fbpx

මතක දිගහැරුම 34 – අප්සාරි සිංහබාහු තිලකරත්න

තිස් හතරවන දිගහැරුම ,

පුහුණු වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යාමට පෙර අප සමග අවංකව ඇසුරු කළ නෑදෑ හිත මිතුරන් බොහෝ දෙනෙක් මට සුබ පැතීම සඳහා අපේ නිවසට ආහ.ඒ සෑම දෙනාම මට ලැබුණු අවස්ථාව පිළිබඳව හදවතින්ම සතුටු වූ අතරඇතැම් අය ඒ ගැන සතුටක් නැති බව මට දැනුණි.නමුත් සියලු දෙනා සමග සිනාමුසු මුහුණින් කතා කළ මා කිසිවෙකුටත් වෙනසක් නොපෙන්වූයෙමි.

අවසානයේ දී කෙසේ හෝ මා ඩුබායි බලා යන දින උදා විය.අම්මා, තාත්තා සහ නංගිව තනිකර යාමට සිදුවීම ගැන මට දැනුණේ විශාල දුකකි.Air Lanka ආයතනයේ සේවය කරද්දී ගුවන් ගමන් වාර අවසන් කර අවසානයේ දී කෙසේ හෝ මා නිවසට පැමිණෙන නමුත් මින් මතුවට එසේ නොවන නිසා මට දැනුනු දුක වචනයෙන් කියා නිම කළ නොහැකි තරම් විය.අම්මා තාත්තා සහ නංගී ගුවන්තොටුපළට මා ඇරලවීම පිණිස පැමිණීමේදී සිදුවූ විශේෂ සිදුවීමක් මගේ මතකයේ ඇත .අප සියලු දෙනා කථාබස් කරමින් කාර් රථයේ ගමන් කරමින් සිටින විට ” රත්තරන් දුවේ අපේ රත්තරන් දුවේ ” ගීතය ගුවන්විදුලියේ ප්‍රචාරය විය.ඒ ගීතය ශ්‍රවනය වීමේ දී ඉතා සංවේදී වූ මගේ අම්මා පිටුපස ආසනයේ සිට ඉකිගසමින් හඬනවා මට ඇසුණි.මාස තුනකින් මා නැවත පැමිණෙන බවත් , මේ ලැබුණු අවස්ථාවෙන් පසුව අපගේ ජීවිත තව තවත් දියුණු වන බවත් පවසමින් මා අම්මාව අස්වසන්නට උත්සාහ කළෙමි.ඇත්ත වශයෙන්ම ලෝකයේ හොඳම ගුවන් සේවා සමාගම වශයෙන් නම් දරා සිටි Emirates ආයතනයට සම්බන්ධවීමට ලැබීම මා ලද විශාල භාග්‍යයක් ලෙස මා සලකමි.ගුවන්තොටුපොළේ දී පවුලේ අයට සමුදුන් මා ජීවිතේ තවත් විශාල පියවරක් තැබීම සඳහා ගුවන් යානයට නැගුනෙමි.ගුවන් යානය ගුවන් ගත වන විට අම්මාව තාත්තාව සහ නංගීව සිහිපත් කරමින් මා හඬා වැටුනෙමි.

මා පිළිගැනීම සඳහා Emirates ආයතනයෙන් අයෙක් , ඩුබායි ගුවන් තොටුපොළට පැමිණ සිටියේය.ඉතාම සුහදශීලී ලෙස මා පිළිගත් ඔහු ඉන්පසුව මා කැටුව ගියේ මට නවාතැන් ගැනීමට සූදානම් කර තිබූ නවාතැන වෙතටය .එකල ඩුබායි රාජ්‍යය වර්තමානයේ මෙන් නොවූ අතර සීඝ්‍ර සංවර්ධනයක මූලික අවස්තාවේ තිබු රටකි.එම නිසා බොහෝ තැන්වල දකින්නට තිබුනේ ගහක් කොලක් නැති කාන්තාරය .මා පිළිගැනීමට පැමිණි පුද්ගලයා මා කැඳවාගෙන ගියේ Sheikh Zayed Road හි පිහිටා තිබුණු ,අලුතෙන්ම ඉදි කළ මහල් නිවාසයක් වෙතටය.වීදුරු ගොඩනැගිලි ලෙස ඉදි කළ ඒවා Studio Apartment සංකල්පය යටතේ නිමවා තිබුණි.Pink , Blue ,White ලෙස විවිධ වර්ණ වල නම් වලින් එම ගොඩනැගිලි නම් කර තිබුණු අතර මගේ නවාතැන පිහිටා තිබුණේ Blue ලෙස නම් කළ ගොඩනැගිල්ලේය. මේ පාට පාට වීදුරු මහල් නිවාසවල සිටියේ ගුවන් ගමන් වල නිරතවෙන කාර්‍යය මණ්ඩලයේ අයවලුන් පමනි.

