හිතුමතේ Food Supplement (ආහාර අතිරේක) ලබා ගැනීමට පෙර මේ කරුණු දැනගන්න

Food Supplement හෙවත් ආහාර අතිරේක ගැන බොහෝ කාන්තාවන් උනන්දු වෙනව. සම පැහැපත් කර ගැනීම , හිසකෙස් වර්ධනය වැනි සාමාන්‍ය රූපලාවණ්‍ය අවශ්‍යතා මුල් කරගෙන Food supplement හෙවත් විවිධ ආහාර අතිරේක භාවිතයට බොහෝ දෙනෙක් උනන්දු වුනත් ඔබේ නිරෝගී බව සදහා ඉතා වැදගත් කාර්‍යක් කල හැකි පෝශණ සංඝටක රැසක් පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව මේ තුලින් ලැබෙනව. නමුත් ඒ නිවැරැදි අවශ්‍යතාව මත නිසි වෙද්‍යවරයෙක්ගේ උපදෙස් මත ඔබ ලබා ගන්නා නියමිත ප්‍රමිතිය අනුව නිශ්පාදනය වු ආහාර අතිරේකයක් ලබා ගත හොත් පමණයි.

කාර්‍යබහුලත්වය සමග ආහාර අතිරේක භාවිතය

ඔබ ගෙවන කාර්යබහුල සහ නවීන ජීවන රටාවත් එක්ක ඔබ ගන්නා ආහාර වලින් ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීම තරමක් අභියෝගාත්මක වෙන්න පුළුවන්. නමුත් ශරීරයේ නිසි ක්‍රියාකාරිත්වයට දෛනිකව අවශ්‍ය වන නිර්දේශිත පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් තිබෙනවා. ඒ අවස්තවේදී තමයි බොහෝ දෙනෙක්ගේ උදව්වට මේ ආහාර අතිරේක පැමිනෙන්නේ. මෙරට පමණක් නොවෙයි බටහිර රටවල පවා සිරුරට අවශ්‍ය නිසි පෝෂණය සම්පූර්ණ කර ගැනීම සඳහා ආහාර අතිරේක ලබා ගැනීමට බොහෝ දෙනා පුරුදුව සිටිනවා.විවිධ නාමයන් යටතේ වෙළෙඳ පොළේ තිබෙන ආහාර අතිරේක ලබා ගන්නා බොහෝ දෙනාට ඒවා පිළිබඳව හරි හැටි අවබෝධයක් නැහැ.ඒ නිසා අද අපි මේ ලිපියෙන් ආහාර අතිරේක ගැන වගේම ඒවායෙන් අපිට ලැබෙන ප්‍රයෝජන ගැනත් කතා කරන්න හිතුවා

මොනවද මේ ආහාර අතිරේක එහෙමත් නැත්තම් food supplements කියන්නේ ?

විවිධ වෙළෙඳ නාමයන් යටතේ වෙළඳපොලේ මිලදී ගන්නට ඇති මෙම ආහාර අතිරේක පෝෂණ අතිරේක කියලත් හැඳින්වෙනවා.food supplements වල කාර්යභාරය වන්නේ ඔබ පරිභෝජනය කළ ආහාර වලින් නොලැබෙන පෝෂණ කොටස් ශරීරයට ලබා දීමයි.

පෙති සහ කරල් ආකාරයට වෙළෙඳපළේ ඇති food supplements විවිධ සංයෝජන සහ මාත්‍රා වලින් තිබෙනවා.සමහර පෝෂ්‍ය පදාර්ථ වලින් නිශ්චිත ප්‍රමාණයක් පමණක් ඔබේ ශරීරයට අවශ්‍ය කරන නිසා මේවා වැඩි මාත්‍රාවකින් ලබා ගැනීම ඔබට අහිතකර ප්‍රතිඵල ගෙන දෙනවා.ඒ නිසා food supplements ලබා ගන්න කලින් ඔබ බොහොම සැලකිලිමත් වෙන්නට ඕනේ.ඔබට හිතනවානම් ඔබ ගන්නා ආහාර වලින් ශරීරයට ලැබෙන පෝෂණය ප්‍රමාණවත් නොවෙනවා කියලා, වෛද්‍යවරයෙක් මුණ ගැහිලා ඔබේ සෞඛ්‍ය තත්වය අනුව ඔබට ගැළපෙන food supplement එක තෝරාගන්න තෝරා ගන්න ඔබට පුළුවන් .

Food supplements අවශ්‍ය පුද්ගල කාණ්ඩ මොනවද ?

වයස අවුරුදු 50 ට වැඩි පුද්ගලයන්

වයස අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට බොහෝවිට පෝෂණ ඌනතා හටගන්න පුළුවන්.විටමින් ඩී ,විටමින් බී 12 සහ ෆෝලේට් ඌනතා මෙවැනි වයස් වල පුද්ගලයන්ට බහුලව ඇති වෙනවා.නමුත් මොවුන්ට වැඩි මාත්‍රා වල පෝෂණ කොටස් සහිත food supplements අහිතකර විය හැකි නිසා වෛද්‍ය උපදෙස් මත ඒවා ලබා ගැනීමයි වඩාත් සුදුසු වන්නේ.

නිර්මාංශික පුද්ගලයන්

මෙවැනි අයටත් ශරීරයට අත්‍යවශ්‍ය විවිධ පෝෂක කොටස් නොලැබී යා හැකි නිසා food supplements ලබා ගැනීමෙහි වරදක් නැහැ.

වයස අවුරුදු පහට අඩු දරුවන්

පෝෂ්‍ය පදාර්ථ වලින් සම්පූර්ණ වූ ආහාර වේලක් ලබා නොගන්නවා නම් හෝ සමහර ආහාර ගැනීමට රුචියක් නොදක්වනවානම් අවුරුදු පහට අඩු 5 ට අඩු දරුවන්ට වෛද්‍ය උපදෙස් මත food supplements ලබා දිය හැකියි

මව්වරුන්

ගැබිණි මව්වරුන්ට සහ කිරි දෙන මව්වරුන්ට විවිධ පෝෂණ ඌණතා ඇතිවන අවස්ථා දක්නට ලැබෙනවා.එවැනි අවස්ථාවල අදාළ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත පෝෂණ අතිරේකයන් ලබා ගන්නට පුළුවන්

රූපලාවණ්‍ය ගැටලු

වර්තමානයේදී වෙළඳ පොලේ බහුලව දක්නට ලැබෙන්නේ රූපලාවණ්‍ය ගැටලු වලට විසඳුම් දෙන food supplements ය. සම ,නිය සහ කෙස් ඉතා හොඳින් පවත්වාගෙන යාම සඳහාත් , සම දීප්තිමත් කරගැනීමට සහ සමෙහි වෙනත් ගැටලු සඳහාත් , හිසකෙස් වල ගැටලු සඳහාත් විසඳුම් දෙන food supplements බහුතරයක් කාන්තාවන් ලබාගන්නවා.නමුත් වඩාත් සුදුසු වන්නේ වෛද්‍ය උපදෙස් මත ඔබට ඇති ගැටළුව නිසි ආකාරයෙන් හඳුනාගෙන ඒවා ලබා ගැනීමයි

Food supplements වලින් ලැබෙන වාසි මොනවද ?

ශරීරයට නිසි පෝෂ්‍ය පදාර්ථයන් ලබාදෙයි

food supplements ලබාගැනීමෙන් ඇති ප්‍රධානම වාසිය මෙයයි.සමබර ආහාර වේලක් හෝ ශරීරයට අත්‍යවශ්‍ය නිසි පෝෂ්‍ය පදාර්ථ සහිත ආහාර වේලක් ලබා නොගන්නා පුද්ගලයන්ට food supplements මඟින් ඉදිරියේ දී ඇතිවිය හැකි පෝෂණ ඌනතා අවම කරගන්න පුළුවන්.කෙසේ වෙතත් food supplements ලබා ගැනීම මගින් ශරීරයේ ඇති සියලුම විටමින් සහ ඛනිජ ඌනතාවයන් එකවරම පහව යන්නේ නැති නිසා ඔබේ ආහාර වේල ක්‍රම ක්‍රමයෙන් වෙනස් කර ගැනීමට උනන්දු වීම මගින් ඔබේ ශරීර සෞඛ්‍යය නිසි ලෙස පවත්වා නිසි ලෙස පවත්වා ගැනීමටත් නිසිලෙස පවත්වා ගැනීමට උපකාරී වෙනවා.

