” හෙලෝ … මනුජ … මනුජ නිම්නෙත් ප්‍රේමනාථ …ගෲප් කමාන්ඩර් .. ශ්‍රී ලංකා එයාර් ෆෝස් ….”
මනුජ සින්දූපා අත් නොහැරම තමා හඳුන්වා දුන්නේය. සින්දූපා තම දෙමාපියන් දෙස ඍජුවම බලා උන්නායනාය. ඊළඟ විනාඩිය අපැහැදිලි ය.
සින්දූපා ගේ පියා දෙදෙනා දෙසම හෙලුවේ ඉතා අපැහැදිලි බැල්මකි. අම්මා නම්, යමක් වැටහී මෙන් සින්දූපා දෙස පමණක්ම බලා උන්නාය.
” යස්….? ..”
“නයිස් ටු මීට් යූ”
මනුජ සින්දූපා ගේ අතින් අත් හැරියාය. සින්දූපා ගේ දෙමාපියන්ගෙන් හිඳගන්නා ලෙස ඉල්ලා සිටියේය. සින්දූපා ගේ දෙමාපියන් උන්නේ මනුජ හා එකඟ නොව් සිටිය හැකි තත්වයකය.
මනුජද සින්දූපා ගේ යහන අසල තිබූ අසුන මදක් පසෙකට ගෙන හිඳගත්තේය
” පුතේ ???”
සින්දූපා ගේ මව සින්දූපා ගෙන් යමක් බලාපොරොත්තුවෙන් විමසුවාය. සින්දූපා මනුජ දෙස බැලුවාය. දෙමාපියන් හමුවේ මනුජ වෙනුවෙන් පෙනී සිට්න්නට තමාට තිබූ ධෛර්යය සිඳී යන බව ඕ අත්වින්දාය.
” මම … මම සින්දූපා .. එක්ක… අෆෙයාර් එකක් තියෙනවා… මට සින්දූපා ව මැරි කරන්න ඕනි.. ඇත්තටම.. අපි දෙන්නට එකිනෙකා එක්ක එකට ජීවත් වෙන්න පුලුවන් කියලා හිතෙනවා…. අපි අඳුනගෙන වැඩි කාලයක් නැහැ… ඒත් .. ඒත් මේ වෙද්දී අපි එකිනෙකා ගැන යම් අවබෝධයක් එක්ක ඉන්නෙ. .. සහ… අපට තවත් කල් බලන් ඉන්න ඕනි නැහැ හිතෙන්නේ ඒ නිසා….. මට.. සින්දූපා ගේ ජොබ් එක … එයාගේ විදිය .. එයාව.. ඔක්කොම දරාගන්න පුලුවන් …
අනෙක… මේකත් .. මම කලින් මැරි කරලා … අයින් වුන කෙනෙක්… දැන් අවුරුදු දෙකකට කිට්ටුයි…ඩිවෝස් එකට…. මට… බබෙක් ඉන්නවා.. දුවෙක්…”
මනුජ වැඩිදුර කතා නොකර සත්‍ය නිරාවරණය කලේය. සින්දූපා කෙල පිඬක් ගිල්ලාය. ඕ දෙමාපියන් දෙස බලා උන්නේ ගිණි නැඟේවියැයි බියෙනි. සින්දූපා ගේ මව දෑතින්ම මුව වසාගෙන තමාට ඇසුනේ කුමක්දැයි විශ්වාස කරගන්නට නොහැකිව මෙන් බලා උන්නාය. සින්දූපා ගේ පියා තම සැබෑ සිතුවිලි නොපෙන්වා හිඳිමින් තමාට ඇසුණු කාරණා තවත් විශ්ලේෂණය කරමින් උන්නේය. ඔහු අවසානයේ මනුජ ඇමතුවේය.
