සහකරුගේ මේ ගැටලුව නිසා කාන්තාවක් ලෙස ඔබත් අපහසුතාවට පත් වෙලාද?

ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන්ට ලිංගික සම්බන්ධතා අප්‍රියජනක වෙන්න ප්‍රදානව බලපාන හේතුව සහකරුගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.
මේ කාරණාව ගැන ඔහු සමග කෙලින්ම කතා කරල පිරිසිදුවට පිලිවෙලට ඉන්න ඔහුව උනන්දු කරවන්නෙ කොහොමද කියන ගැටලුවට උත්තර මේ ලිපියෙන් අපි කතා කරනව.

කෙල්ලො කැමති පොෂ් කොල්ලන්ට කියලා සමහර තරුණයන් අතරේ මතයක් තියනවා ඔබ දන්නවා ඇති.BTS ගෘප් එක,කොරියන් නළුවෝ,හොලිවුඩ්, බොලිවුඩ් නළුවෝ, නව පරපුරේ රියැලිටි තරු සහ නළුවෝ සමාජ මාධ්‍යවල දැඩි ලෙස විවේචනය වෙන්න හේතුවත් ගෑනු ළමයින්ගේ ආකර්ෂණය ඔවුන් දිනා ගැනීම.ඇත්තටම ගෑනු ළමයි කැමති සල්ලි තියෙන හැන්ඩ්සම් කොල්ලන්ට කියලා පිරිම්න් අතර මතයක් තිබුණට තරුණියන් විදියට ඔබට ඊට වඩා සාධකයක් තියෙනවා නේද?

ගැහැනු ළමයි කටින් කෙලින්ම නොකීවට ආදරෙන් බැඳෙන්න, ලිංගික සම්බන්ධතාවයක් ගොඩ නගා ගන්න කැමති පිරිසිදු , පිලිවෙලට ඉන්න සහකරුවෙක් එක්ක. ඒ කියන්නෙ තමන්ගේ personal hygiene සම්බන්ධයෙන් උනන්දුවක් තියන ඒ ගැන කටයුතු කරන පිරිමි එක්ක. තව විදියකින් කියුවොත් ප්‍රසිද්ධියේ කතා නොකලට ඇත්තටම බොහොමයක් කාන්තාවන් ලිංගික සම්බන්ධතා ඇතුළේ අප්‍රියජනක වෙන්න හේතුව, පිරිමින්ගේ අපිරිසිදුකම කියන කාරණාවට ඔබ මාත් එක්ක එකඟ ඇති.

ඔබ අපහසුතාවයෙන් ඉන්න, ඔබේ සහකාරයාගේ අඩු පිරිසිදු කම හෙවත් personal hygiene ගැන තියන නොසැලිකිලිමත් කම ගැන ඔහු සමග ඍජුවම කතා කරන්නෙ කොහොමද ? ඔහුගේ පෞද්ගලික පිරිසිදු බව ගැන උනන්දුවෙන් කටයුතු කරන්න ඔහුගේ සිත නොරිදෙන ආකාරයට ඔහුව දිරි ගනවන්නෙ කොහොමද ? අද අපේ ලිපිය තුල මේ ගැනයි අපි කතා කරන්නෙ? විශේෂයෙන්ම මෙන්න මේ මූලික කාරණා වලට ඔහුව උනන්දු කරන්න ඔබට පුලුවන්.

1.කොණ්ඩේ පීරා ගන්න

කොල්ලො වුණා කියලා කොණ්ඩේ පීරන් නෑ,නාන්නේ නෑ වගේ දේවල් විශ්වාස කරනවා නම් ඒ පිරිසිදුකම එතනම ඉවරයි.පිරිමින්ට ගැලපෙන හොඳ ෂැම්පු එකක්, කන්ඩිෂනර් එකක් යූස් කරන්න.කොණ්ඩය වැවීම හෝ ස්ටයිල් එකකට කැපීම ඔහු සතු අයිතියක්.හැබැයි ඒ දේ විලාසිතාවක් අනුව කරන්න උනන්දු කරන්න. අලුත්ම ෆැශන් එකට කොණඩය කපල පිලිවෙලට ඉන්න එකට තියන ඔබේ කැමැත්ත ගැන ආදරෙන් කියන්න. ඔහුට ගැලපෙන විලාසිතා , ගැම්පු,කන්ඩිෂනර් වර්ග ගැන වගේම අවශ්‍ය හෙයාර් ට්‍රීට්මන්ට් ගැනත් ඔහුට යෝජනා කරන්න ඔබට පුලුවන් නෙද?

2.රැවුල වවන්න එපාද?

රැවුල තියෙන තරුණයන්ට තරුණියන්ගේ ආකර්ෂණය වැඩියෙන් ලැබෙන්න පුලුවන් තමයි.හැබැයි! පිරිසිදු සහ ලස්සන රැවුලක් විය යුතුයි.ඒ නිසා රැවුල නිකම්ම වැවෙන්න දෙන එක ෆැෂන් එකක් නෙවෙයි. රැවුල හොඳින් සෝදල ඊටපස්සේ බියර්ඩ් ඔයිල් එකක් ගාල දිනපතා හොඳට පීරන්න ඔහුට මතක් කරන්න . සති දෙකකට සැරයක්වත් වවන ‍රැවුල බෙල්ලේ සීමාව, කම්මුලේ සීමාව අනුව කපන්නට ඔහුව උනන්දු කරන්න එතකොට ඔහුට තියෙන්නේ නිකම්ම නිකං පොල් කොස්සක් වගේ රැවුලක් නෙවෙයි.

3.මෑන්ස්කේපින්ග් කරන්න

මේක ලිංගික සම්බන්ධතා පවත්වා ගැනීමේදී හරි වැදගත්.ඔබේ අනවශ්‍ය රෝම ඉවත් කරලා ඔබ ඉන්නව නම් ඇයි ඔහුට එය බැරි?.මේ කියන්නේ ඒ ගැන.අතපයේ,පපුවේ වගේම ලිංගික අවයව වලත් දැඩිව වැවිලා තියන රෝම ට්‍රිම් කරන්න.එතකොට ඔහුගේ අත්‍ යට හා ලිගාශ්‍රිත ප්‍රදේශය ළඟින් අනවශ්‍ය දුඟදක් හමන්නේ නැහැ.
කිහිලි වල රෝම ට්‍රිම් කරන එක වගේම ඩියොඩ්‍රන්ට් එකක් පාවිච්චි කිරීම,සුවඳ විලවුන් පාවිච්චි කිරීම ඔහුගේ සිරුරේ ගන්ධය පාලනය කරන්න උදව් වෙනවා. මේ ගැන ඔහුගේ සිත නොරිදෙන ආකාරයට කතා කරන්න , දෙන්න එක්ක රොමැන්ටික් නයිට් එකක් ප්ලෑන් කරනකොට මේ දේවල් ගැන කෙලින්ම කතා කරල ආදරණීය විදියට මේ දේවල් කරන්න ඔයාට පුලුවන් .

4.දත් සහ නියපොතු පිරිසිදුව තියා ගන්න

මේවා ගෑනු ළමයි විතරක් කරන්න ඕනෑ දේවල් නෙවෙයි.උදේ හවස දත් මදින එක දන්ත සෞඛ්‍ය වගේම පිරිසිදුකමත් ආරක්ෂා කරන දෙයක්.හොඳ මවුත් වොෂ් එකක් පාවිච්චි කරන එකත් වැදගත්.ඔහේ දිගට නියපොතු වවන්නේ නැතුව කපන්න ඕනෑ. පිරිමියෙක් වුණා කියලා පෙඩිකියු එකක් කිරීම එහෙම අපරාධයක් නෙවෙයි.සතිය පුරා මේස් සපත්තු දාලා කකුලේ නියපොතු වුණත් සවුත්තු වෙන්න පුලුවන් නිසා ඔබත් එක්ක එක්ක එකතු වෙලා එහෙම දේවල් කරන්න ඔහුව පොළඹවන්න.

5.හරියට නාන්න

අපිට නාන්න යන්නේ විනාඩි දෙකයි කියන එක මහා ලොකුකමක් නෙවෙයි! කොණ්ඩය රැවුල පිරිසිදු කරන හැටි මම මුලින් ලියලා ඇති.ඒ වගේම තමයි ඇඟේ කුණු රැඳෙන තැන් හොඳට අතුල්ලලා පිරිසිදු කරන්න.විළුඹ,වැලමිට, බෙල්ල පිටුපස,පිට එහෙම හොඳට අතුල්ලා ගන්න ඕනෑ.හොඳ ෂවර් ජෙල් එකක්,සබන් එකක් ෆේස් වොෂ් එකක් පාවිච්චි කිරීම ගැටලුවක් නෙවෙයි.කබ අයින් වෙන්න හොඳට මුහුණ හෝදා ගන්නත් අවශ්‍ය බව ඔහුට කියන්න.

Portrait of beautiful couple

6.ලිංගික අවයවවල පිරිසිදු භාවය

ශිෂ්නය පිටතට නිරාවරණය නිසා දිලීර බැක්ටීරියා ආසාදන ඇති වීමේ ඉඩ වැඩියි.ගඳ ගහන්නත් පුලුවන්.මෙය ඔහු සමඟ ලිංගිකව හැසිරෙන ඔබට අපහසුවක් දනවන දෙයක්.මුලින් සඳහන් කළා වගේ ලිංගික අවයව ආශ්‍රිතව රෝම ට්‍රිම් කිරීම පිරිසිදු බව පවත්වාගෙන යන්න උදව් වෙනවා.දිනපතා මඳ උණුසුම් වතුරෙන් ශිෂ්නය ආශ්‍රිත ප්‍රදේශත් ඉකිලිත් පිරිසිදු කරන්න පුලුවන් නම් හොඳයි.පෙර සම පසුපසට අරන් ඇතුළත පිරිසිදු කිරීමත් වැදගත්.දිනපතා නාන්න බැරි වුණත් මේ ප්‍රදේශ පිරිසිදු කරන්න.ලිංගික සබඳතාවයක් හෝ ස්වයං වින්දනයකට පස්සේ ලිංගික අවයව හොඳින් සේදීමත් වැදගත්.ප්‍රධානම කාරණාව ඔබට ලිංගික අවයව වලින් අප්‍රසන්න දුගඳක් එනවා නම් ඒ ගැන ඔහු එක්ක කෙලින් කතා කරන්න.

7.පිරිසිදු ඇඳුම් අඳින්න

දාඩිය ගඳ ගහන ඇඳුම්, දවස් ගණන් පරණ යට ඇඳුම්,බෝඩිමේ යාළුවගේ හෝදපු නැති ඇඳුම්, ගත්තට පස්සේ කවදාවත් නොහෝදපු ඩෙනිම් කලිසම්.
මේ එකක්වත්ම සරලකම පෙන්නන දේවල් නෙවෙයි.මහා ගොඩක් ඇඳුම් ඕන නෑ.තියන ඇඳුම හෝදලා අඳින්න.සපත්තු වලින් කුණු වුණු මීයෙක්ගේ ගඳ එන්න නොදි ඒවා හෝදා ගන්න කියලා ආදරෙන් මතක් කරන්න ඔබට පුලුවන් වෙන්න ඕන.

පිරිසිදු බව,පිලිවෙල හා ජීවිතේ පිලිබද නිවැරැදිව සැලසුම් කිරීම වගේ දේවල් තමයි කාන්තාවක් ආකර්ශනය ගන්න පුලුවන් අංක එකේ සුදුසුකම් කියලා ඔහුගේ ඇස් අරවන එක ඔබේ වගකීමක්. සන්ලයිට් කැල්ලකින් ජීවත් වෙන එල කොල්ලෙක් කියලා ෆේස්බුක් එකේ ලියන්න ඕනෑ නැහැ.ෆේස්වොෂ් එකක්, සබන් කෑල්ලක්,ෂැම්පු එකක්,පර්ෆියුම් එකක් පාවිච්චි කරලා පිරිසිදුව ඉන්න ඔහුව උනන්දු කරන්න.එය ඔහු සමඟ ජීවිතේ බෙදා ගන්න ගැහැනියට කරන ගෞරවයක් බව වටහලා දෙන්න.

ඒ වගේම තමයි,ඔබ ආදරේ කියල අපහසුතා විඳිය යුතු නැහැ.සියල්ල සම්පූර්ණ තැනක පවා අපිරිසිදුකම රජ කරනවා නම් එය ඔබට මානසික වදයක් වෙන්න පුලුවන්. කෙලින් කතාබහ කිරීම,පවුල් උපදේශන බොහෝ ගැටලු වලට ඉතා සරල විසඳුම් සොයා දෙන බව හිතේ තියා ගන්න

Related Articles

Popular Articles

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content