අඟහරු ලෝකයේ පළමු වැසියා වීමට කුඩා කාලයේ සිටම සිහින දකින දැරිය Alyssa Carson

Alyssa Carson සහ ඇගේ අභ්‍යවකාශ ප්‍රේමය ඇරඹෙන්නේ ඇය කුඩා දැරිවියක වියේ සිටියදී.ඇයගේ සුවිසල් සිහිනය වන්නේ අඟහරු ලෝකයේ පළමු ජීවියා බවට පත්වීමයි.
විසි හැවිරිදි හිරිමල් යුවතියක වන ඇය ලොවම පුදුම කරවන ඇයගේ සිහිනය වෙතට ළඟා වීමේ අරමුණින් දැනටමත් කටයුතු කරමින් සිටිනවා.
“මම අභ්‍යවකාශය වෙත ඇල්මක් දක්වන්නට පටන් ගත්තේ ඉතාමත් කුඩා කාලයේ සිටමයි.මට හරියට මතක නැතත් මගේ පියා කිව්වා මම නිතරම අඟහරු ගැන ඔහුගෙන් විවිධ දේවල් ඇහුවා කියලා”


තම ළදරුවියේ ඇතිවුණ අභ්‍යවකාශය හා තමා අතර ඇල්ම ගැන සිහිපත් කරමින් ඇය එසේ පවසනවා.
වයසින් වැඩුණු දැරිවියක වෙද්දි ඇය අභ්‍යවකාශ පුහුණු කඳවුරු වෙතට ආකර්ෂණය වනවා.2014 දී “NASA Passport Programme” සම්පූර්ණ කරන පළමු පුද්ගලයා බවට ඇය පත්වනවා.
ටෙඩ් ටෝක්ස් වෙත පැමිණෙන ඇය සිහින ලුහුබඳින ඔබ වෙනුවෙන් දිරිමත් කතාවක් ඉදිරිපත් කරනවා.
ඉතින් ලෝකයේ ප්‍රමුඛ මාධ්‍ය ඔස්සේ මේ වනවිටත් ඇය ගැන කතාබහක් ඇති වී තිබෙනවා.ඇතිවී තිබෙනවා පමණක් නොව තමා ගැන කතා කරන්නට තරම් දක්ෂතාවලින් ඇය ඉදිරියට පැමිණ තිබෙනවා.
ඉංග්‍රීසි භාෂාවට අමතරව ස්පාඤ්ඤ,චීන,ටර්කි,ප්‍රංශ භාෂා කතා කතා කරන ඇය අනිත් ළමුන් වෙනුවෙන් motivational speeches පවත්වන්නියක් ලෙස ද නමක් දිනා ගෙන තිබෙනවා .
ඉතාමත් තරගකාරී වගේම ඉටුකර ගැනීම පහසු නැති සිහිනයකට ලුහුබඳින ඇය අපට පවසන්නේ ලොකු සිහින දකින ලෙසටයි.සිය අධ්‍යාපන කටයුතු සාර්ථක ලෙස අවසන් කරන ඇය යම් දිනෙක ඒ සිහිනය කරා ළඟා වනු ඇති.
ඉතින්,ඔබ කිනම් වයසක සිටියත් සිහින දකින්න.ඒ සිහින යථාවක් බවට පත් වන තුරු ගමන් කරන්න.
ඔබ මවක් නම් ඔවුන්ගේ සිහින ලුහුබඳින්නට දරුවන්ට කියා දෙන්න.මේ දිරිය යුවතියගෙන් අපට ඉගෙන ගත ගත හැකි පාඩම එය නේද ?

More Stories

Don't Miss


Latest Articles