” කමාන්ඩර් …මනුජ … බොහෝම ස්තූතියි අපිත් එක්ක මේ ගැන කෙලින්ම කතා කලාට… ඒකට මම ඔබතුමාට ගරු කරනවා…. අපි දෙන්නම… ..ඒකට ගරු කරනවා…. ඒත් කමාන්ඩර් සොරි…. සින්දූපා අපේ එකම දරුවා… අපි එයාව මෙහෙ තියාගන්න බලාපොරොත්තුවක්වත් නෑ…. එහෙම තියෙද්දී ඔබතුමා ගේ යෝජනාව අපිට පිළිගන්න බැහැ… අපි සින්දූපා මැරි කරන්නේ කවුද කියන එක ගැන පුද්ගල තීරණයක් නැතිවුනත්, අපිට ඒ ගැන අදහසක් තියෙනවා…. ඒ ඔබතුමා නෙවෙයි…. සෝ ප්ලීස්…. ලීව් හර් අලෝන්… තවදුරටත් මේ කාරණාව දිග්ගස්සන්න අපිට අවශ්‍ය නෑ.. ඉතාම ඉක්මනින් සින්දූපා දියතලාවෙන් යනවා.. ..”
සින්දූපා ට හැඬුණි. එහෙත් ඕ කඳුළු පිසදාගත්තාය. මනුජ මද වේලාවක් උන් ඉරියව්වේම හිඳ නැගිට්ටේය.
” සින්දූපා එක්ක මේ ගැන කතා කරන්න ඕනි නේද ?”
“මගේ දරුවා.. ඒක මම මගේ දරුවා එක්ක බලාගන්නම් … දැන් ඔබතුමා කරුණාකරලා , ජොබ් එකේ ගෞරවේ රැකගෙන මෙතනින් යන්න… නිරපරාදේ ප්‍රශ්න ඇති කරගන්න ඕනි නැහැනේ ….”
එවර සින්දූපා ගේ පියා දැඩි හඬකින් කීවේය. මනුජ එවන් උස් ස්වර වලින් සැලෙන්නෙක් නොවේය
” ජොබ් එක අදාල කර නොගෙන ඉමු .. සින්දූපා මටයි ආදරේ … ජොබ් එක අදාල නෑ….. “
මනුජ දැඩි හඬින් කීවේ සින්දූපා ගේ පියාගේ කෝපය අවුස්සමිනි.
” අයිසෙ මේ…. කරුණාකරලා එලියට බහිනවා… අට පාස් ආර්මි කාරයෝ ….”
“අනේ තාත්තේ ….”
සින්දූපා උස් හඬින් කෑ ගැසුවාය. එහෙත් ඇයටද පියාගෙන් ලැබුණේ තරවටු ස්වරයෙන් නැඟුණු කෝපාග්නියකි. මනුජ ඉවසීමේ සීමාව තවත් ඉහල දමාගන්නට උත්සාහ කලේය.
” ප්ලීස් .. එලියට යන්න… අයි සේඩ් ගෙට් අවුට්…”
“මං කියන්නේ අපි කතා කරන්න ඕනි….”
” බහිනවා අයිසේ එලියට…”
සින්දූපා ගේ පියා මනුජගේ කමිස කොලරයෙන් අල්ලා තල්ලු කලේය. මනුජ අඩි කිහිපයක් ආපස්සට තල්ලු ව ගියේය.සින්දූපා පියාට සන්සුන් වන්නයැයි කියමින් කෑ ගසා හැඬුවාය. මනුජ ඇයට සන්සුන් වන ලෙස පවසමින් අඩි කිහිපයකින් සින්දූපා වෙත ඇවිද ගියේය.