Mini Stories

වෙනස

ළපෙති මල්

ළපෙති මල් -33

Mini Stories

පසුතැවීම

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 31 වන කොටස

Mini Stories

මතක අහුරු

ළපෙති මල්

ළපෙති මල් – 32

Mini Stories

හිසරදය.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 30 වන කොටස

Mini Stories

නිදහස

මගේ නවාතැනට ඇතුළුවන විට මට දැනුණු නැවුම් සුවඳ තවමත් මගේ මතකයේ ඇත.සියලු ගෘහභාණ්ඩ සහ අනෙකුත් පහසුකම් සහිත එම නවාතැන කාමර තුනකින් සමන්විත විය.ප්‍රධාන නිදන කාමරයට අළලා නාන කාමරයක් වූ අතර අනෙකුත් නිදන කාමර දෙක සඳහා පොදු නාන කාමරයක් ද එහි තිබුනි.එම එම මහල් නිවාසයේ පදිංචියට පැමිණි පළවෙනියා මම වූ අතර මට ලැබුණේ ප්‍රධාන නිදන කාමරය ය.එහි තිබූ ඇඳ ඇතිරිල්ලේ සිට සියලුම දේ අලුත්ම ඒවා විය.මගේ නවාතැනින් පිටත බැලූ විට කෙලින්ම පෙනෙන්නේ Jumeirah beach එකය.මා හට සලසා තිබූ පහසුකම් පිළිබඳව සලකා බලන විට ලෝකයේ හොඳම ගුවන් සේවා සමාගමට සමඟ සම්බන්ධ වූවා යන හැඟීම ගුවන්තොටුපොළට පා තැබූ මොහොතේ සිටම මට විඳින්නට ලැබුනි.

මා පිළිගැනීමට පැමිණි පුද්ගලයා එම නිවසේ තිබූ සියලුම දේවල් මට පෙන්වන්නට විය.මුළුතැන්ගෙය සියලුම උපකරණ වලින් සහ පහසුකම්වලින් සමන්විත වූ අතර ඉදිරියේදී තවත් ගුවන් සේවිකාවන් දෙදෙනෙක් නවාතැන් ගැනීමට නියමිත අනෙක් නිදන කාමර දෙක ද ඔහු මට පෙන්වීය.නවක ගුවන් සේවිකාවන් තිදෙනෙක් සඳහා එක් නිවසක් ද , කල් ගතවන විට දෙදෙනෙක් සඳහා එක් නිවසක්ද බෙදා ගැනීමට සිදුවන අතර ජේෂ්ඨ ගුවන් සේවිකාවක් වූ පසු තනි නිවසක වාසය කිරීමටද ආයතනය මගින් පහසුකම් සලසා ඇත.කෙසේ හෝ නිවසේ සියලු දේ පෙන්වූ ආයතනයෙන් පැමිණි පුද්ගලයා , අවශ්‍ය අවස්ථාවක විමසීම් කිරීමට අංකයක් ද ලබාදී පිටව ගියේය. ඒ වගේම පසු දිනයේ දී පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතව තිබූ බැවින් ඊට පෙර හොඳින් විවේක ගන්නා ලෙසද ,ඔහු නික්ම යාමට පෙර පැවසුවේය.

මහල් නිවාසයේ පහල තට්ටුවේ සුපිරි වෙළෙඳ සැලක් වූ අතර, අවශ්‍ය නම් භාවිතා කිරීම සඳහා ශරීර සුවතා මධ්‍යස්ථානයක් ද විය.එමෙන්ම පහළ තට්ටුවේ වූ පිළිගැනීමේ කවුන්ටරයේ සේවය කළේ ඉන්දියානුවන් සහ පකිස්ථානුවන් වූ අතර ඔවුන් සියලු දෙනාද ඉතාම සුහදශීලී අය විය.මහල් නිවාසයෙන් පිටතට ගිය පසු පෙනෙන්නට තිබුනේ වාහන ඉතා වේගයෙන් එහා මෙහා යන අධිවේගී මාර්ගය ය.එකල ඩුබායි රාජ්‍යයේ කුලී රථ සඳහා පවා භාවිතා වනුයේ මර්සිඩීස් වර්ගයේ රථයන්‍ වැනි හොඳම වර්ගයේ රථයන් ය.ජපානයේ සිටි කාලයේ දී වත් මා නොදුටු වාහන ඩුබායිහිදී දුටුවෙමි.එවිට දියුණුවෙමින් පැවැති රටක් වූ එහි බැලූ බැලූ අත දක්නට ලැබුණේ ඉදිවෙමින් පවතින ගොඩනැගිලි ය. කෙසේ හෝ පසුදින පුහුණුවීම සඳහා යාමට බලාපොරොත්තුවෙන් මා එදින රාත්‍රිය විවේකීව ගත කළෙමි

මතු සම්බන්ධයි

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x