(අ) හිමි සිහින -60

ජීවිතය මොන විදිහකින් ගලාගෙන ගියත් විය යුතු බව මම නිතරම හිතුවා.හොඳ ස්ථාවර රැකියාවක් ලැබුණාම බොහෝ දෙනෙක්ගේ හීන දෙකක් තියනවා. ඒ වාහනයක් සහ ගෙදරක්! මට මගේ මව්පිය උරුමයෙන් ලැබුණු ගේ තියනවා.නමුත් රැකියාවක් කරන දවසකට කෙසේ හෝ වාහනයක් ගැනීමේ ආසාවක් මටත් තිබූ බව මම දවසක් ලිව්වා ඔබට මතක ඇති.ඉතින් මට වාහනයක සිහිනය සැබෑ කර ගන්න ඇත්තටම ඕනෑ වුණා.

මගේ ජීවිත කතාව කියවන්න ආදර්ශ ගන්න කියලා බොහොමයක් තරුණ නැගණියන් මට ලියා එවනවා.ඒත් මටත් සමහර වැරදුනු තැන් තිබුණා.මේ කියන්නේ එහෙම සිදුවීමක් ගැනයි මේ සිදුවීමෙන් වුණත් ඔබට ආදර්ශ ගත හැකි බව මම සිතනවා.තව කෙනෙක් වරදක් කරාම ඒක තදබල විවේචනයට ලක් කරන සමාජයක අපි ඉන්නේ.ඒත් විය යුතු වෙන්නේ ඒ වැරදි අපි පාඩමක් කර ගන්න එකයි.

ඒ කාලයේ මගේ වැටුප හරියටම රුපියල් පනස්දාහයි.මම වාහනයක් ගන්න හිතුවා.මම ඒ ගැන චමල් එක්ක කතා කරනකොට ඔහුත් එයට බොහොම සතුටින් එකඟ වුණා.ඔහුට දැනටමත් රියදුරු බලපත්‍රය තියෙන නිසා අපට වාහනයක් ගන්න එකේ කිසිම අවාසියක් ඇති බව මට පෙනුණේ නැහැ.

argue couple
Young couple arguing about their problems at home.

“ලීසින් එකට හැට අටදාහක් ගෙවන්න ඕන.”

අපි වාහනයක් ගන්න සූදානම් වෙනකොට අන්න එහෙම ගැටලුවක් ආවා.ඒකටත් අපි විසඳුමක් කල්පනා කළා.

“දවල්ට මම ගෙදර ඉන්නේ.අපි කැබ් සර්විස් එකකට වාහනේ දාමු.මට ඩ්‍රයිව් කරන්න පුළුවන්නෙ.එතකොට ඒ වාසියත් අපට තියෙනවා.”

චමල් යෝජනාවක් ගෙනාවා.මට ඒක ස්ථිර කරන්න විතරයි තිබුණේ.මම වාහනය මගේ නමට මිලට ගත්තා.එදාම වාහනය කැබ් සර්විස් එකේ ලියාපදිංචි කරන්නත් මම වගබලා ගත්තා.

රැකියාවෙන් ඉවත්වෙලා තමන්ගේ වැටුප ලබා ගන්න ගමන් ගෙදර හිටපු චමල්ට ඔන්න දැන් අලුත් වැඩක් තියෙනවා.වැඩිය බීමට සහ මිතුරන් සමඟ සාදවලට නොයා ඔහු මේ කටයුත්ත හොඳින් කරයි කියලා මට විශ්වාසයක් තිබුණා.

සතියයි! හරියටම සතියයි!

චමල්ගේ cab service වැඩ එතනම නතර උනා.මම හේතුව අහනකොටත් ඔහුට හරිම අපූරු හේතුවක් තිබුණා නිදහසට කාරණා හැටියට කියන්න.

“මෙහෙමයි අනූ, මට මාර විදියට කේන්ති යන වැඩක් ඕක.අරහෙන් හෝන් ගහනව.මෙහෙන් හෝන් ගහනව.හයර් යන උන්ගෙ ලොකු ලයින්.උන් ප්‍රශ්න අහනව.මගෙ අතින් එකෙක් දෙන්නෙක් ගුටි කන්න කලින් මම වැඩේ නැවැත්තුවා..”

දැන් ඉතින් මොනවා කරන්නද! පනස්දාහක සැලරි එකක් ගන්න මම හැට අටදාහක ලෙහෙසි එකක් ගෙවන විදිය තමයි මගෙ ඔලුවට ආවේ.මම ඒත් මගේ ඉතුරුම් වලින් සහ ණය වලින් ලීසින් එක ගෙවාගෙන ගියා.

මේ වෙනකොටත් මම චමල් එක්ක විවාහ වෙලා නෑ.

දැන් ආපහු මේ කතාව මම ඔබට කියමින් හිටිය වෘත්තිය ජීවිතය පැත්තට හැරෙනවා.මට තරගයක් වෙනුවෙන් විදෙස්ගත වෙන්නට ඉඩ නොලැබීම නිසා මම රැකියාව කරමින් හිටිය ප්‍රමුඛපෙළේ සමාගම අත හරින්න මම තීරණය කළේ ඔය කාලයේදී.ඊට පස්සෙ මම අර තරගය වෙනුවෙන් සූදානම් වුණා.එහෙම අයින් වෙනකොට මට වැටුපක් නැති වෙනවා.ඒ සමාගමේ තරගකාරී සමාගමකින් මට ඒ වෙනකොට ආරාධනාවක් ඇවිල්ලා තිබුණා.ඒත් කරන දේ ගැන මම හරියටම තිබිලා තිබුණේ නෑ.

මම ඒ ගමන ගියේ තාත්තා සහ චමල් එක්ක.ඒ ගමනත් මට මහා අත්දැකීම් ගොඩක් ගෙනාව මරණය පෙනී නොපෙනී ගිය එකක් වුණා.සිංගප්පූරු ගමන මට ජීවිතය ගැන නැවත වතාවක් හිතා බලන්න දුන්නු ගමනක්.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles