බර අඩු කර ගැනීම සඳහා අනුගමනය කළ හැකි diet plan අතුරින් vegetarian diet plan කියන්නෙත් තරමක් විශේෂිත එකක්.මෙම ඩයට් ප්ලෑන් එකට මස් මාළු ඇතුළු කිසිදු සත්ව ආහාරයක් අඩංගුකර නැති අතර සාමාන්‍යයෙන් නිර්මාංශික අයට මෙම ඩයට් ක්‍රමය පහසුවෙන් අනුගමනය කළ හැකිය.
vegetarian diet plan එකකදී සාමාන්‍යයෙන් අවධානය යොමු කරන්නේ පලතුරු, එළවළු ,ධාන්‍ය වර්ග ,රනිල කුලයට අයත් ඇට වර්ග වලටය. මෙම ආහාර තන්තු ක්ෂුද්‍ර පෝෂක සහ ශාක සංයෝගවලින් පොහොසත් වන අතර සත්ත්ව ආහාර වලට වඩා කැලරි සහ මේදය ප්‍රමාණවලින් අඩුය.ඒ වගේම මෙම ඩයට් ක්රමයෙහි පෝෂ්‍ය පදාර්ථ බහුල බැවින් හෘද රෝග ,සමහර පිළිකා, දියවැඩියාව සහ රුධිර පීඩනය වැනි රෝගයන් වල අවදානම අඩු කරයි.
කෙසේ වෙතත් මෙම diet plan එක අනුගමනය කිරීමෙහි ප්රතිලාභ රඳා පවතින්නේ ඔබ ගන්නා ආහාර වේල මතය.
පළවෙනි දිනය
උදෑසන ආහාරය – ඇපල් ,රටකජු බටර් , ඕට්ස් කෝප්ප එකක්
දිවා ආහාරය – එළවළු සලාදයක් , අලිගැටපේර ගෙඩියක්
රාත්‍රී ආහාරය – සම්පූර්ණ ධාන්‍ය පාන් පෙති දෙකක් , එළවළු සුප් කෝප්ප එකක් ,ග්‍රීක යෝගට් එකක්
සුලු කෑම – ආමන්ඩ් සහ dark chocolate
දෙවන දිනය
උදෑසන ආහාරය – එළවළු සලාද කෝප්ප එකක්
දිවා ආහාරය – රතු බත් කෝප්ප එකක් , එළවළු වර්ග දෙකක් , අවශ්‍ය නම් අලිගැටපේර යෙදූ සලාදයක්
රාත්‍රී ආහාරය – එළවළු නූඩ්ල්ස් කෝප්ප එකක්
සුළු කෑම – දොඩම්
තුන්වන දිනය
උදෑසන ආහාරය – අන්නාසි, ග්‍රීක යෝගට්
දිවා ආහාරය – එළවළු සුප් කෝප්ප එකක්
රාත්‍රී ආහාරය – එළවළු යෙදුම සම්පූර්ණ ධාන්‍ය පැස්ටා කෝප්ප එකක්
සුළු කෑම – ස්ට්‍රෝබෙරි හෝ blueberry
හතර වන දිනය
උදෑසන ආහාරය – සීනි රහිත ආමන්ඩ් කිරි , ඕනෑම බෙරි වර්ගයක් සහ කෙසෙල්
දිවා ආහාරය – එළවළු හෝ පලතුරු සලාද කෝප්ප එකක්
රාත්‍රී ආහාරය – තැම්බූ කැරට් ,තැම්බු , බ්‍රොකලි , තැම්බූ බෝංචි , දුඹුරු පාන් පෙති දෙකක්
සුළු ආහාර – අඹ හෝ කෙසෙල්
පස්වන දිනය
උදෑසන ආහාරය – ලුණු සහ ගම්මිරිස් යෙදු අලිගැටපේර මිශ්‍රණය සමග ටෝස්ට් කල දුඹුරු පාන් පෙති දෙකක් , යෝගට් එකක්
දිවා ආහාරය – එළවළු සලාද කෝප්ප එකක්
රාත්‍රී ආහාරය – එළවළු සහ හතු සුප් කෝප්ප එකක් , ටෝස්ට් කළ දුඹුරු පාන් පෙති දෙකක්
සුළු ආහාර – චෙරි හෝ ග්‍රීක යෝගට්
මෙම ඩයට් ක්‍රමය අනුගමනය කරන අතරතුරදී වැළකිය යුතු ආහාර මොනවාද ?
එළවලු බර්ගර් , මස් ආදේශක ,
ශීත කල අතුරුපස වර්ග
සුදු පාන් ,සුදු පැස්ටා වර්ග
කුකීස් ,පේස්ට්‍රි වර්ග , කේක් , බිස්කට් ,
සීනි යෙදූ පලතුරු යුෂ ,ශක්තිජනක බීම වර්ග ,සෝඩා ,සීනි යෙදූ තේ හෝ කෝපි
මීට අමතරව vegetarian diet plan එක සඳහා ඇතුලත් කල හැකි ආහාර වර්ග මොනවාද ?
පිෂ්ටය රහිත එළවළු – බ්‍රොකලි, බෙල්පෙපර් ,වට්ටක්කා ,හතු ,තක්කාලි ,වම්බටු ,කැරට් ,පිපිඤ්ඤා
පිෂ්ටය සහිත එළවළු – කඩල ,අර්තාපල්, ඉරිඟු
පලතුරු වර්ග – බෙරි වර්ග ,දොඩම්, කෙසෙල් , ඇපල් ,අන්නාසි ,මිදි ,අඹ
රනිල කුලයට අයත් බෝග – පරිප්පු, කළු බෝංචි
ඇට වර්ග – ආමන්ඩ්, වෝල්නට් , චියා බීජ, රටකජු
සෞඛ්‍ය සම්පන්න මේද – ඔලිව් තෙල්, පීනට් බටර්
සැලකිලිමත් විය යුතු කරුණු
ඩයට් ප්ලෑන් එක අනුගමනය කරන අතරතුර ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්න
ඔබේ ශරීරයේ බර අනුව ඔබට ගැළපෙන ව්‍යායාම ක්‍රම තෝරාගෙන ඒවාහි යෙදෙන්න
ඩයට් ප්ලෑන් එක අනුගමනය කිරීමට පෙර ඔබේ වෛද්‍යවරයා ලවා ඔබේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරවා ගන්න