ඉන්දියන් රුලං කේසරි
අවශ්‍ය දේවල්:
- රුලං 225g
- සිනී මේස හැදි 8-9
- නැවුම් කිරි 750ml
- කහ පාට කලරින් ස්වල්පයක්
- වියළි මිදි 50g
- බටර් මේස හැදි 2
- වැනිලා ටිකක්
සාදා ගන්නා ආකාරය:
- මුලින්ම රුලං කබලේ බැද ගෙන පසෙකින් තබා ගන්න.
- නැවුම් කිරි හා සීනි භාජනයක හොඳින් උණු කරන්න.
- කිරි රත් වීගෙන එන විට බටර් එක් කරන්න.
- වැනිලා, කලරින් සහ වියළි මිදි එක් කරන්න.
- මිශ්‍රණය හොඳින් උතුරද්දී එයට කබලේ බැද ගත් රුලං එක් කර ගෙන හොඳින් හැදි ගාමින් මිශ්‍ර කර ගන්න.
- මෙම මිශ්‍රණය ඝන වීමෙන් පසු ලිප නිවා බටර් ගා ගත් තැටියක දමා තුනී කර කෑලි කපා ගන්න.
රුලං ලඩ්ඩු
අවශ්‍ය දේවල්:
- රුලං කෝප්ප 1 ½
- ගා ගත් පොල් කෝප්ප 1
- ගිතෙල් මේස හැදි 2 ½
- උකු ටින් කිරි පොඩි ටින් 1
- තලා ගත් කරදමුංගු
- කැබලි කර ගත් කජු 50g
සාදා ගන්නා ආකාරය:
- භාජනයක් ලිප තබා එයට ගිතෙල් දමා රත් කර ගන්න.
- එයට රුලං එක් කර විනාඩි 6-7ක් මද ගින්නේ හොඳින් හැදි ගාමින් බැද ගන්න.
- පොල් එක් කර විනාඩි 2-3ක් බැදෙන්න හරින්න.
- කරදමුංගු කුඩු, කජු සහ ටින් කිරි එකතු කර ගන්න.
- මද ගින්නේ හැදි ගාමින් මිශ්‍රණය ගුලියක් වූ පසු ලිපෙන් බාගන්න.
- මිශ්‍රණය නිවුණු පසු බෝල කර ගන්න.
කජු බර්ෆි
අවශ්‍ය දේවල්:
- වියළි කජු මද
- සීනි 100g
- වතුර කෝප්ප කාලක්
- ගිතෙල්
සාදා ගන්නා ආකාරය:
- කජු කෑලි සිටින සේ බ්ලෙන්ඩර් කරන්න
- භාජනයක් ලිප තබා සීනි වලට වතුර දමා ගෙන අඩු ගින්දර සහිතව හොඳින් හැඳි ගාමින් උණු කරන්න.
- සීනි සම්පූර්ණයෙන්ම දිය වී බුබුළු දමමින් මිශ්‍රණය උකු වෙද්දී බ්ලෙන්ඩර් කර ගත් කජු එයට එකතු කරන්න.
- දිගටම හැඳි ගාමින් කජු හා සීනි මිශ්‍රණය අඩු ගින්දරේ පිස ගන්න.
- එය උකු වී එක ගුලියට ආ විට දිගටම හැන්දෙන් පෙරලන්න.එය මෘදු තත්වයට ආ විට ලිප නිවා ගෙන මිශ්‍රණය මදක් නිවෙන්නට හරින්න.
- නිවුණු පසු තවත් අනමින් මෘදු කරගන්න. ගිතෙල් ද එක් කරන්න.
- තෙල් කඩදාසියක් දමා ගත් තැටියකට කජු මිශ්‍රණය දමා ගෙන එය උඩින් ද තෙල් කඩදාසියක් තබා රෝලින් පින් එකකින් එක මට්ටමකට සකසා කෑලි කපා ගන්න.