උදෑසන පිටි කිරි වීදුරුව වෙනුවට ගුණදායි සෝයා කිරි

වර්තමානයේ බොහෝ දෙනා උදෑසන කාලයේදී පිටිකිරි හෝ කිරි තේ පානයට පුරුදුවී සිටිනවා . නමුත් මේවායෙන් ශරීරයට ලැබෙන්නේ මොනවාද යනුවෙන් බොහෝ දෙනාට නිසි අවබෝධයක් නැහැ. තබා ගැනීමේ ද්‍රව්‍ය ඇතුළු තවත් බොහෝ කෘතිම දෑ අඩංගු පිටිකිරි භාවිතයට හුරු වනවාට වඩා ශරීරයට ගුණදායක පානයකට හුරුවීම මගින් ඔබට සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් අත්කර ගන්නට පුළුවන්.පිටි කිරි පානය කරනවා වෙනුවට ඔබට මාරු වෙන්නට පුළුවන් පෝෂ්‍යපදාර්ථ සහ සෞඛ්‍ය ප්‍රතිලාභ අතින් ඉහළ තැනක සිටින සෝයා කිරි පානය ගැනයි මේ ලිපියෙන් ඔබට කියන්නේ.


මොනවද මේ සෝයා කිරි කියන්නේ ? 

සෝයා කිරි කියන්නේ වැඩි පෝෂ්‍යපදාර්ථ සහිත කොලෙස්ටරෝල් රහිත ශාක පදනම් වූ පානයක්.සෝයා කිරි සාදනු ලබන්නේ සෝයා බෝංචි හෝ සම්පූර්ණ මේද සෝයා පිටි වලින් වන අතර එය පෝෂ්‍යදායි රසයකින් සමන්විත වනවා.බොහෝ නිර්මාංශික අය විසින් එළකිරි වෙනුවට ආදේශකයක් ලෙස සෝයා කිරි පානය කරන්නට පුරුදු වී සිටින අතර එය කිරි නිෂ්පාදන වලට වඩා දිගු ආයු කාලයක් සහිත ටෝෆු නිෂ්පාදනය නිෂ්පාදනයේ අතරමැදි නිෂ්පාදනයකි.
සෝයා කිරි ප්‍රෝටීන් ,තන්තු ,කැල්සියම් , යකඩ , මැග්නීසියම් ,පොටෑසියම් ඇතුළු පුළුල් පරාසයක විටමින් සහ ඛනිජලවණ වලින් සමන්විත වනවා.


සෝයා කිරිවලින් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ මොනවාද ? 

පිළිකා අවදානම අඩු කරයි 


සමහර පර්යේෂණවලින් පෙන්නුම් කර ඇති ආකාරයට ළමා කාලයේදී සහ නව යොවුන් වියේදී සෝයා ප්‍රෝටීන් ලබා ගැනීම මගින් පියයුරු පිළිකා අවදානම සැලකිය යුතු ලෙස අඩු කරන බවයි.ඊට අමතරව මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ පාර්ක්විල් නැමැති පර්යේෂකයා විසින් කරන ලද අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ පුරස්ථි ග්‍රන්ථි වල උඹලා ඇතිවිය හැකි පිළිකා අවදානම අඩුකළ හැකි බවයි.


ඔස්ටියෝපොරෝසිස් වළක්වා ගත හැකියි

සෝයා සහිත ආහාර සහ සෝයා කිරි පරිභෝජනය මගින් අස්ථි සෞඛ්‍ය වැඩි දියුණු කිරීමට සහ ඔස්ටියෝපොරෝසිස් වළක්වා ගැනීමට හැකිවන බව බොහෝ අධ්‍යයන වලින් සොයාගෙන ඇති අතර දිනකට වරක් සෝයා කිරි පරිභෝජනය කරන කාන්තාවන්ට ඔස්ටියෝපොරෝසිස් අවදානම 50% කින් අඩු වන බවද තවත් පර්යේෂණ මගින් සොයාගෙන තිබෙනවා.සෝයා කිරි වල කැල්සියම් බහුල නිසා අස්ථි ශක්තිමත්ව තබා ගැනීමටත් ,ඒවායේ ව්‍යුහය නොවෙනස්ව පවත්වා ගැනීමටත් අස්ථි බිඳීමේ අවදානම අඩුකර ගැනීමටත් හැකියාව තිබෙනවා


ව්‍යායාමවලින් පසුව ඔබේ ශක්තිය නැවත ලබා දෙයි

 
ව්‍යායාම කිරීමෙන් පසුව ඔබේ ශරීරයේ මේදය සහ කැලරි දහනය වී අපි තරමක් වෙහෙසටත් පත්වනවා.එම නිසා ව්‍යායාම වලින් පසුව ඔබ ප්‍රකෘතිමත් වීම අත්‍යවශ්‍යයයි.සෝයා කිරි යනු ව්‍යායාම වලින් පසුව ඔබට නැවත යථා තත්ත්වයට පත්විය හැකි පරිපූර්ණ පානයක්.සෝයා කිරි වල අඩංගු රයිබොෆ්ලැවින් මගින් ව්‍යායාම කිරීමෙන් පසු ඔබේ නැතිවී ශක්තිය ඔබට නැවත ලබා දෙයි 


