නොකියූ රහස

ඇයට නොකියු රහස

ඒ ෆිල්ම් එක මරු නේද මැණික …

ෆිල්ම් එක ඇතුලේ තමත් ජිවත් වෙන වරංගනා කිව්වේ සදිශාන්ගේ මුහුණට එබිගෙනම කිවේය.

ඒ ෆිල්ම් එකෙ වගේ අපි දෙන්නාත් ජීවිතේ ගොඩක් දේවල් බෙදාගන්නවා නේද… කතා කරනවා… මම ආසායි මේ ජිවිතේට… ඒ හැම දේම ඔයා නිසානේ ඉතින්…

වරංගනා ආදර සුසුම් හෙලා සදිශාන්ගේ මුහුණ සිප ගත්තා.

සදිශාන් හිනාවෙමින් වරංගනා දෙස බලා කවටකමින්

ඔයා ඔයාගෙ ජීවිතේ හැමදේම මට කියල තියෙනවද?

ඔයා අහන්න මගෙ ආදර කතා ගැන නම් ඒ ඔක්කොම මම ඔයාට කියලා තියනවා.

වරංගාන ඒ ප්‍රශ්නේම ටිකක් වෙනස් විදියකට සදිශාන්ගේනුත් අහන්න ඔනේ වුනේ ඒකට උත්තරයක් ඔහුගෙන් දැන ගැනිමේ ආශාව නිසයි.

හරි ඔයා මතක් කරන්නකෝ ඔයා මට නොකිව්ව ආදර කතා තියනවාද කියලා..?

සදිශාන් වරංගනා නොහිතපු මොහොතක අහමු ප්‍රශ්නේ ගැන කල්පනා කරා

මොකෝ අනේ සද්ද නැත්තේ තියනවාද කියන්නකෝ….

එයට උත්තර නොඳි සිට වරා දෙසට හැරි

හරි ඔයා ගිහිං තේ එකක් හදාගෙන එන්නකෝ

ඒ කියන්නේ මොකක් හරි තියනවා. සදිශාන් නිතරම ඇය සමඟ විහිලු කරන නිසා ඇය එය බරපතල ලෙස නොගත්තේය.

ඇය තේ එක්ක හදන්නට කුස්සියට ගිය අතර සදිශාන් හිටි තැනම වාඩි වී කල්පනා සාගරයක කිමිදෙමින් සිටියා. ලොකු බරක් නිදහස් කර ගැනිමට හැරසෙන මෙන් ඔහුගේ මුහුණ සැරසී තිබුණි.

වරංගනා තේ කෝප්ප දෙකක් සමඟ නැවත පැමිණියා. සදිශාන්ගේ කල්පනා සහගත මුහුණ ඇයට ප්‍රශ්න මතු කරන්නට විය.

හරි දැන් කියන්නකෝ ….. වරා සදිශාන්ට ඇවිටිලි කරා.සදිශාන් දිග සුසුමක් හෙලා කතාවක් කියන්නට සැරසුණි.

හැබැයි ඔයා මේක අහලා පිස්සියෙක් වගේ නටන්න ලැස්ති වෙන්න එපා.

සදිශාන් කියපු දේ නිසා වරා සිතින් පොඩ්ඩක් කලබල වුණා.

හරි හරි මට කියන්නකෝ…

ඇය එසේ කිව්වේ සදීශාන් සමඟ ගෙවන ජීවිතයේ ඕනම දෙයක් ඇය දරා ගන්නට හැකිය යන විශ්වාසය තිබුණු නිසාය.

සුදුව මතකද?

අපි මැරි කරන්න කලින් අම්මා ඔයාට ගෙනවා ප්‍රොපෝසල් එකක කෙල්ලේක් නේද ? ඉතින් එයා මැසේජ් කරලා මට අහුවෙලා ඔයා එක නතර කරානේ

වරා මතක අවාර්ජනය කරමින් කියවගෙන ගියාය.

ඒක එතනින් ඉවර වුනේ නැ.

සදිශාන්ගේ එ් වචන ඇහුණ ගමන් වරා පපුවට අත තියා ගත්තේ පපුව ඇතුළින් ඉඳිකටු අනිනවා මෙන් දැණුනා නිසායි. ඇය තුළ සිදු වන වෙනස සදිශාන්ට සැඟවීමට උත්සහ කරේ කතාව තවම පටන් ගත්තා පමණක් නිසායි.

සදීශාන් නැවත කතාව කියන්නට පටන් ගත්තා.

ඒ දවස්වල අපේ අම්මාගේ බර බාරේ නිසා ඔයා මාත් එක්ක නිතරම රංඩු කරලා තරහා වෙනවානේ…ඉතින් මම සුදු එක්ක කතා කරන්න මැසේජ් කරන්න පටන් ගත්තා ඒක නිසා. මම හිතුවේවත් නැති විදියට සුදූ මට ලව් කරන්න ගත්තා.ඒත් මම එයාට කියලා තිබුණේ අපිදෙන්නගේ සම්බන්දෙ ගැන… මොන දේ වුණාත් මම ඔයාට තමයි ආදරේ කියලා මං කිව්වා. එහෙම කියද්දිත් එයා මැසේජ් කරනවා හොයලා බලනවා. ඒ අතරේ තමයි අපි දෙදෙනා ප්‍රශ්න ඔක්කෝම අමතක කරලා බයික් එකේ දවස් හතරක ටැවල් කරන්න ගියේ.. ඒ අතරේත්ත සුදු මැසේජ් කරනවා

වරා හිරි වැටිලා මෙන් සදිශාන්ගේ කතාව අහගෙන හිටියාය.ඒ දවස් හතරට වරා ආදරේ කලේ පිස්සියෙක් වගේ සදිශාන් එක්ක ගොඩක් ආදරේන් ආදරණිය මතකයන් වරාගේ හිතේ පැලපදියන් වෙලා තිබුණු දවස් ටිකක් ඒ දවස් හතරේදිත් එයා වෙන කෙල්ලේක්ට කතා කරලා තියනවා කියලා කියද්දි වරා හිතේ සදිශාන් ගැන පිලිකුලක් ඇති වුණා. වරා එක පරටම කතාවට බදා කරමින් ගොත ගහමින්

අම්මෝ ඔයා මාර වෙස් මුණක්නේ දාගෙන ඉදලා තියෙන්නේ…

අනේ වරා ඔයා ඔහොම වෙනවා නම් මම කියන්නේ නැ…. (සදිශාන් තේ කෝප්පය අතට ගෙන තේ උගුරක් ගිල දැම්මේය.)

මම හැඟිම් දැනිම් නැති පිලිමයක් නෙමෙයි මැණික කියන්න පටන් ගත්ත කතාව කියලා ඉවර කරන්න….

සදිශාන් වරදකරි හැඟිමකින් අසරණ වුවා සේ සිටියද වරාගේ ඇවටිල්ලා හා කතාව වරාට පවසා නිසදහස් විමේ අරමුණින් නැවත කතාව පටන් ගත්තා.

මම එයාට කිව්වට ඇහුවේ නැ ඔයාට එක්ක ඉන්නේ කියලා.. මම ඔයාට හොරෙන් කතා කරලා කිව්වා අයේ ගන්න එපා කියලා.. එයා කියනවා අනේ මාවවයි අක්කවයි දෙන්නම ඔයාට බලා ගන්න බැරිද අනේ මම අක්කට කෝල් කරලා අහන්නද කියලා … මට ඒ වෙලාවේ මගේ ෆොන් එක off කරා..

මම ඊට එන මැසේජ් වලට කෝල් වලට අන්ස්ර් කරේ නැ. අපි මැරි කරන්නට ඉස්සේල්ලා දවසේ මම කෝල් එකක් ගත්තා එයාට අපි මැරි කරනවා කියලා කිව්වා. සුදු ඇඬුවා හොඳටම… ඊට පස්සේ මැරි කරලා මාස තුනකින් පස්සේ ගමේ සුදුගේ නෑදෑයෙක් වෙන මාගේ යාළුවෙක්ගෙන් මම සුදු ගැන ඇහුවම තමයි මාව ශෝක් වෙලා ගියේ.

වරාට කුතුහලයෙන් “ඇයි මොකද වුණේ” .

