ඈත දුර ආකාසේ -44

එරංගා නිවාඩු දිනයේ අවදි වූයේ උදෑසන ගෙවී යද්දී ය.නොනවතින හිස කරකැවිල්ල තිබුණද ඇය ඇඳෙන් බැස්සේ යහනේ අනිත් කෙළවර ආදිත්‍ය නොදුටු නිසා ය.අසීරුවෙන් නාන කාමරයට ගිය ඈ නොනවත්වා වමනය කළා ය.අනතුරුව මුළුතැන්ගෙයට ගොස් යමක් පිස ගන්නට බැලුවා ය.

නැත!

කිසිවක් කරන්නට හිතක් නැත.තෙමසක් පිරෙන තුරුම ආදිත්‍ය කුස හොත් දරුවා ගැන කිසිම ආදරයකින් බැලූ දිනයක් ඇයට මතක නැත. කිරි වීදුරුවක් සාදා ගන්නට සිතා ඈ කිරි පැකැට්ටුව ශීතකරණයෙන් පිටතට ගත්තා ය.එහි ඇති කිරි බිඳුවක් නැති බව දුටු එරංගා ආවේගයට පත් විණි.

“නංගිට අපේ අම්මා දෙන්න කිව්වා..මේවා ෂෝක් නාරං..”

පෙරේදා කාර්යාලයේ මිතුරියක දුන් ගෙනවිත් දුන් නාරං සියල්ලේ ලෙලි ඇත්තේ කසල බඳුනේ ය.ආදිත්‍ය ඒ සියල්ල කා හමාර ය.

තමන් ගැනම නැගී ආ අනුකම්පාව උසුලා ගන්නට අසීරු තැන එරංගා ඉකි ගසා හඬන්නට ගත්තා ය. එසේ වැලපෙමින් ඈ සිටි වෙලාව ඇයටම මතකයේ නැත.

“ඉතිං ගෙදරකට හරියයි ද.මූසලකමට නයිටිය පිටින්ම බිම පෙරළිලා අඬනවා.”

පැයකට දෙකකට පසු ඒ හඬ එද්දී ඈ අවදි වූවා ය.මුහුණේ අනුකම්පාව බිඳකුදු නැති ආදිත්‍යගේ අම්මා ඔරවා බලා හිඳින අන්දම ඈ දුටුවේ කඳුළු අතරිනි.

“අම්මේ මට අමාරුයි..”

එරංගා ඉකි ලද්දී නපුරු ගැහැනිය සෝපහාස බැල්මක් හෙළුවා ය.

“ඇයි,පිළිකාවක් ද?”

ගැහැනියක ඉතා දුබලව සිටින වෙලාවක වුව ඇය යෝධ ශක්තියක් හා කෝපයකින් සන්නද්ධ වෙන තැන් තිබේ.එරංගා එවැනි මොහොතකට පත් වූවා ය.ඈ ශරීරයේ සියළු ශක්තිය එක්තැන් කර නැගී සිටියා ය.

“ගේ ඇතුළෙ කන්න ලුණු කැටේක දෙයක් නෑ.මට බඩගිනියි..”

ගැබ්ගත් ගැහැනියක එසේ කියද්දී කළු ගල් පවා උණු විය යුතු වුව ද තෙතක් නැති ගැහැනිය කඩා පැන්නා ය.

“රස්සාවක් කරනව නේද?හම්බ කරන් කන්න දන් නැද්ද?”

එරංගා හිස් වළඳක් බිම ගැසුවේ වැඩිමහලියගේ මුහුණට දෙකක් අනින්නට බැරිකමට ය.ඇය කෝපයෙන් කෑගැසුවා ය.

“ගේනව දෙයියනෙ ගේනව. ඒ සේරම නිකමෙක් වගේ ගේ අස්සෙ ඉන්න ඔහේගෙ පුතා ගිලිනවා. මොකටද ඔහොම ළමයෙක් හැදුවෙ..කාලකන්නි වෙන්න.ඔහේව කාලකන්නි කරල කරල මාව කාලකන්නි කරන මූසලයා..”

එරංගා තව බොහෝ දේ කියා කෑගැසුවා ය. ආදිත්‍ය චණ්ඩ සුළඟක්ව ඇය වෙත ආවේ ඒ මොහොතේ ය.ඔහුගේ රළු අත ඈ මුහුණ මත පතිත වෙද්දී ඇය විසිව ගොස් බිම වැටුණා ය.