විශාද නාශකයක් ක්‍රියා කරයි 


සෝයා කිරි පරිභෝජනය මගින් ඔබේ මනෝභාවයන් වැඩිදියුණු කළ හැකිය.ඔබේ මනෝ භාවය වැඩි දියුණු කිරීමට උපකාරී වන විටමින් බී 6 සංඝටක සෝයා කිරි වල අඩංගු වේ . මීට අමතරව සෝයා කිරි මැග්නීසියම් වලින් පොහොසත් වන අතර එය ඔබේ මනස සඳහා විශාද නාශකයක් ලෙස ක්‍රියාකරන ඔබේ ශරීරයේ සෙරොටොනික් හෝමෝනය මුදාහරියි 


ආර්තවහරණයේ රෝග ලක්ෂණ අඩු කරයි

 
ආර්තවහරණයේදී, කාන්තාවකගේ ස්වාභාවික ඊස්ට්‍රජන් නිෂ්පාදනය අවම මට්ටමකට පහත වැටෙනවා.ඊස්ට්‍රජන් ප්‍රමාණය හදිසියේ අඩුවීම ආර්තවහරණයට පත් කාන්තාවන්ට සෞඛ්‍ය ගැටලු ගණනාවක් ඇති කරනවා.සෝයා කිරි වල ඇති phytoestrogens මගින් ආර්තවහරණයේදි ඇතිවිය හැකි හෘද රෝග , දියවැඩියාව සහ තරබාරුකම වැනි රෝග ගනනාවකින් සහ නින්ද නොයාම ,මානසික අවපීඩනය, මනෝභාවය වෙනස් වීම වැනි තත්වයන් වලින් සහනය ලබා දෙනවා.මාස තුනක පමණ කාලයක් සෝයා කිරි  පරිභෝජනය කිරීම මගින් ශරීරයෙ ප්‍රතිඔක්සිකාරක මට්ටම වැඩි දියුණු කළ හැකි අතර පශ්චාත් ආර්ථවහරණයෙන් පසු කාන්තාවන්ගේ ආර්තවහරණයේ රෝග ලක්ෂණ අඩු කිරීමට හැකිවේ 


බර අඩු කර ගත හැකියි 


සෝයා කිරි පරිභෝජනය මගින් විශේෂයෙන්ම ඉණ වටා ප්‍රදේශය අඩු කර ගැනීමට හැකියාව තිබෙනවා.එයට හේතුව වන්නේ තරබාරු සහ අධික බර ඇති පුද්ගලයන්ගේ ඉන වටා ප්‍රදේශය අඩු කිරීමේදී ශාක පදනම් වූ පාන ප්‍රධාන කාර්යභාරයක් ඉටු කිරීමයි.ඒ වගේම සෝයා කිරි වල අඩංගු තන්තු මගින් ඔබට වැඩි කාලයක් පූර්ණ හැඟීමක් දනවන නිසා ඔබේ කුසගින්න පාලනය වී ඔබ ආහාර ගන්නා ප්‍රමාණය ද අඩු කරනවා.


හෘද සෞඛ්‍ය වැඩි දියුණු කරයි 


සෝයා කිරි යනු ඔබේ ශරීරයේ හොඳ කොලෙස්ටරෝල් මට්ටම වැඩි දියුණු කරන සහ හෘද රෝග වලක්වන නිෂ්පාදනයකි.සෝයා කිරි මගින් මිනිස් ශරීරයේ ප්ලාස්මා ලිපිඩ මට්ටම වැඩි දියුණු කරන අතර පසු කාලීනව හෘද රෝග ඇතිවීමේ අවදානම අඩු කරයි.සෝයා කිරි විටමින්, ඛනිජ ලවණ , බහු අසංතෘප්ත මේද වලින් පොහොසත් නිසා එමඟින් හෘද සෞඛ්‍ය  වැඩි දියුණු කරයි 

නිවසේදී සෝයා කිරි සකස් කර ගන්නේ කොහොමද ?
අවශ්‍ය වෙන්නේ මේ දේවල් 

සෝයා බෝංචි අවුන්ස 10 වතුර කෝප්ප 12 ලුණු හෝ සීනි ස්වල්පයක් 

හදන්නේ මෙහෙමයි 

  • සෝයා බෝංචි එක රැයක් පුරාවට පෙගෙන්නට තබන්න 
  • හොඳින් පෙඟුනු සෝයා බෝංචි හොඳින් සෝදා වතුර කෝප්ප 12 සමග විනාඩි දහයක් පමණ තම්බා ගන්න 
  • තම්බාගත් සෝයා බෝංචි එම ජලය සමග හොඳින් බ්ලෙන්ඩ් කරගන්න 
  • එම මිශ්‍රණය තවත් විනාඩි කිහිපයක් අඩු ගින්දරේ ලිප තබා උතුරවා ගන්න
  •  ඔබට අවශ්‍ය පමණට ලුණු හෝ සීනි ස්වල්පයක් අවසානයට එකතු කරගන්න

කෘතිම රසායන ද්‍රව්‍ය සහ කල් තබා කල් තබාගැනීමේ ද්‍රව්‍ය යෙදූ පාන වලට හුරු වනවාට වඩා ශරීරයට ගුණදායක මෙන්ම සෞඛ්‍යමය වාසි රැසක් ලබා දෙන පානයකට හුරු වීම කොයි තරම් හොඳ දෙයක්ද කියලා දැන් ඔබට වැටහෙනවා ඇති. Smart  කාන්තාවක් වන ඔබ ඔබේ සහ පවුලේ අයගේ සෞඛ්‍ය ගැන විමසිලිමත් වන කෙනෙක් නම් මේ ලිපිය ඔබට බොහොම ප්‍රයෝජනවත් වේවි 

Related Articles

Don't Miss


Latest Articles