නිවසේ සුරතල් සතුන් නිසා දරුවන්ට ඇතිවිය හැකි රෝගාබාධ.

නිවසේ සුරතලයට ඇති කරන සතුන් සමඟ මිත්‍රව සෙල්ලම් කිරීමට හුරතල් කිරීමට පුංචි බබාලා හරි ආසයි. ඒ හරහා දරුවාගේ මානසික සුවය වගේම සංවර්ධනයට ද ලොකු පිටුවහලක් ලැබෙනවා.නිවසේ දරුවන් සමග සුරතල් සතුන් ඇතිකිරීම තුල සතා සිව්පාවාට ආදරය, කරුණාව දක්වන්න දරුවන් හුරුවෙනවා.

ඕනෑම දෙයක වාසි වගේම අවාසිත් තියනවනෙ..ඉතින් දරුවන් සමග නිවසේ හැදෙන මේ සුරතල් සතුන් නිසා දරුවන්ට විවිධ රෝගාබාධ ඇතිවීමේ ඉඩක් තියනව .මේ නිසා වැඩිහිටි ඔබ සැලකිලිමත් විය යුතුයි නිවසේ සුරතල් සතුන්ගෙන් කුඩා දරුවන්ට ඇති වෙන්න පුළුවන් ලෙඩ රෝග හා හානි වළකා ගන්න.

ඉතින් අපි ප්‍රථමයෙන්ම දැන ගමු සුරතල් සතුන් හරහා දරුවන් ට බෝ විය හැකි රෝගාබාධ ගැන.

සුරතල් සතුන්ගෙන් කුඩා දරුවන්ට බෝවිය හැකි රෝග මොනවාද?

සුරතල් සතුන්ගෙන් බෝවෙන්න පුළුවන් ලෙඩ රෝග සුළු ප්‍රමාණයක් තියනවා. මෙවැනි රෝග අලුත් රෝග නොවේ. සුරතල් සතුන් හරහා දරුවන්ට සම්ප්‍රේශනය වුන එවැනි රෝග බොහෝ කාලයක් සමාජය තුල පැවතුනා. එවැනි රෝගයක් තමයි පූසන්ගෙන් බල්ලන්ගෙන් ඇති විය හැකි පණු රෝගය.
Toxocara Canis බල්ලන්ගෙන් බෝවීමට පුළුවන් පණු රෝගයක් වන අතර Toxocara Cati නම් පණූ රෝගය පූසන්ගෙන් කුඩා දරුවන්ට බෝවීමට පුළුවන් පණූ රෝගයක් වේ.

ඒ වගේම ජලභිතිකා රෝගය. මේ රෝගය වර්ථමානයේ සමාජය තුළ වැඩිවීමක් දකින්න ලැබෙනවා අඩුයි. ඒත් නිවසේ ඇති නොකරන අයාලයේ යන සුනඛයන්ගෙන් මේ රෝගයේ වැඩිවීමක් තියනව ද කියලා දත්ත සොයා ගෙන යනවා. නගරවලට වඩා ගම්වල රෝගය යම් වැඩිවීමක් දකින්න තියෙනවා.
නමුත් පිස්සු බලු රෝග තත්ත්වය නම් අපේ රටේ වැඩිවීමක් දක්නට ලැබෙන්නැහැ.

ඒ වගේම සුරතල් සතුන් විශේෂයෙන් පූසන්ගේ ලොම් හරහා සෙම් රෝග, ඇඳුම, පීනස රෝගයෙන් පෙළෙන දරුවන්ට ඒ තත්ත්වය වැඩිවීමක් දැක ගන්න පුළුවන් වෙනවා. සමහර වේලාවට කොතරම් නිවස පිරිසිදු කළත් සුළඟ මගින් මේ පූසන්ගේ ලොම් එන්න හැකියාව තියනවා.

