අපේ ශරීරයේ තියෙන කාර්යබහුලම ඉන්ද්රිය තමයි මොළය.
අපිට හිතන්න, දැනෙන්න, මතක තියාගන්න, තීරණ ගන්න, වටේ පිටාවේ දේවල් අත්විඳින්න උදව් කරන්නේ මොළය.
අපේ මාංශ පේශි ව්‍යායාම කරන්නෝන වගේම, මොළයත් ශක්තිමත්ව තියාගන්න නිතිපතා පුහුණුවක් කරන්න ඕන. හොඳම දේ තමයි මේකට සංකීර්ණ පුහුණු ක්‍රම ඕනේ වෙන්නේ නැහැ. දිනපතාම විනෝදයෙන් කරන්න පුළුවන් සරල පුරුදු ටිකකින් ඕනෑම වයසකදී අපේ මනස තියුණු, නම්‍යශීලී සහ ශක්තිමත් එකක් කරගන්න පුළුවන්.
මතකය, අවධානය සහ සමස්ත මොළයේ ශක්තිය වැඩි කරගන්න විද්‍යාත්මකව තහවුරු වුණු, පුදුම හිතෙන විදියෙ විනෝදජනක ක්‍රම 10ක් තමයි මේ!
1. චෙස් සෙල්ලම් කරමු
චෙස් කියන්නේ අපේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරලා දෙන ව්‍යායාමයk. මේකෙන් මතකය ශක්තිමත් වෙනවා, අවධානය තියුණු වෙනවා, ඉදිරියට හිතන්න අපේ පුහුණුව වැඩි වෙනවා, වගේම නිර්මාණශීලීත්වයත් වැඩි දියුණු වෙනවා. පරීක්ෂණවලින් පවා පෙන්වා දෙන්නේ වයසට යනකොට මොළය ආරක්ෂා කරන ‘Cognitive Reserve’ (සංජානන සංචිතය) හදන්න චෙස් ක්‍රීඩාව උදව් වෙනවා කියලා. චෙස් ක්‍රීඩාවේ සෑම පියවරක්ම මානසික ප්‍රහේලිකාවක්. ඒ සෑම වතාවකම අපේ මනස ශක්තිමත් වෙනවා.
2. ජිග්සෝ ප්‍රහේලිකා (Jigsaw Puzzles) හදමු
සරල ජිග්සෝ ප්‍රහේලිකාවකින් අපේ මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පුළුවන්. ප්‍රහේලිකා මඟින් දෘශ්‍ය-අවකාශීය කුසලතා (visuospatial skills), මතකය සහ ගැටළු විසඳීමේ හැකියාව වැඩි දියුණු කරනවා. කුඩා කැබලි විශාල පින්තූරයකට ගලපන්න උත්සාහ කරනකොට අපේ මොළය බලවත් සංජානන කුසලතා (cognitive skills) භාවිත කරමින් ස්කෑන් කරනවා, සංසන්දනය කරනවා, සංවිධානය කරනවා, සහ සැලසුම් කරනවා.
3. මනෝමයෙන් ගැටළු විසඳීම
අපේ මොළය අභියෝගවලට ගොඩක් කැමතියි. අපි මනෝමයෙන් ගැටළු විසඳන විට ඒ කියන්නේ හිතෙන් ගණන් හදන විට, සැලසුම් කරන විට, උපාය මාර්ගික ක්‍රීඩා කරන විට, අලුත් විනෝදාංශ ඉගෙන ගන්නා විට, නැත්නම් crossword හදන විට අපේ මොළය අලුත් ස්නායු මාර්ග (neural pathways) හදනවා. මේ “Neuroplasticity” (ස්නායු නම්‍යශීලී බව) කියන ක්‍රියාවලිය මඟින් මානසික නම්‍යශීලී බව, වේගවත් චින්තනය සහ වඩා හොඳ තර්ක කිරීමේ හැකියාවක් ඇති කරනවා.
4. සින්ක් මට්ටම සමබරව තියාගමු
සින්ක් කියන්නේ කුඩා ඛනිජයක් වුණාට මොළයට කරන බලපෑම අති විශාලයි. එය මතකය ගොඩනැගීම, මොළයේ සෛල අතර සන්නිවේදනය, චිත්තවේගීය සමබරතාවය සහ සෛල හානිවලින් ආරක්ෂා කිරීමට උදව් වෙනවා. සින්ක් මට්ටම නිවැරදිව තියෙනකොට අපේ මොළය හොඳින් තෙල් දැමූ යන්ත්‍රයක් වගේ සුමටව ක්‍රියා කරනවා.
5. විනාඩි 10ක් හෘද ස්පන්දන වේගය වැඩි කරමු
ව්‍යායාමවලින් ලැබෙන කෙටි උත්තේජනයක් අපේ මනස ප්‍රබෝධමත් කරනවා. වේගයෙන් ඇවිදීම, නැටීම, බයිසිකල් පැදීම, හෝ ජොගිං යාම මගින් හදවතේ ක්‍රියාකාරිත්වය වැඩිවෙන නිසා මොළයට ඔක්සිජන් ගලායාම වැඩි වෙනවා. මේක අවධානය වැඩි කරනවා, මතකය තියුණු කරනවා, සහ සිතීම ශක්තිමත් කරනවා. විනාඩි 10ක් වැනි කෙටි කාලයකදී පවා වෙනසක් දකින්න පුළුවන්.