මං මැරි කරාට පස්සේ කෙල්ලගේ ඔළුව අවුල් වෙලා මෙන්ටල් හොස්පිටල් එකේ ඉඳලා තියනවා.

වරාට එක පාරටම සදිශාන්ට ආදරේ කළ සුදු ගැන ඇති වුණේ දාරාගත නොහැකි දුකකි.

දෙවියනේ……

සදිශාන් සුසුම්වල ගිලෙමින් සිටියය. වාරට සදිශාන්ගෙන් අහන්න ප්‍රශ්න රාශියක් ඔළුව ඇත.

ඒ ළමයට එහෙම වුණේ ඔයාගේ ආදරේ නිසානේ. අනික එහෙම දෙයක් වෙන්න තරම් තිබුණා සම්බන්දේ පොඩි එකක් වෙන්න බැනේ..

වරංගනා හිතේ කැකෑරෙන ප්‍රශ්නය සදිශාන් වෙතට යොමු කරේ ඔහු ගැන කලකිරිමෙණි.

එහෙම ලොකු සම්බන්දයක් අපි අතර තිබුණේ නැ. එයා මට ආදරේ කලේ මම ඔයාට ආදරේ කරන විදියට කැමති වෙලා.. එයා එක්ක කතා කරන්නේම ඔයා ගැන මම එයා එක්ක ලොකු සම්බන්දයක් තිබුණ නම් ඇයි ඔයාව මැරි කරන්නේ.

ඒ කතාව වරාට මේ වෙලාවේ තේරැම් ගන්න බැරි තරම් සංකීර්ණ විය.නමුත් රිදුණු හිතට ඒ වචන අස්වැසිල්ලක් විය.වරාට අවශ්‍ය වුණේ සුදුට කුමක් සිදුවුණා ද යන්න දැන ගැනිමයි.

ඊට පස්සේ සුදුට මොකද වෙලා තියෙන්නේ….

ඊට පස්සේ අර කොල්ලා කිව්වා මේ ලඟදි සුදු මැරි කරා කියලා….

සදිශාන් සැනසුම් සුසුම් හෙලුවාය. අනතුරුව වරංගනාගේ අත දෙකෙන් අල්ලාගෙන

” මේ අහන්න මැණික මට සමාවෙන්න මේච්චර කාලයක් මේක ඔයාට කියපු නැති එකට මට බය හිතුණා ඔයා වගේන් ඇත්වෙයි කියලා. ඒත් දැන් ඔයා එහෙම නැ ඔයාට එක තේරුම් ගන්න පුලුවම් කියලා මන් හිතනවා. මට මාර නිදහසක් දැනෙනවා අවුරුදු ගණාක් හිතේ තියාගෙන හිටිය එකම රහස ඔයාට කියලා මං නිදහස් වුණා තැන්ක්ස් අහගෙන හිටියට”

වරාගේ ඇස් වලින් කදුලු කැට වැටෙන්නට විය. ඇය සදිශාන් ගැන ඇගේ හිතේ ගොඩනඟා ගෙන හිටිය පැන්ටසිය බිඳ වැටිණි. සදිශාන් යනු ඇගේ මුළු ජිවිතයටත් වඩා ආදරය කරන ආදරයයි. තවද ඇය තුළ ඔහු කෙරේ තරහක් ඇති කරේ තවත් කෙල්ලේක් දුකක් දුන් නිසාවෙනි. ඇගේ හැඬුම අතරින් හඬ අවදි කරම්න්

තැන්ක් යු අවුරුදු දෙකක් ගියාට පස්සේ හරි මට මේ කතාව කීව එකට. ඇත්තටම මට ඔයා ගැන තරහයි. මට දුක සුදු ගැන. පව් ඒ කෙල්ල…

මට සමාවෙන්න මැණික….

කියමින් සදිශාන් වරාගේ ඇස් වල කදුලු මිස දමමින් ඇය තුරුලුකර ගත්තය. සදිශාන් බර නිදහස් කර ගත් අතර වරංගනා බරත් උහුලාගැනිමට තවමත් වෑයම් කරයි.

ධනුෂිකා විතානගේ

More Stories

Don't Miss


Latest Articles