අසීරුවෙන් දුරකථනය අංකනය කර කසුන් අමතා ගන්නට ධෛර්යය ඉතිරි කරගත් එරංගා සිහිසුන්ව ගියා ය.

පැය වේගයෙන් ගෙවෙන්නට ඇත.හිස මුදුව අතගෑවෙද්දී එරංගා නෙත් විවර කළා ය.පෞද්ගලික රෝහලක සැපපහසු ඇඳකට ඈ ආවේ කෙසේදැයි සිතමින් මොහොතක් ගෙවූ එරංගාගේ දෑසට එබුණේ තුරුළි ය.

“අක්කේ මගෙ පැටියා..”

අම්මා කෙනෙකු මුලින්ම අසන වචන එරංගා අසද්දී තුරුලි ඇගේ අත අල්ලා ගත්තා ය.

“ඔයා වගේම හයියයි එයා. හයියට අල්ලන් ඉන්නවා.බය වෙන්න එපා.අපි ටික දවසක් ඉමු.මායි අසීයි ඔයා එක්කම ඉන්නං..”

එරංගා කොට්ටයට මුහුණ සඟවා බොහෝ වෙලා හැඬුවා ය.තුරුලි ඇයට හඬන්නට දී බලා හුන්නා ය.

“මට බිල් එක ගෙවන්න සල්ලිත් නෑ අක්කෙ.කාසල් එක්ක යන්න බැරිද?”

තුරුලි ඇගේ හිස අත ගෑවේ සේරම හරි කියන්නට ය.එරංගා අනතුරුව ආදිත්‍ය ගැන විමසුවා ය.

“ප්‍රෙග්නන්ට් ගෑනියෙක්ට අත උස්සනව කියන්නෙ ලේසිද.. මිනිහා පොලිසියේ.ඔයා කෝල් කරේ ලෝයර්කෙනෙක්ගෙ හබීටනෙ සුදූ..”

අසේනි එසේ කියා හිනැහුණා ය.එරංගාට බිඳුවක වේදනාවක්වත් දැනුණේ නැත.ඇය නෙත් පියා ගත්තා ය.

“ගෑනු හයියයි.. හොඳේ නංගි.ඔයා ඔහොමම අයින් වෙන්න. මං එක පාරක් එයාට චාන්ස් එකක් දුන්න. ඔයා නොදෙනවනං මං කැමති.”

තුරුලි එරංගාගේ හිස අත ගෑවේ එසේ කියමිනි.

ආදිත්‍ය වැනි අමන මිනිසෙකුට පාඩමක් උගන්වන්නට එරංගාගේ අත තදින් අල්ලා ගන්නට ඈ ඉටා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

නිබ්බුත ගීත -29

මේ ජීවිතයට මම අතිශය ආදරය කරමි. ජීවත් වූ මේ කෙටි කාලයට ජීවිත සිය ගණනක් ජීවත් වූවා සේ මට දැනේ. එය දුක ද...

සුහදිනි – 78

ජය ඝෝෂා නැඟෙමින් තිබුණේ පරාජය පිළි නොගන්නා රසිකයන්ගෙනි.හඹා යා යුතු ඉලක්කය දිගු දුර එකකි.එහෙත් එය නොහැකි ඉලක්කයක් ද නොවේ.අහස් තමන්ගේ ඉනිම ඇරඹුවේ...

(අ)හිමි සිහින -232

මිනිස්සුන්ට විවිධ අදහස් මති මතාන්තර තියෙන්න පුලුවන්.ඒ මිනිස්සු රූපයෙන් පමණක් නොවෙයි අධ්‍යාපනයෙන් ආධ්‍යාත්මයෙන් මනුෂ්‍යත්වයෙන් ධනයෙන් බලයෙන් යසසින් ආදරයෙන්, කරුණාවෙන් වගේ  සියලු දෙයින්...

නිබ්බුත ගීත -28

මා හිටියේ යහනේ වැතිර ගෙන ය. මගේ පාලනයකින් තොර ව එක දිගට කඳුළු ගලා යමින් තිබිණ. උපන් දා සිට සැපක් කියා දෙයක්...

සුහදිනි -77

අවසන් මහා තරගයක් කියන්නේ සෑම කෙනෙකුම බලාපොරොත්තු  දල්වා බලා සිටින දවසකට ය.රාජ්‍ය නායකයාගේ පටන් සාමාන්‍ය රට වැසියන් දක්වාම තරුණයන් එකොළොස් දෙනෙකු බලාපොරොත්තුවෙ...