ශරිරයෙ ශක්ති මට්ටම වැඩි දියුණු කරයි

food supplements ලබා ගැනීම මගින් වෙහෙසකර ක්‍රීඩාවකින් හෝ ව්‍යායාමයකින් පසුව ඔබේ ශරීරය ඉක්මනින් සුවපත් කරනවා.එනම් , ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් ශරීරයෙ දැනටමත් තිබෙනවා නම් ඔබ ඉතා වෙහෙසුණු පසුවත් උඹේ මාංශපේශීන් සහ අස්ථීන් වල දැනෙන වේදනාව අවම කරනවා.ඒ වගේම ඔබ ඉක්මනින් වෙහෙසට පත් වීමත් අවම කරනවා.

හෘද රෝග අවම කරයි

ඔමෙගා 3 අඩංගු food supplements මේ වන විට වෙළෙඳ පොළේ ඕනෑ තරම් තිබෙනවා.වෛද්‍ය උපදෙස් මත ඒවා ලබා ගැනීම මගින් හෘද රෝග අවම කරන බව පර්යේෂණ මගින් අනාවරණය කරගෙන තිබෙනවා.ඔබේ හදවත යනු ඔබේ ශරීරයේ වැදගත්ම කොටස් වලින් එකක් නිසා නිවැරදි ආහාර අතිරේකයක් ලබා ගැනීම මගින් එහි ක්‍රියාකාරීත්වය හොඳින් පවත්වාගෙන යාමට ඔබට හැකියාව තිබෙනවා

ඇස් පෙනීම වැඩි දියුණු කරයි

මැදි වයස පසු කරන පුද්ගලයන්ගේ ඇස් පෙනීම දුර්වල වන බව අප සාමාන්‍යයෙන් දන්නා කරුණක්.නමුත් වර්තමානය වන විට සමහර පෝෂණ ඌනතා හේතුවෙන් තරුණ වයසේ පසුවන අයගේ පවා ඇස් පෙනීම දුර්වල තත්ත්වයට පත්වනවා.කෙසේ වෙතත් හොඳ තත්වයේ food supplement එකක් මගින් අක්ෂි පරිහානිය වැනි තත්ත්වයන් මගහරවා ගන්න ඔබට පුළුවන්

නිර්මාංශ අයට අවශ්‍ය පෝෂණය ලබා දෙයි

බොහෝ වෙලාවට විවිධ ඩයට් ක්‍රම අනුගමනය කරන අය ශාක මත පදනම් වූ ආහාර පමණක් ලබා ගැනීමට හුරු වී සිටිනවා.ඊට අමතරව විවිධ හේතූන් මත නිර්මාංශික වූ අයත් සිටිනවා.නිර්මාංශික වීම බොහෝ වාසි අත්කර දෙන නමුත් ශාක මත පදනම් වූ ආහාර මගින් සෑම විටම පුද්ගලයන්ට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලබා දෙන්නේ නැහැ.නිර්මාංශික අයට food supplement එකක අවශ්‍යතාවය දැනෙන අවස්ථාවක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.ඔබ නිර්මාංශික අයෙක් නම් වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඔබට ගැලපෙන food supplement එකක් ලබාගැනීම මගින් ඉදිරියේදී ඔබට ඇතිවිය හැකි පෝෂණ ඌනතා මගහරවා ගන්නට පුළුවන්

ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

ශරීරයට අත්‍යවශ්‍ය පෝෂ්‍ය කොටස් නොලැබී යාම නිසා බොහෝ විට ඔබේ ශරීරය දුර්වල වන්නට පුළුවන්.ශරීරය දුර්වල වීම යනු ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ,ඔබට වැළඳෙන විවිධ ලෙඩ රෝග සහ ආසාත්මිකතා හමුවේ නිසි ලෙස ක්‍රියා නොකිරීමයි.food supplement එකක් ලබා ගැනීම මගින් මේ තත්ත්වයන් මඟහරවා ගන්න ඔබට පුළුවන්

කෙසේ වෙතත් වෙළෙඳ දැන්වීම මතම පදනම් වී හිතුමතේ food supplement තෝරා ගැනීම ප්‍රථිඵලදායක නොවිය හැකි. ඒ නිස ඔබේ අවශ්‍යතාව අනුව නිසි වෛද්‍යවරයකුගේ උපදෙස් පරිදි ගුණාත්මකභාවයෙන් යුතු ආහාර අතිරේකයක් ලබා ගැනීමට සැලකිලිමත් වෙන්න.

Related Articles

Don't Miss


Latest Articles