සුරතල් සතුන්ගෙන් කුඩා දරුවන්ට පණු රෝගය බෝවීම සිදුවන අයුරු

බල්ලන් හා පූසන් මළ පහ කරන විට පණු බිත්තර, කීටයන් පසට එකතු වෙනවා. සාමාන්‍යයෙන් කුඩා දරුවන් අවට වටපිටාව තුළ සෙල්ලම් කරද්දී පස්, දුවිලි අත ගානවා. ඔවුන් ඒවා අත ගාලා අපිරිසිදු දෑත් වලින් මුහුණ / නාසය / කට ඇල්ලීම තුළින් මේ රෝග ශරීරයට ඇතුළු වීමට හැකියාව තියෙනවා.

මෙවැනි පණුරෝග කුඩා දරුවන්ගෙන් හඳුනා ගත හැකි ලක්ෂණ

සමහර විට හේතුවක් නැතුව උණ ගන්න පුළුවන්. මෙවැනි තත්ව වල වෛද්‍ය උපදෙස් ලබා ගන්න වෛද්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවල දී නිවසේ සුරතල් සතුන් ඉන්න බව වෙද්‍යවරුන් දැනුවත් කිරීම දෙමාපියන් කල යුතුයි. බොහෝ වෙද්‍යවරුන් අහනවා ගෙදර සුරතල් සතුන් ඉන්නව ද කියලා. ඒ අනුව එහි දී මේ රෝග තත්ත්වය හඳුනාගෙන ලබා දෙන ඖෂධ මගින් මේ රෝගය සුව වෙනවා. කලාතුරකින් මේ රෝගය නිසා දරුවාගේ ඇස් දෙක, මොළය. ‍පෙනහළු, අක්මාව, සමේ ආසාධන කිහිලි ආදියට හානි වීමේ හැකියාව තියනවා.

සමේ ආසාධන වුවහොත් සමේ ඉරි වැනි ස්වභාවය, සම කැසීම, වසා ගැටිති විශාල විම, සම යටින් පණූ ගෙඩි හට ගැනීම දැක ගත හැකියි.

සතුන්ගේ පණු රෝග කුඩා දරුවන්ට බෝ වීම වළක්වා ගන්නේ කොහොම ද ?

නිවසේ ඇතිකරන සුරතලාව පශු වෛද්‍ය උපදෙස් මත පැටවුන්ගේ කාලය තුළ සිටම නිසි මාත්‍රාවට, කාලයට පණු බෙහෙත් ඖෂධ ලබා දීම සිදු කළ යුතුයි.

සතුන්ගේ මළ පහ ඇති ස්ථාන වලට දරුවන් යැවීමෙන් වළකා ගත යුතුයි වගේම ඔවුන්ගේ මළ පහ ඉවත් කර හොඳින් අවට පිරිසිදුව තබා ගත යුතුයි.

ඒ වගේම දරුවන් නිවසින් බැහැර අවට ක්‍රීඩාංගණ වැනි ස්ථාන වල සෙල්ලම් කරද්දී අත් දෙකෙන් මුහුණ / කට ස්පර්ශ නොකිරීමට ඔවුන්ට උපදෙස් ලබා දිය යුතුයි වගේම සෙල්ලම් කර නිවසට ආ විගස කුඩා දරුවන්ව හොඳින් පිරිසිදු කළ යුතුයි.

නිවැරදි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය තුළ මෙවැනි රෝග වලට අනිසි බියක් ඇති කර ගත යුතු නැත.

දරු පැටියාගේ ළමා ලෝකය සංවර්ධනය කරවන මෙවැනි ක්‍රියාවලට දරුවා යොමු කරවීම තුළ ඔවුන්ගේ අනාගතය සුන්දර සුරක්ෂිත වීමක් ද සිදුවනු ඇත.

වෛද්‍ය උපදෙස් –
ළමා රෝග විශේෂඥ කෝසල කරුණාරත්න
රිජ්වේ ආර්යා ළමා රෝහල

Related Articles

Don't Miss


Latest Articles