ආරාධිතයන්ට පූර්ණ එන්නත් සහතික අනිවාර්ය වූ කත්‍රිනාගේ විවාහය.

බොලිවුඩයේ තාරකා යුගලයක් වූ කත්‍රිනා කායිෆ් සහ විකී කෞෂාල්ගේ විවාහ ගිවිස ගැනීම පැවැත්වූයේ පසුගිය දෙසැම්බර් නව වෙනිදා.ඒ විවාහය ගැන තවමත් කතාබහට ලක්වන්නේ එහි පැවැති අපූරු නීතිරීති හේතුවෙන්.

සවායි මධෝපූර් දිස්ත්‍රික්කයේ දී පැවති විවාහ මංගල්‍යයට පෙර, උත්සවයට සම්බන්ධ සියලුම වාහනවල ඒ සම්බන්ධයෙන් ස්ටිකරයක් ඇලවීමට විශේෂ උපදෙස් නිකුත් කර තිබුණ එසේම, විවාහ මංගල්‍යයට සහභාගී වන සියලුම දෙනාට පූර්ණ එන්නත් සහතිකය අනිවාර්ය වූ අතර PCR නෙගටිව් සහතිකයක් ද අත්‍යවශ්‍ය වුණා.විවාහ උත්සවයේදී කොවිඩ් මාර්ගෝපදේශ පිළිපැදීම සම්බන්ධයෙන් උපදෙස් ලැබී තිබුණා.නීතිය හා සාමය, ආරක්ෂාව, ගමනාගමනය, වාහන නැවැත්වීම ආදිය පිළිබඳව හෝටල් කළමනාකාරිත්වය සහ අනෙකුත් අදාළ නිලධාරීන් දැනුවත් කරන්නට පළාතේ බලධාරීන් පියවර ගත්තා.

මේ විවාහයෙන් ලෝකයට ලැබුණු ප්‍රධාන ආදර්ශය එය බව නොකියාම බැහැ.පූර්ණ එන්නත්කරණයට ලක් වීම ගැන තවමත් විවිධ සැක සංකා ඇති කර ගැනීම ලෝකයේ බොහෝ අයගේ ගැටලුවක්.එවැනි අවස්ථාවක මෙවැනි තීරණයක් ගැනීම මඟින් කත්‍රිනා කායිෆ් සහ විකී ලෝකයට ලබා දුන්නේ ආදර්ශයක්.

විවාහ මංගල්‍යයට බොලිවුඩයේ සහ අනෙකුත් ප්‍රසිද්ධ පුද්ගලයින් 120 දෙනෙකු සහභාගී වූවා. විවාහ මංගල්‍යයට සහභාගී වන අමුත්තන්ට විවාහ උත්සවය සම්බන්ධයෙන් තොරතුරු සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගැනීම සඳහා රහස් කේත ලබා දීම ද තරමක් වෙනස් වැඩක්.දෙසැම්බර් හත් වැනිදා ‘සංගීත්’ උත්සවය පැවැත්වූ අතර පසුදා ‘මෙහෙන්දි’ උත්සවය පැවැත්වූවා.දෙසැම්බර් දසවැනිදා පැවැත්වූ විවාහ උත්සවයෙන් පසු විශේෂ පිළිගැනීමේ උත්සවයක් පැවැත්වූ බව කියැවෙනවා.විවාහයට පෙරදින කත්‍රිනාට හා විකීට හෝටලයේ ඉහළම මිල ගණන් සහිත කාමර වෙන් කෙරුණු අතර ඒ එක් කාමරයක මිල ඉන්දීය රුපියල්වලින් ලක්ෂ හතක්.මල්, සැරසිලි, ආරක්ෂාව, ප්‍රවාහනය, ආහාර සහ සෆාරි සංවිධානය සමාගම් හතකට පැවැරුණා.ආරක්‍ෂක කටයුතු සඳහා දෙසැම්බර් පස්වැනිදා ජායිපූර් සිට බවුන්සර් 100ක් පැමිනුණා. ප්‍රභූ අමුත්තන්ගේ ආරක්‍ෂාව සඳහා රාජස්ථාන් පොලිසියේ නිලධාරීන්ද යෙදවූවා.Sixth sense fort Barwara කියන්නේ ඉන්දීය යුවතියන්ගේ සිහින පාරාදීසයක්.රජ පවුලකට අයත් රජමාලිගාවක් බව පැවසෙන මේ හෝටලය රාජස්ථානයේ මිල අධික තරුපහේ හෝටලයක්.කත්‍රිනා ඇඳ සිටි ලෙහෙන්ගා ඇඳුමේ නිර්මාණ අයිතිය හිමි වෙන්නේ සබයාචි මුඛර්ජි නම් ජනප්‍රිය ඉන්දීය විලාසිතා නිර්මාණකරුටයි.

කත්‍රිනා කායිෆ් සහ විකී අතර ඇති වයස් පරතරය මුලදී රසිකයින්ට ගැටළුවක් වුණත් දැන් නම් ඔවුන් ඒ අදහසින් මිදී අවසන්.කෞෂාල් යුවල රන් රස සේ ගැලපෙන බවට බොහෝ රසිකයන් අදහස් පළ කරනවා.සල්මන් ඛාන් සහ රන්බිර් කපූර් අතර අසාර්ථක ආදර සම්බන්ධතා වලට පසු කත්‍රිනා විකී සමඟ ප්‍රේමයෙන් බැඳෙනවා.

කත්‍රිනාගේ විවාහයේ ඡායාරූප ගැනීම ආරාධිතයන්ට තහනම් කිරීම ගැන සමහරු දොස් නැඟුවත් ඇගේ පෞද්ගලික තෝරා ගැනීම එය වුණා.බොලිවුඩයේ ජනප්‍රියම චරිත පවා ඇයට සුබ පැතුවේ ඇය විවාහ ඡායාරූප ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එකතු කිරීමෙන් පසුවයි.විවාහය සිදු වෙන තුරුම ඔවුන්ගේ සම්බන්ධතාවය මාධ්‍යයට හෙළි නොකරන්නටත් කත්‍රිනා සහ විකී ප්‍රවේසම් වුණා.

පසුගිය ජනවාරි දසවැනිදා විවාහයට මසක් සපුරමින් Happyyyyy one month my ❤️ ලෙස ඉන්ස්ටග්‍රෑම් සටහනක් තබන්නටත් කත්‍රිනා අමතක කළේ නැහැ.

ප්‍රේමය සහ විවාහය සම්බන්ධයෙන් වැඩි වැඩියෙන් පුවත් මවන්නට අකමැතිම සුන්දර විවාහයක් බොහෝ ධනස්කන්ධයක් වැය කරමින් සිදු කළ මේ සුන්දර යුවළ ආදරයෙන් සහ සතුටින් ජීවිතය රැගෙන යාවි.

වසංගත කාලයක සුන්දර විවාහයක් වසංගත සමයේ නීති රීතිවලට අනුවම පැවැත්වූ කෞෂාල් යුවලට ප්‍රේමයම උතුරා යන ජීවිතයක් ලැබේවා!

Related Articles

Don't Miss


Latest Articles