6. මොළයට අභියෝග කරන වීඩියෝ ක්‍රීඩා කරමු
හැම වීඩියෝ ක්‍රීඩාවක්ම නිකරුණේ කාලය කා දැමීමක් නෙවෙයි. බොහෝ ක්‍රීඩා ඇත්තටම අපේ මොළයට අභියෝග කරනවා. උපාය මාර්ගික ක්‍රීඩා, ප්‍රහේලිකා ක්‍රීඩා, සහ වේගයෙන් තීරණ ගත යුතු ක්‍රීඩා මඟින් අවධානය, සැලසුම් කිරීම, සම්බන්ධීකරණය සහ ගැටළු විසඳීමේ කුසලතා පුහුණු කරනවා. ක්‍රීඩාවක් උපරිම අවධානය ඉල්ලන විට, අපේ මොළය වඩා වෙහෙස මහන්සි වී වැඩ කරනවා. ඒ වගේම ශක්තිමත් වෙනවා.
7. හොඳ නින්දට මුල් තැන දෙමු
නින්ද කියන්නේ අපේ මොළයේ ‘Reset Button’ එක. රාත්‍රී කාලයේදී මොළය අපද්‍රව්‍ය ඉවත් කරනවා, මතකයන් ශක්තිමත් කරනවා, සහ අලුත් ඉගෙනුම් මාර්ග ගොඩනඟනවා. හොඳ නින්දක් නැතිව හිතීම මන්දගාමී සහ අවුල් සහගතයි. පැය 7-9ක නින්දක් ලබාගන්න එක, නින්දට පෙර screens දෙස බැලීම සීමා කරන එක, වැදගත් වෙන්නෙ ඒ නිසා. ඒ වගේම Sleeping timetable එකක් maintain කරන එක ගොඩක් හොඳයි.
8. ක්ෂුද්‍ර පෝෂක ඌනතා (Micronutrient Deficiencies) නිවැරදි කරගමු
අපේ මොළයට නිසි ලෙස ක්‍රියාත්මක වීමට විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍යයි. අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ අඩු වූ විට, අපේ සිතීම, මනෝභාවය සහ මතකය දුර්වල වෙන්න පුළුවන්. නමුත් අපේ ආහාර රටාවෙන් මොළයට අවශ්‍ය පෝෂණය ලැබෙන විට, අවධානය යොමු කිරීමේ සිට චිත්තවේගීය සමතුලිතතාවය දක්වා සෑම දෙයක්ම වැඩි දියුණු වෙනවා. නිරෝගී මනසක් පටන් ගන්නේ පෝෂණය ලබපු ශරීරයකින්.
9. සුරතල් සතුන් සමඟ කාලය ගත කරමු
සුරතල් සතුන් හදවතට විතරක් නෙවෙයි මොළයටත් ගුණදායකයි. සුරතලෙක් රැකබලා ගැනීමෙන් ආතතිය අඩු කරනවා, ශාරීරික ක්‍රියාකාරකම් වැඩි කරනවා, සහ හොඳ සබඳතාවක් ලැබෙනවා. අධ්‍යයනවලින් පෙන්වන්නේ දිගුකාලීනව සුරතල් සතුන් ඇතිකරන අයගේ සංජානන හැකියාවන් දුර්වල වීම මන්දගාමී වන බවත්, මතකය හොඳ බවත්, සිතීම තියුණු බවත් පරීක්ෂණවලින් හොයාගෙන තියෙනවා.
10. අලුත් භාෂාවක් ඉගෙන ගනිමු
අලුත් භාෂාවක් ඉගෙන ගන්න එක කියන්නේ අපේ මොළයට “බර ඉසිලීමක්” (weightlifting) වගේ දෙයක්. මේකෙන් මතකය වැඩි දියුණු කරනවා, අවධානය ශක්තිමත් කරනවා, ගැටළු විසඳීමේ හැකියාව ඉහළ නංවනවා, සහ සංජානන නම්‍යශීලී බව වැඩි කරනවා. මේක පටන් ගන්න ඕනෑම වයසක් හොඳයි. අපි අලුත් ශබ්ද, නීති, වචන සහ රටා ඉගෙන ගන්නා විට අපේ මොළය සක්‍රීයව පවතිනවා.
වඩාත් නිරෝගී මොළයකට සංකීර්ණ පුරුදු අවශ්‍ය නැහැ
අවශ්‍ය වන්නේ ස්ථාවර බව, කුතුහලය සහ ක්‍රියාශීලී බව පමණයි. අපි ප්‍රහේලිකාවක් විසඳනවාද, විනාඩි 10ක් ඇවිදිනවාද, අලුත් භාෂාවක් ඉගෙන ගන්නවාද, නැත්නම් අපේ සුරතලාට ආදරය කරනවාද, අපි මේ සෑම මොහොතකම වඩා ශක්තිමත්, තියුණු මනසක් ගොඩනඟනවා.
මේ පුරුදු අපේ මොළයේ ක්‍රියාකාරිත්වය පමණක් නෙවෙයි, අපේ ජීවිතයම වඩාත් රසවත්, ප්‍රීතිමත් සහ තෘප්තිමත් කරනවා.