” ඉන්නකෝ අඬන්නෙපා ඉතින්…”
” තාත්තේ… මම මනුජට ආදරෙයි… එයා ආදරේ බවක් කියන්නත් කලින්, එයා ගැන මුකුත්ම නොදැනගෙන ආදරේ උනේ…. එයාගේ කලින් මැරේජ් එකවත් , බබාවත් ප්‍රශ්නයක් නෙවෙයි මට….. අනේ තාත්තේ ප්ලීස් … අනේ ප්ලීස්… මට වෙන කාවවත්ම ඕනි නෑ … ප්ලීස් තාත්තේ.. අනේ අම්මේ…”
සින්දූපා ගිලීහී ගිය ශක්තිය බිඳකින් පමණක් ඉහලට ඔසවාගෙන එක හුස්මට කීවේ මනුජගේ අතක එල්ලිගෙනය. මනුජ ඇය නවතන්නට උත්සාහ කලේය. සින්දූපා ගේ පියා සහ මව ගත් හුස්ම පහලට හෙලා ගන්නට නොහැකිව බලා උන්නෝය. සින්දූපා කෙරෙන් මෙවන් හැසිරිමක සේයාවක්වත් අත් නොවිඳ තිබුණ නිසාම, ඔවුන් ඇය ඉතා කෙටියෙන් පැවසූවේ කුමක්දැයි සිතා ගන්නට ඔවුන්ට හැකි වූයේ නැත
” අම්මේ… මම හොඳට කල්පනා කරලා ගත්ත තීරණයක් මේ… ප්ලීස්… අනේ .අම්මේ…”
“සින්දූ…”
එවර සින්දූපා ගේ මව සින්දූපා වෙත ඇවිද ආවාය. ඇය මනුජගේ අත පසෙකට කරන්නට උත්සාහ කලත්, සින්දූපා මනුජ වටා දෑතම දමා ඔහු අල්ලා ගත්තාය.
” අනේ එපා අම්මේ.. යවන්න එපා… මට සතුටින් ඉන්න නම්… මට.. මෙහෙම ඉන්න දෙන්නකෝ අම්මේ…”
“මහත්තයා.. මේ ළමයාට මොකක් වෙලාද මහත්තයා… මොකක්ද මේ කියන්නේ? ළමයෙකුත් ඉන්න මිනිහෙක්ට ආදරේ කරන්න ? සින්දූ??? ආර් ටූ ගොයින්ග් මෑඩ් ?? ළමයෙකුත් ඉන්න මිනිහෙක් කසාද බඳින්න ? අපිට ඔලුව කෙලින් තියාගෙන පාරට බහින්න බැරි කරන්නද හදන්නේ දරුවෝ… පුතේ.. මේ අහන්න … ඔයා නොදැනුවත්කමින් ඔහොම කියන එක කමක් නෑ… අම්මයි, තාත්තයි ඒකට තරහ නෑ.. අම්මා පුතාට තේරුම් කරන්නම් පුතේ… රාජ් අංකල් එහෙ අය්යව එක්ක පුතාව බලන්න එන්නේ පුතාට ප්‍රපෝස් කරන්න පුතේ.. කොච්චරක් ශෝක්ද ? ඒ අය්යා එක්ක පුතාට සතුටින්ම ඉන්න පුලුවන් .. ඒ දරුවා රට ඉන්නේ… පුතාට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ.. නේ මහත්තයා ?”
සින්දූපා හැඬුවාය. අන් කිසිවෙකු අවශ්‍ය නොවන බව කීවාය. මනුජ හා ජීවත් වන්නට, මනුජගේ පවුලේ සාමාජිකාවක වන්නට තමාට ඉඩ දෙන්නයැයි ඉල්ලමින් ඇඬුවාය
එහෙත් සින්දූපා ගේ අම්මා උන්නේ කෝපයට පත් වෙමිනි. ඕ හිතුවක්කාර නොවන ලෙස පවසමින් සින්දූපා ගේ උරිස්සට පහර දෙකක්ම ගැහුවාය.
” එයා අසනීපෙන් ඉන්නේ … “
මනුජ උස් හඬින් නැඟුණ හඬ පාලනය කරගනිමින් කීවේය. මනුජගේ පියා විත් මනුජව සින්දූපා ගෙන් ඉවතට ඇද්දේය. බලාපොරොත්තු නොවූ ප්‍රහාරය නිසා මනුජ පසෙකට විසිව ගියේය.