියලා.. සමහරවිට මට හිතෙනවා ඔයාට මම අම්මෙක් වගේ හැඟීමක් කියලා, බිරිඳක්, පෙම්වතියක් කියලා, යාලුවෙක්, තරහකාරයෙක් වෙනකල්ම ඔයාට මං එක්ක තත්පර ඇති..
ඒත් සමහරවිට ඔයා දාක මට කියාවි….
” නෝනා… ඔයා තමයි මම දන්න හොඳම කෙනා.. මං ඔයාට ආදරෙයි වස්තුවේ…!!” කියලා
ඔයා එහෙම කීවත්, නොකීවත් මට කියවෙන්නේ මෙච්චරයි…!
” මං ඔයාට ආදරෙයි නුරාන් …. මං කොච්චරක් කා එක්ක ආදරේ ජීව්තේ හොයලා තිබ්බත් මට ජීවත් වෙන්න දැනෙන්නේ දැන්…. අනේ ඔයා අමාරු දවස්, අල්ලගෙන ඉන්න.. මාව රිදෙනවා නම්, අත ලෙහිල් කරලා ආයෙම අල්ලගන්න…, එහෙම කලාට ඔයාට මාව නැති වෙන්නේ නැහැ… මං ඔයාට ආදරෙයි… ඔයාට විතරක්ම ආදරෙයි… ලෝබයි… බෙදා නොගන්න තරමට ලෝබයි…”
නුරාන් ගේ නෙත් කෙවෙනි දැවෙන්නට විය. කඳුළු ඇහි දාර ඔස්සේ හිසකේ අස්සට වැටුනේය. ඔහු ඇය සිම්බේය. මේ දින වෙනුවෙන් කෙතරම් දුක් වේදනා ඉසිලුවේද… ? වැටීම් දරාගත්තේද . ?
” නෝනා… ඔයා තමයි මම දන්න හොඳම කෙනා.. මං ඔයාට ආදරෙයි වස්තුවේ…!!”
ජීවිතය එක් ඍතුවකින් නිම නොවේ….!